Fiverr_withdraw_guide

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Freelancing වලට ආධුනික අයට ‍ප්‍රයෝජනවත් වෙන 'Fiverr to local bank' money transfer ‍කරන straightforward ක්‍රමය සරලව දාන්න කියලා කල්පනා කලා. මොකද මේ ගැන ගොඩක් tutorials තිබුණට තමන්ගේ නමට bank account එකක්වත් නැති (මන්වගේ) අයට ඔය ‍මූලික දේවල් ගැන වැ‍ටහීමක් නැහැනේ. බැංකුවෙන් ගිහින් ඇ‍හුවොත් කියන්නේ විකාරනේ. මේ තීන්නේ Sampath bank account එකකට මුදල් ගෙන්වා ගන්නා විදියයි. :)


    පෙරවදන :
    menupop.gif

    පෙර මේ සම්බන්ධව මා දැමූ නුල් වලට ප්‍රතිචාර දුන් Reddit අයියාට සහ නන් අයුරින් සහය දුන් සැමට ස්තූතිය. :love:
    මතු දැක්වෙන සියල්ල මාගේ පෞද්ගලික අත්දැකීම් ‍වන අතර වැරදි ඇත්නම් දන්නා අය නිවැරදි කරනු මැන.


    අවශ්‍ය ද්‍රව්‍ය :P :
    1. Driving License
    2. Withdraw-able money in your Fiverr account

    අලුතෙන් සෑදීමට යන දේවල් :
    1. Sampath Bank Account
    2. Payoneer Account


    වෙන දේ :
    මෙතනදි වෙන්නේ අපේ Fiverr account එකේ ති‍බෙන මුදල් US bank account එකකට transfer වෙලා එම US account එකෙන් අපේ local bank එකට transfer වෙන එක. මෙතන අතරමැදියා විදිහට කටයුතු කරන්නේ Payoneer කියන සේවාව. එයා තමයි අපි වෙනුවෙන් US bank account එකක් හදන්නේ සහ එම account එකට ලැබෙන USD -> SLR කරලා අපේ local bank account එකට එවන්න කටයුතු කරන්නේ.

    මෙම පියවරයන්හිදී කැපෙන අමතර ගාස්තු :
    Payoneer සේවාව මගින් අපි local bank එකට transfer කරන මුදලින් 2% ක් සේවා ගාස්තු ලෙස කපා ගන්නවා. සමහර අය දාලා තිියනවා load fee එකක් කැපෙනවා කියලා හැබැ‍යි මගේ එහෙම අයවීමක් උනේ නැහැ.

    පියවර :

    1. ළගම ඇති සම්පත් මෙව්වා එකට ගිහින් කියන්න account එකක් open කරන්න ඕනි කියලා. payoneer කතා කියන්න යන්න එපා. මතක ඇතුව NIC එක අරන් යන්න. Sampath Vishwa එකත් active කරන්න කියන්න, ඒකෙන් account එකේ විස්තර online බලන්න කරන්න පුළුවන්. දැන් ඔයාට බැංකු පොතයි, debit card එකයි එකේ Pin එකයි, sampath vishwa එකේ uname & password හම්බෙයි. ඒක active වෙන්න පැය කීපයක් යයි.

    2. payoneer එකට ගිහින් අලුත් account එකක් හදන්න. විස්තර හැම එකක්ම driving license එකේ තියන විදිහට නිවැරදිිව දෙන්න. තමන්ට license නැත්නම් ඉතින් වැඩිහිටියෙක්ගේ එකක් පාවිච්චි කරන්න පුථවන් වෙයි. account එක හදන පියවර බලන්න ඕනිනම් youtube එකේ ඇති ඕන්තරම්. අන්තිම step එකේදි bank account details අහනවා, එකෙදි sampath එකෙන් දුන්නු බැංකු පොතේ ඇති විස්තර දෙන්න. මමනම් වෙනමම email එකක් හැදුවා payoneer එකේ වැඩවලට. එහෙම ‍කලොත් පහසු වෙයි. මෙතනදි මට මතක විදිහට Bank Code/Branch Code/Swift Code වගේ දේවල් අහනවා. හරියටමනම් මතක නැහැ නමුත් මේවා search එකලා සරලව හොයා ගන්න පුථවන්.

    3. Fiverr account එකට ගිහින් Direct Deposit ‍තෝරන්න. Mobile confirmation එකත් කලහම email එකක් යයි fiverr account එකට අදාල email account එකට. එකෙ තියන link එකට එකට ගියාම ඔයාව payoneer login එකට redirect වෙයි. ඒකට ලොග් වෙන්න. දැන් payoneer එකට අදාල email එකට mail එකක් ඇවිත් ඇති fund resource එකක් විදිහට Fiverr add උනා කියලා.. කොහොම උනත් මේ දේවල් ටික වෙන්න ‍මගේනම් පැය 48ක් විතර ගියා. සෝ බලන් ඉන්න වෙනවා.

    4. ඒ වැඩටික ඉවර උනහම Fiverr එකේ තිබ්බ withdraw-able money ටික payoneer එකට transfer වෙලා ඇති. එහෙම නැත්නම් නැවතත් direct deposit දෙන්න.

    5. දැන් අපිට payoneer එකට log වෙලා අවශ්‍ය මුදල් ප්‍රමාණයක් Sampath එකට withdraw කරන්න පුළුවන්. හැබැයි අවමය $50.

    6. දැන් sampathvishwa.com එක හරහා ඔයාගෙ account එකට ලොග් වෙලා බලන්න පුළුවන් මුදල් ඇවිත් තියෙන බව. :)

    අපි මෙහෙම මුල් වරට setup කරගන්න තමයි යම් කාලයක් යන්නේ. ඉන් පසුව නම් පැයකටත් වඩා අඩු කාලයකින් money transfer කරන්න හැකිවේවි. :D

    තව දෙයක්.. මේ ගොඩක් තැන්වලදී පාවිච්චි වෙන automated emails පැමිණීම සහ account details update වීම තරමක් ප්‍රමාද වෙන්න පුළුවන්. ‍එහෙම උනා කියල කලබල වෙන්න ‍එපා.

    Good Luck..!


     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Ela,thama fiverr walain eka order ekak wath na ban.kawada hari meka fatta useful wei.order tikak apu kaleka.next year ekewath orders tikak enna kiyala prarthana karagena balagena innawa denata :P
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    ela math akra machan lagadi :)

    machan payoneer card eke thyiena salli lankawen ganna puluwanda withdraw karanne nathuwa..ATM walin ganna baha neda ? puluwanda ? USD walin thyiena ewa