(For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
මේ දේවල් ඇතැම් මාධ්‍ය හරහාත් ව්‍යාප්ත කරනවනෙ. ඕවට ඕනෙ කරන අඩුම කුඩුම විකුණන බිස්නස්කාරයොන්ටනම් සශ්‍රීකත්වය උදා වෙනව මං හිතන්නෙ.


ඔව් ඔව් පුදුම ප්‍රචාරයක් වෙන්නෙ. බලන අය කියනවා තමයි... මැගසින් හිටන් තියනවා. සාමාන්‍ය මිනිස්සුන්ට කෙසේ වෙතත් බිස්නස් කාරයන්ට නම් ‍ෆෙන්ෂුයි වලින් සෙතක් වෙලා තියෙනවා.
:lol::lol::lol:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හොද post එකක්. මමත් ඔය බමුණු මත අනුව වැඩ කරන්න කැමති නැහැ. ඊට වඩා හොද නිවැරදි දහමක් අවබෝධ කරගන්න තරම් මොලයක් තිබීම ගැන මම නම් සතුටු වෙනවා. ඒත් අපේ ගෙවල් වල අනෙක් අය මේවා බැහැර කරන්න කැමති නෑ... නොයි තරම් තේරුම් කරන්න හැදුවත් තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ. සමහර අවස්ථා වල මේවා නිසාම රංඩුත් ඇති වෙනවා අම්ම, තාත්තා එක්ක. :) හරිම දුකයි ඉතිං ඒ අයට ඇයි ඇත්ත තේරුං ගන්න බැරි කියලා හිතෙන කොට. පරම්පරා පිටින්ම මේවගේ මිත්‍යාවන් සරණ ගිය අය ඉන්නෙ. ඉතිං කට්ටිය ඉන්න තැන මේ බමුණු මත විවේචනය කරන්න යනවට වඩා කට ගලක උලා ගන්න එක හොදයි කියලා හිතෙනවා... :lol: කොහොම උනත් මේ පණිවිඩය පුලුවන් හැම කෙනෙක්ටම යවන්න ඕනෙ. කීප දෙනෙක් හරි තේරුම් ගනී‍නෙ..

බොහොම පිං ඔබ සියලු දෙනාටම...

ආහ් තව දෙයක් තියෙනවා... දැං ලංකාව පුරාම ඉතාම සීග්‍රයෙන් පැතිරිලා යනවා.. චීන ‍ෆෙන්ෂුයි. කාලෙන් කාලෙට එන එක එක විකාර දේවල් වලට මිනිස්සු වශී වෙනවා... මේ තරම් සත්‍ය නිර්මල බුදු දහමට වශී වෙන්නෙ නැතුව... හරිම හෝචනීයයි... :(

ඔන්න ඕක තමයි අවුල...හුගක් අය තාම බමුණු සාටකේ..:baffled:

බොහොම ස්තූතියි කියෙව්වට..:)
 

kitt354

Member
Mar 7, 2010
235
22
0
ගොඩක් වටින thread එකක්. කියල තියෙන ඔක්කෝම මාත් පිළිගන්නවා.
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම ගෙදර මිදු‍ලේ පොකුණක් හදන්න ගියා....:yes:
    එක එකා කියන්න ගත්තා ඒපැත්ත හොඳනෑ මේ පැත්ත හොඳනෑ හදනවනම් උතුරු පැත්තෙ හදන්න කියලා...:no:
    උ‍තුර කියලා පිළිකන්නේ හදන්නද? :lol:
    මම මට ‍හොඳයි කියලා හි‍තුන තැන පොකුණ හැදුවා....:confused:
    කිසි අපලයක් නෑ
    :eek:
    අ‍නුන් කියන දේ කරන්න ගියොත්න් අපිත් ‍වඳු‍රො ‍නෑ වැ‍රදුනා බමුණො වෙනවා.............
    .
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    ඔයාගේ අදහසි හොන්දයි..
    ඒත් පොඩි පොඩි ගැටලු තියෙනවා
    අවුලක් නෑ
    කොල්ලගේ මහන්සිය අගය කරනවා..
    මේ කරපු වැඩේට පිං දීලා වැඩක් නෑ
    මොකද ඔයා ගොඩක් ලොකු කුසල කර්මයක් සිද්ද් කරගත්තේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මෙතන ඉන්න ගොඩක් අයට තියෙන් ගැටලුව තමා කේන්දර වල සත්‍යය බව,,

    කිසිම ගැටලුවක් නෑ
    හරියට කේන්දර බලන්න දන්න කෙනෙක් අහුවුනොත් ඔයාට දැනෙයි කේන්දර කියන්නේ කොයිතරම් සත්‍යය දෙයක්ද කියලා..

    කේන්දර සහ නැකත් පච කියලා බුදුන් වහන්සේ දේශනා කලේ නෑ..

    උන් වහන්සේ දේශනා කලේ ඒවා මතම යැපී සිටින එක නිර්වාණයට බාධාවක් කියලා විතරයි..

    කේන්දර කියන්නේ ගණිත පදනමක් මත සකස් වුණු දෙයක්
    සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව වැනි විෂයන් වලදී අපි ගැටලු විසදන වි‍ට එම ගැටලුවට අදාල සමීකරණය දිහා බලලා උපකල්පන වලට යොමු වෙන‍වා නේද
    ඊට පස්සේ අපි ගැටලුව විසදන කොට අර උපකල්පන යොදාගන්නවා නේද ?

    ඒ වගේ තමා අපි කේන්දරය දිහා බලලා නිගමනයකට එනවා මේ මේ කාල වලදී මේ පුද්ගලයාගේ ශරීරයේ ශක්තීන් හි කියාකාරිත්වය

    මේ භෞතික කය තුල පවතිනවා ශක්ති පද්ධතියක්
    අපි ඒක තමා ආත්ම, මනෝකාය වශයෙන් හදුන් වන්නේ..
    විවිධ කාල වලදී ස්වාහාවික පරිසරයේ බලපෑම් මත මේ ශක්ති පද්ධතියේ වෙනස් කම් වෙනවා.
    අපි කේන්දර වලින් බලන්නේ මේ ශක්ති වෙනස් වීම සිදු වෙන ආකාරය..