මම මේ ගැන කියන්න හිටියා කීප දවසක ඉඳන්. අපේ ඔෆිස් එකට පේනව කාගීල්ස් සුපර්මාකට් එකක පිළිකන්නක්. නිතර දකිනව කල් ඉකුත් උන බනිස් එහෙම ගෝනි ගණන් තියෙනවා කුණු ට්‍රැක්ටරේට පටවන්න.
අද වෙඩින් එකකට ගියා. බොහොම අය තමන්ට කන්න පුළුවන් ප්‍රමාණෙට වඩා කොත ගහල බෙදාගෙන කාලක් බාගයක් කැත නැතුව විසික් කරනව. මේන් කෝස් එකට කලින් කන්න තියෙන සැලඩ් එහෙමත්, අනවශ්‍ය විදියට ගොඩක් බෙදාගෙන නිකං විසික් කරනව. බුෆේ එකේ තියෙන හැම ජාතියක්ම ඔහේ පටවගන්නව. දැක්කම කියන්න පුළුවන් මනුස්සයෙකුට මේක කන්න බෑ කියල. කන පැලෙන්න සැලඩ් කාල සුප් බීල ආයෙ එච්චර ගොඩක් කන්න බෑ කියල දැන දැනත් බෙදාගන්නව. අම්මෝ අමාරුයි කියල තියල යනව අත හෝදහන්න. මටනම් එහෙම කලාම හෙනම ගිල්ටි ෆීලිං එකක් එන්නෙ. ඒ නිසා පුළුවන් ප්‍රමාණෙට වඩා බෙදාගන්නෙ නෑ.
පහුගිය දවස් වල කියනව ඇහුන දවසට වේලක් කන පවුල් ඉන්නවලු. ලුණුයි බතුයි පොලුයි බතුයි ඉස්කෝලෙ අරන් යන ළමයින්ගෙ ෆොටෝ ගියා එෆ්බී එකේ එහෙම. වෙඩින් එකක බාල්දි ගණන් අහක දාන රස කෑම ඒ ළමයින්ට හීනයක් වෙන්න ඇති. පුක කහගන්න නියපොත්ත නැතත් නාස්තිය අන්තිම උපරිම රටක්. පාලකයන්ට අමු තිත්ත වචනෙන් බැන්නට පාලිතයොත් උන්ටම හරියන කාළකන්නි. ඕනම දෙයක් පරිභෝජනය කරනකොට ඒකෙන් 100%ක්ම පාවිච්චි වෙන්නෙ නෑ, යම් නාස්තියක් වෙනව තමයි. නමුත් දැන දැන පෙනි පෙනි හිතාමතා අහක දාන්නෙ ඇයි? අනික මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය වෙන කෑම වගේ දෙයක්. කාගන්න බැරි අලි බත් ගෙඩියක් උස්සන් ඇවිල්ලා ඒකෙන් බාගයක් විතර අහක දාන උන් මම ඉස්කෝලෙ කාලෙ ඉඳන් අද වෙනකන් දැකල තියෙනවා.
අම්මල හෝ ඉස්කෝලෙන් හෝ කියල නොදී උනත් පොඩිකාලෙ ඉඳන් මම ඉගෙනගත්ත දෙයක් තමා පරිභෝජනය කරන්න පුළුවන් ප්‍රමාණෙට ගැනීම ඔස්සේ නාස්තිය අවම කිරීම. මට රුපියල් සත වලින් ඉතිරියක් නැතත් මටත් වඩා ඒ අවශ්‍යතාවය දැනෙන කෙනෙක්ට ඒ සම්පත රැකදීම.