TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    මම මේ ගැන කියන්න හිටියා කීප දවසක ඉඳන්. අපේ ඔෆිස් එකට පේනව කාගීල්ස් සුපර්මාකට් එකක පිළිකන්නක්. නිතර දකිනව කල් ඉකුත් උන බනිස් එහෙම ගෝනි ගණන් තියෙනවා කුණු ට්‍රැක්ටරේට පටවන්න.

    අද වෙඩින් එකකට ගියා. බොහොම අය තමන්ට කන්න පුළුවන් ප්‍රමාණෙට වඩා කොත ගහල බෙදාගෙන කාලක් බාගයක් කැත නැතුව විසික් කරනව. මේන් කෝස් එකට කලින් කන්න තියෙන සැලඩ් එහෙමත්, අනවශ්‍ය විදියට ගොඩක් බෙදාගෙන නිකං විසික් කරනව. බුෆේ එකේ තියෙන හැම ජාතියක්ම ඔහේ පටවගන්නව. දැක්කම කියන්න පුළුවන් මනුස්සයෙකුට මේක කන්න බෑ කියල. කන පැලෙන්න සැලඩ් කාල සුප් බීල ආයෙ එච්චර ගොඩක් කන්න බෑ කියල දැන දැනත් බෙදාගන්නව. අම්මෝ අමාරුයි කියල තියල යනව අත හෝදහන්න. මටනම් එහෙම කලාම හෙනම ගිල්ටි ෆීලිං එකක් එන්නෙ. ඒ නිසා පුළුවන් ප්‍රමාණෙට වඩා බෙදාගන්නෙ නෑ.

    පහුගිය දවස් වල කියනව ඇහුන දවසට වේලක් කන පවුල් ඉන්නවලු. ලුණුයි බතුයි පොලුයි බතුයි ඉස්කෝලෙ අරන් යන ළමයින්ගෙ ෆොටෝ ගියා එෆ්බී එකේ එහෙම. වෙඩින් එකක බාල්දි ගණන් අහක දාන රස කෑම ඒ ළමයින්ට හීනයක් වෙන්න ඇති. පුක කහගන්න නියපොත්ත නැතත් නාස්තිය අන්තිම උපරිම රටක්. පාලකයන්ට අමු තිත්ත වචනෙන් බැන්නට පාලිතයොත් උන්ටම හරියන කාළකන්නි. ඕනම දෙයක් පරිභෝජනය කරනකොට ඒකෙන් 100%ක්ම පාවිච්චි වෙන්නෙ නෑ, යම් නාස්තියක් වෙනව තමයි. නමුත් දැන දැන පෙනි පෙනි හිතාමතා අහක දාන්නෙ ඇයි? අනික මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය වෙන කෑම වගේ දෙයක්. කාගන්න බැරි අලි බත් ගෙඩියක් උස්සන් ඇවිල්ලා ඒකෙන් බාගයක් විතර අහක දාන උන් මම ඉස්කෝලෙ කාලෙ ඉඳන් අද වෙනකන් දැකල තියෙනවා.

    අම්මල හෝ ඉස්කෝලෙන් හෝ කියල නොදී උනත් පොඩිකාලෙ ඉඳන් මම ඉගෙනගත්ත දෙයක් තමා පරිභෝජනය කරන්න පුළුවන් ප්‍රමාණෙට ගැනීම ඔස්සේ නාස්තිය අවම කිරීම. මට රුපියල් සත වලින් ඉතිරියක් නැතත් මටත් වඩා ඒ අවශ්‍යතාවය දැනෙන කෙනෙක්ට ඒ සම්පත රැකදීම.
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,521
    113
    මාළඹේ
    සහතික ඇත්ත මචං.
    වෙඩින් වලදී තව දැකපු දෙයක් තමයි අම්මලා තනියම කන්න පුළුවන් ළමයින්ට උන්ට කාගන්න බැරි තරමට කෑම බෙදලා දෙනවා. ළමයින්ට එච්චර කන්නත් බැහැ. උන් කටවල් කිහිපයක් කාලා කෑම එක ඉතුරු කරනවා.
    ඕක පොඩි කාලේ ඉදලම හදන්න ඕන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    හොටෙල් වලට ගියාම බලන්න ඕනේ අනාත සිංහලු කන හැටි

    ඉදියප්ප
    කිරිහොදි
    චිකන් සමග හොදි
    පෝකිස්
    බේකන්
    ඔම්ලට්
    බන් එකක්
    සොසෙජ්ස්
    කිරිබත් කෑල්ලක්
    ලුනුමිරිස්

    ඔය ඔක්කම කොත ගහලා බෙදාගන්නවා ඌරෝ වගේ කන්න බලනවා කන්න බෑ.

    ලංකාවේ ප්‍රශ්නේ ගොඩක් ගෙවල් වල උයන්නේ එකම කෑම . එක්කෝ කෑම මිලදීගන්නෙ නෑ වෙනසක් කරලා උයන්න දන් නෑ ඉතින් කොහේ හරි ගියාම ගොඩටන්ට මැජික් වෙනවා . හරියට කන එකෙක් දැක්කම ලගට ඇවිත් අහනවා ඕම කන්නේ ඇයි මේ තියන ඒවා නොකා කියලා 🤭 . අදික ලෙස අහාර නාස්ති කරනවා මහ වෙස ජාතියක් අපි
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,023
    15,082

    :yes: :yes:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    සහතික ඇත්ත මචං.
    වෙඩින් වලදී තව දැකපු දෙයක් තමයි අම්මලා තනියම කන්න පුළුවන් ළමයින්ට උන්ට කාගන්න බැරි තරමට කෑම බෙදලා දෙනවා. ළමයින්ට එච්චර කන්නත් බැහැ. උන් කටවල් කිහිපයක් කාලා කෑම එක ඉතුරු කරනවා.
    ඕක පොඩි කාලේ ඉදලම හදන්න ඕන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ.

    අපේ මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනාද ළමයින්ට හරියට දෙයක් පුරුදු කරන්නෙ? ඔක්කොම කියල දෙන්නෙ අනුන් පරයා යන්නනෙ. හරි දේ කරන්න කවුරුත් කියල දෙන්නෙ නෑ. සමහරවිට ඔය මිනිස්සුම කොහෙහරි ගිහින් කඩේකින් කනකොට සල්ලි ගෙවල ගන්න නිසා ඒක කනව ඇති ඉවර වෙන්නම. මේක කෙලින්ම සල්ලි නොවෙන නිසා ඒ ගැන ඔලුවට යන්නෙ නැද්ද දන්නෙ නෑ. මට හිතාගන්න බෑ බං ඇයි දැන දැන එහෙම කරන්නෙ කියල. හෙනම පිළිකුලෙන් මම බලන් හිටියෙ.

    ලංකාවේ ප්‍රශ්නේ ගොඩක් ගෙවල් වල උයන්නේ එකම කෑම . එක්කෝ කෑම මිලදීගන්නෙ නෑ වෙනසක් කරලා උයන්න දන් නෑ ඉතින් කොහේ හරි ගියාම ගොඩටන්ට මැජික් වෙනවා . හරියට කන එකෙක් දැක්කම ලගට ඇවිත් අහනවා ඕම කන්නේ ඇයි මේ තියන ඒවා නොකා කියලා 🤭 . අදික ලෙස අහාර නාස්ති කරනවා මහ වෙස ජාතියක් අපි

    ඔව්. රතු බතුයි, ෆ්‍රයිඩ් රයිසුයි, නූඩ්ල්සුයි ඔක්කොම බෙදාගෙන ඒකට කජු නැලියක් දාගෙන චොප්සි, සෝස්, හොදි ඔක්කොමත් දාගෙන සැලඩුත් දාගෙන බාගයක් විසි කරනව. ඔක්කොම අනාගත්තම බලු කපුටු දානෙවගේ අප්පිරියයි නේන්නම්. දෙපාරකට හරි ගැලපෙන ජාති බෙදාගෙන කන්න දන්නෙ නෑ. පොඩි ෂොට් එකක් දාගත්තමත් කන්න පුළුවන්. එහෙමත් නෑනෙ, අරක්කු තුන්කාලක් විතර ගහනවා චිකන් කිලෝ එකක් විතර බයිට් එකට කනවා ඉතින් බඩත් පිරිලා.

    සහතික ඇත්ත. අඩු කුලේ උන් වෙඩින් වලට ගියාම ඔහොමමයි.
    වැඩි කුලේ කියල කියාගන්න උනුත් එච්චරයි බං
    ------ Post added on May 4, 2023 at 12:25 AM

    ඔය වගේමයි දේවාල වල පලතුරු වට්ටි. මාර නාස්තියක් :sorry:
    ඔව්. ඒ අනිත් විහිලුව. කතා කරල වැඩක් නෑ ඒව නම්
    ------ Post added on May 4, 2023 at 12:26 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    Oya okoma hitala tamai lamai hadan natte.ekek hari adui ne lankawata
    Thank you

    සහතික ඇත්ත පාර්ටි එකකට ගියාම පෙරේත කමට තියන ඔක්කොම බෙදාගෙන භාගෙකට වැඩිය අහක දානවා
    ඇත්ත. තමන් හිතල හැදෙන්න ඕන ඉතින්. කාටවත් කියන්න බෑ.
    ------ Post added on May 4, 2023 at 9:21 AM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මටත් එක තියනවා ඒ වෙලාවට අමාරුවෙන් හරි ඔබාගන්නවා
    Wedding වලදි ඕක වෙන්න පුලුවන් දකින දකින එකට ආස හිතිල ඔක්කොම බෙදාගත්තොත්
    ඕකට හේතුව පෝලිමට බෙදාගන්න නිසා. ඕකට මම කරන්නේ මුලින් රවුමක් දාලා බලනවා මොනාද කන්න තියෙන ටික
    ඊට පස්සේ පෝලිමට ගිහින් බෙදාගන්නවා
    අපි හොඳ hotel වලට ගිහින් කද්දි කරන්නෙත් ඔහොමනේ සරින් සැරේ ගිහින් බලලා කන්නේ wedding වලදි පෝලිම් දිග නිසා මිනිස්සු ඔක්කොම ගොඩ ගහනවා
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මම මේ ගැන කියන්න හිටියා කීප දවසක ඉඳන්. අපේ ඔෆිස් එකට පේනව කාගීල්ස් සුපර්මාකට් එකක පිළිකන්නක්. නිතර දකිනව කල් ඉකුත් උන බනිස් එහෙම ගෝනි ගණන් තියෙනවා කුණු ට්‍රැක්ටරේට පටවන්න.

    අද වෙඩින් එකකට ගියා. බොහොම අය තමන්ට කන්න පුළුවන් ප්‍රමාණෙට වඩා කොත ගහල බෙදාගෙන කාලක් බාගයක් කැත නැතුව විසික් කරනව. මේන් කෝස් එකට කලින් කන්න තියෙන සැලඩ් එහෙමත්, අනවශ්‍ය විදියට ගොඩක් බෙදාගෙන නිකං විසික් කරනව. බුෆේ එකේ තියෙන හැම ජාතියක්ම ඔහේ පටවගන්නව. දැක්කම කියන්න පුළුවන් මනුස්සයෙකුට මේක කන්න බෑ කියල. කන පැලෙන්න සැලඩ් කාල සුප් බීල ආයෙ එච්චර ගොඩක් කන්න බෑ කියල දැන දැනත් බෙදාගන්නව. අම්මෝ අමාරුයි කියල තියල යනව අත හෝදහන්න. මටනම් එහෙම කලාම හෙනම ගිල්ටි ෆීලිං එකක් එන්නෙ. ඒ නිසා පුළුවන් ප්‍රමාණෙට වඩා බෙදාගන්නෙ නෑ.

    පහුගිය දවස් වල කියනව ඇහුන දවසට වේලක් කන පවුල් ඉන්නවලු. ලුණුයි බතුයි පොලුයි බතුයි ඉස්කෝලෙ අරන් යන ළමයින්ගෙ ෆොටෝ ගියා එෆ්බී එකේ එහෙම. වෙඩින් එකක බාල්දි ගණන් අහක දාන රස කෑම ඒ ළමයින්ට හීනයක් වෙන්න ඇති. පුක කහගන්න නියපොත්ත නැතත් නාස්තිය අන්තිම උපරිම රටක්. පාලකයන්ට අමු තිත්ත වචනෙන් බැන්නට පාලිතයොත් උන්ටම හරියන කාළකන්නි. ඕනම දෙයක් පරිභෝජනය කරනකොට ඒකෙන් 100%ක්ම පාවිච්චි වෙන්නෙ නෑ, යම් නාස්තියක් වෙනව තමයි. නමුත් දැන දැන පෙනි පෙනි හිතාමතා අහක දාන්නෙ ඇයි? අනික මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය වෙන කෑම වගේ දෙයක්. කාගන්න බැරි අලි බත් ගෙඩියක් උස්සන් ඇවිල්ලා ඒකෙන් බාගයක් විතර අහක දාන උන් මම ඉස්කෝලෙ කාලෙ ඉඳන් අද වෙනකන් දැකල තියෙනවා.

    අම්මල හෝ ඉස්කෝලෙන් හෝ කියල නොදී උනත් පොඩිකාලෙ ඉඳන් මම ඉගෙනගත්ත දෙයක් තමා පරිභෝජනය කරන්න පුළුවන් ප්‍රමාණෙට ගැනීම ඔස්සේ නාස්තිය අවම කිරීම. මට රුපියල් සත වලින් ඉතිරියක් නැතත් මටත් වඩා ඒ අවශ්‍යතාවය දැනෙන කෙනෙක්ට ඒ සම්පත රැකදීම.
    මචං, Food City එක කොහෙද? මං පාරේ බල්ලන් ටිකකට හවසට කෑම දෙනවා, එහෙම දින පැනලා අයින් කරන බනිස් ටිකක් එහෙමත් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,233
    113
    දෙහිවල
    වෙලා තියෙන්නේ ගිෆ්ට් එකේ ගානට කන්න බැරිනම් බෙදාගන්නවත් ඕන කියලා තියෙන මන්ද මරි මෝඩකම.
    කන්නත් බැහැ. ඔහේ හැම වට්ටියෙන්ම එකක් බෙදාගන්නවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    අනික් ජාතිය තමා හොදටම බීලා අමාරුවෙන් වත්තම් වෙලා කෑම එකත් අරන් ඇවිත් එක මුනේ ගහගෙන නිදාගෙන එක උඩටම කබ්බ දාන උන් 😂😂
     
    • Like
    Reactions: NRTG