Fiverr / Upwork වල ගැෆ්‍රික් වැඩ කරන කළුවනේ වරෙල්ලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    1745183936808.png

    මචංලා දැන් උඹලට පෙර සේම වැඩ එනවද මේ Platform වල. මම ගියඅවුරුද්දේ නොවැම්බර් වගේ ඉඳන් ඇප් එකට ලොග් උනේවත් නෑ. තේරුමක් නැති නිසා. දැන් මේ AI ගැන පෝස්ට් එකක් දකිද්දි ආය මතක් උනේ. දවසින් දවස හික් ගෑවෙන ඉම්පෘව්මන්ට් එකක් ගන්න නිසා ඉස්සරහට නම් සෑහෙන වෙනසක් වෙයි නේද AI ෂින් එක.

    ලංකාවේ වැඩ කරන එව්වොන්ටනම් ලොකු බලපෑමක් නැතිව ඇති නේද
    පිටරට ක්ලයන්ට්ලා එක්ක වැඩ කරන එව්වොන්ගේ තත්වේ කොහොමද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,823
    113
    එකමත් එක රටක
    Ai වලට creative පැත්ත නෑ බන් .. දෙන prompt එකට නිකන් ඇහැට ලස්සන වගේ පෙනුනට මිනිස්සු කරන creative දේවල් කරන්න, precise design/logo හදන්න බෑ…
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ai වලට creative පැත්ත නෑ බන් .. දෙන prompt එකට නිකන් ඇහැට ලස්සන වගේ පෙනුනට මිනිස්සු කරන creative දේවල් කරන්න, precise design/logo හදන්න බෑ…
    මේක මට හිතෙන දේ මචං
    අපි හිතමු සයිට් එකකට ඕනේ ග්‍රැෆික් වැඩ ටික කර ගන්න ඩිසයිනර් කෙනෙක් තියාන හිටියා කොම්පැණියක්
    හැබැයි දැන් prompt ගැහුවම ගේමක් නැතිව කොපි රයිටුත් නැතිව ඉමේජ් ජෙනරේට් වෙනවා
    අර නලලේ තියාන එඩිට් කරපු, කපපු කොටපු ඉමේජ් අනම් මනම් ගේමක් නැතිව සයිට් එක ඩිවලප් කරන එකාටම හදා ගන්න පුළුවන්
    එතකොට තව දුරටත් ඩිසයිනගේන් කොම්පැණියට වැඩක් තියේද
    ඌට ඩිමාන්ඩ් කරන්න පුළුවන්ද ඌව

    අනික මචං මේ අද 2025.04.20ට. දවසින් දවස සිකෙන ස්පීඩ් එකෙන් ඇකියුරසි වැඩි වෙනවා AI වල
    මට නම් හිතෙන්නෙම ඒ තනතුර වඳ වෙලා යයි කියලා
    හැබැයි තාම චාන්ස් එක තියෙනවා AI පැත්තට මාරු වෙනවා නම් ග්‍රැෆික් කරන එව්වොන්ට

    උඹ තාම ෆයිවර් ඉන්නවා නේද
    දැන් කොහොමද ඕඩර්. හැබැයි ඔයා වෙනම සීන් එකක් කරන්නේ නේද. ඩ්‍රෝවින් වගේ
    අහ් ඒකක් ඕනේ නෑ. ෆයිවරුත් AI සර්විස් දාලා නේද වෙනමම
     
    Ai generate කරන ඒව එක වගේ style එකෙනුත්.. ගොඩක් AI artwork දැක්කම හොයන්න පුලුවන්..
    ඕන එකෙක්ට ලේසියෙන් generate කරන්න පුලුවන් දේවල් සුලබ වෙලා වටිනාකම නැති වෙනව බන්..
    එතකොට තවදුරටත් Ai design web එකට දැම්ම කියල අමුතුවෙන් ලැබෙන attention එකක් නෑ..

    අනිත් එක ගොඩක් උන් හිතනව උන් professional Designer / artist කෙනෙක්ගෙන් වෙනස් වෙන්නේ අදාල වැඩේ තමන්ගෙ අතින් කරන්න බැරි එකෙන් විතරයි කියල.. creative thinking කියන කෑල්ල ඌටත් ඒ විදියටම තියනව කියල හිතන් ඉන්නවා.. :rofl: .. ඉතින් ගොඩක් උන් උන්ගෙ ඔලුවට එන මොකක් හරි ලියල AI හදල දෙන design එකකින් සෑහිමකට පත් වෙන එක කරන්නේ.. නැත්තම් Ai වලටම concept හිතන වැඩෙත් බාර දෙනව..

    තව එකක් design එකකදි artist ඔක්කොම concept එක මුලින් හිතල ඉවරවෙලා නෙවෙයි පටන්ගන්නේ.. design process එකේදි තමයි creative ideas එන්නේ.. Ai වලදි මුලින් මෙන්න මෙහෙමයි කියල හිතල ඉවරයි..
    Type කරල ඌ generate කරනකන් screen එක දිහා බලන් ඉන්න එක ඇති උනාම ලද දෙයින් සතුටු වෙන එක වෙන්නේ..

    Trends , styles කියන ඒව හදන්නේ මිනිස්සු බන්… ඒව Ai කරන්නේ නෑ...Ai කරන්නේ මිනිස්සු හදන styles බලලා sample එකක් කරල දෙන එක..
     
    • Like
    Reactions: libero and Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඉස්සර මට ඕන පොඩි පොඩි ග්‍රැෆික් වැඩ වෙන එවුන්ට දීල කරගත්තා
    දැන් ගොඩක් වෙලාවට මට ඕන එක AI ටූල් වලින් ජෙනරේට් කරලා, Pixelmator වලින් ඒක උඩ ආපහු ඇඳලා ඕන කරන පොඩි ඇජස්ට්මන්ට් ටික කරගන්නවා
    ඔහේ හිතට එන ඒව prompt ගහලා ගහලා බලනවා ටික වෙලාවක් යද්දි හිතට සෙට් වෙන ඒව එනවා, එතකොට අර විදියට pixelmator එකට දාල වෙක්ටර් එකකට කන්වර්ට් කරගෙන ටෙක්ස්ට් එහෙම දාල හදා ගන්නවා

    හැබැයි සයිට් එකකට හරි ඇප් එකකට වගේ UI ඩිසයින් එකක් ඕන නං ඒ වගේ ඒවට AI ටූල් යූස් කරන්න අමාරුයි. අලුත්ම අයිඩියා එකක් ඕන නං ඉතින් ඩිසයිනර් කෙනෙක්ට දීල කරගන්න ඕන

    ඒත් අර පොඩි පොඩි වැඩවලට ඩිසයිනර්ල ඕන නැහැ, අනික ස්ටොක් ඉමේජ් එහෙම ඕන නං කෙලින්ම AI තමයි. ජෙනරේට් කරලා පොඩ්ඩක් එඩිට් කරලා ගන්න පුලුවන්, සමහර ප්‍රෝ ලෙවල් වැඩ වලදි AI වලින් ජෙනරේට් කරපුවා දැම්මම හරියන්නෙ නැති වෙලාවල් තියනවා ඒ වෙලාවට ඩිසයිනර්ලව ඕන වෙනවා

    කෝඩින් වලටත් ඕකම තමයි. දැන් කාට උනත් Github copilot හරි වෙන AI Assistant කෙනෙක් යූස් කරන්න දෙනවා. ඒක නිසා entry level ඩිවලොපර් කෙනෙක්ගෙන් උනත් කොලිටි කෝඩ් එකක් අපි expect කරනවා
    දැනට අවුරුදු 4කට විතර කලින් SSE කෙනෙක්ගෙන් බලාපොරොත්තු උනු කෝඩ් කොලිටි එක දැන් අපි fresh grad කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා, AI ටූල් යූස් කරන්න පුලුවන් නිසා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,823
    113
    එකමත් එක රටක
    මේක මට හිතෙන දේ මචං
    අපි හිතමු සයිට් එකකට ඕනේ ග්‍රැෆික් වැඩ ටික කර ගන්න ඩිසයිනර් කෙනෙක් තියාන හිටියා කොම්පැණියක්
    හැබැයි දැන් prompt ගැහුවම ගේමක් නැතිව කොපි රයිටුත් නැතිව ඉමේජ් ජෙනරේට් වෙනවා
    අර නලලේ තියාන එඩිට් කරපු, කපපු කොටපු ඉමේජ් අනම් මනම් ගේමක් නැතිව සයිට් එක ඩිවලප් කරන එකාටම හදා ගන්න පුළුවන්
    එතකොට තව දුරටත් ඩිසයිනගේන් කොම්පැණියට වැඩක් තියේද
    ඌට ඩිමාන්ඩ් කරන්න පුළුවන්ද ඌව
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට හිතෙනම දේ. AI අපි සමාන්‍ය විදියට පාවිච්චි කලේ ගිය අවුරුද්දේ ඉඳන්
    තාම අවුුරුද්දක් වගේ ඇතිනේ.
    ඒ අවුරුද්දට කොහොමද සැර ඉම්පෘමන්ට් එක
    හිතපන්කෝ 2026 අප්‍රේල් වෙද්දි කොහොමට ඩිපලොප් වෙයිද
    අනික AI ඩිවලප් කරන කම්පැණි වලට බැඳීමක් නෑනේ අහිංසක ග්‍රැෆික් කාරයෝ. උන්ට කන්න සල්ලි නැති වෙයි
    ඒ නීසා අපි උන්ට වඩා පහලින් තියන්න ඕනේ කියලා
    තරගේ නිසා දවසින් දවස ෆීචර්ස් ඇඩ් කරනවා

    හොඳම සීන් එක තමයි පික්සල් පොන් එකේ අපි ගත්තු ඉමේජ් එකක ඔබ්ජෙක්ට් අයින් කරන එක
    මේ පොඩි මොබයිල් එකෙන් ලෙසටම ඒක කරනවනේ. ඒ වෙනුවට හිස්තැන වහලා නෝමල් ඉමේජ් එකේ අවුලක් නැති වෙන්නත් හදනවා. ඉස්සර මේක කරන්න පොටෝෂොප් කරපු අපි කොච්චර නැටුවද. දැන් තප්පර 20ක විතර සීන් එකක්

    වියලි කලාපෙට ඉස්සරහටත් මංජුල සිරිවර්ධනලා තරු වෙයි. හැබැයි මට හිතෙන්නෙම 2027 වගේ වෙද්දි ගෝලීය මට්ටමේන් ග්‍රැෆික් ඩිසයින් කියන දේ තවදුරටත් ඩිමාන්ඩ් එකක් තියෙන දෙයක් නොවේවි

    ක්‍රිෙය්ටිවිටි එක ගැන කියනවා නම් ඉස්සර අපි කට්ට කාලා ස්කෙච් ගහලා කලාට මම හිතන් නෑ අළුතෙන් බිහිවෙන එවුන් එහෙම පුරුදු වෙයි කියලා. උන් තනිකරම කොපි පේස්ට් වෙයි. පෙන් ටූල් එකෙන් ලේයර් වෙන වෙනම ඇදලා පැය ගාණක් දුක් විඳලා අමු කුප්ප ගේමක් ගහයිද අයිඩියාස් AI එකෙන් අරගෙන වෙක්ට වලට කන්වට් කරන්න දහස් ගණන් විදි තියෙද්දි. අළුත් අදහස් නෙමේ බයර් දෙන එක අටවලා දෙන ලෙවල් එකක් තමා. අනිවා පුතේ AI ගේම ගහනවා. ඉන්ඩස්ට්‍රි සලිත වෙනවා ෂුවර් 2027 වගේ වෙද්දි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩේ. මෙන්න මේ විදියේ ඩිසයින් එකක් හදන විදිය කියහල්ලා
    A toy action figure in a plastic retail-style package labeled "FREELANCER". The figure is a relaxed young man with curly hair, wearing light blue pajamas and fluffy white slippers, standing upright in the center of the packaging. Around the figure are accessories representing a cozy freelance lifestyle: an open laptop, a closed MacBook, a cup of coffee with steam, a small potted plant, a lit candle, a waving orange cat figure, and a black smart speaker. The background of the packaging is soft teal, and the overall aesthetic is clean, minimalist, and slightly whimsical, with soft lighting and pastel tones.

    • Like
    Reactions: super077

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    A toy action figure in a plastic retail-style package labeled "FREELANCER". The figure is a relaxed young man with curly hair, wearing light blue pajamas and fluffy white slippers, standing upright in the center of the packaging. Around the figure are accessories representing a cozy freelance lifestyle: an open laptop, a closed MacBook, a cup of coffee with steam, a small potted plant, a lit candle, a waving orange cat figure, and a black smart speaker. The background of the packaging is soft teal, and the overall aesthetic is clean, minimalist, and slightly whimsical, with soft lighting and pastel tones.

    what Ai tool need to do this ?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    Ai වලට creative පැත්ත නෑ බන් .. දෙන prompt එකට නිකන් ඇහැට ලස්සන වගේ පෙනුනට මිනිස්සු කරන creative දේවල් කරන්න, precise design/logo හදන්න බෑ…
    වෙන්න පුලුවන්.. මන් හිතන්නේ අපේ ක්‍රියෙව්ටි අදහස් ටික හරියට prompt කරොත් ඕක ගෙමක් නැ කියලා. ගොඩක් අයට prompt කරගන්නයි බැරි. prompt හරියට එක දුන්නොත් හරියට එනවා.. ඒ නැතත් තව ඖරුදු 5ක් වගේ යද්දි ඔය දැන් තියෙන පොඩි පොඩි අවුල් සේරම හදල පුල් රියලිස්ටික් විදියට වැඩේ දේවි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,823
    113
    එකමත් එක රටක
    වෙන්න පුලුවන්.. මන් හිතන්නේ අපේ ක්‍රියෙව්ටි අදහස් ටික හරියට prompt කරොත් ඕක ගෙමක් නැ කියලා. ගොඩක් අයට prompt කරගන්නයි බැරි. prompt හරියට එක දුන්නොත් හරියට එනවා.. ඒ නැතත් තව ඖරුදු 5ක් වගේ යද්දි ඔය දැන් තියෙන පොඩි පොඩි අවුල් සේරම හදල පුල් රියලිස්ටික් විදියට වැඩේ දේවි.
    හිතල ඉවර වෙලා නෙවෙයි බන් artwork කරන්නේ . කරගෙන යද්දී තමයි ඒකත් එක්ක ideas එන්නේ .

    ඒක මේ type කරල screen එක දිහා බලාගෙන මොකක් දෙයිද කියලා බලාගෙන හිටියම එන්නේ නෑ .
    මම මාස 2 -3ක් මගේ වැඩ වලට Ai references පාවිච්චි කරා . වැඩේ නෙවෙයි කෙලින්ම . start එකට refenrence විදියට .
    මාස දෙක යද්දී මට තේරුණා මගේ creativity වලට කෙලවෙනවා කියලා . කරන වැඩ උනත් හෙන generic ලුක් එකක් තියෙන්නේ . .
    මොකද Ai generate ඔක්කොම එහෙමයි . අර හිතල කරද්දී පාවිච්චි කරන shapes language / composition design principals ගැන හිතල කරන appealing ලුක් එක එන්නේ නෑ .. තවත් එක ඇහැට ලස්සන design එකක් විතරයි . මතක හිටින එකක් නෙවෙයි .
    පස්සේ සතියක Ai පැත්තකින් තියල වැඩ එක දිගට ප්‍රැක්ටිස් පාරක් දාල යතා තත්වයට ආව . . දැන් නම් හිටියට වඩා හොදයි , මාර confident.. Ai start reference වලට ගන්න හිතන්නෙවත් නැ . real life reference විතරයි .
    Ai වලින් පටන්ගන්න පුරුදු උනාම නොදනිම උගේ මත depend වෙන්ව result එක .