Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අපිට Forex වලින් මුදල් උපයන්න අවශ්‍ය වෙන්නේ ඉදිරියේදී Market එකේ මොකද වෙන්නේ කියල කල් තියා අනුමාන කරන එකනේ? ඒකට අපි Chart එක හැසිරෙන විදිය ගැන අවබෝධයක් ගන්න ඕන.. ඒ සඳහා Support Line Resistance Line වගේම ගොඩක්ම වැදගත් Trend Line ඇඳගන්න එක. අපිට ඒ සඳහා Main Trend , Sub Trend , Inner Trend සියල්ලම ගැන අවබෝධයක් ගන්න ඕන. Main Trend එක අඳින්නේ Weekly , Daily Chart වලින්.

    Weekly Chart

    tlw1.jpg


    Daily Chart
    tld1.jpg


    නමුත් බොහෝවිට Trend එක එහෙම නැත්නම් Main Trend එක කියන්නේ H4, H1 වගේ Chart වලින් එන Trend වලට.(trend එක දිශාවට trade කරන්න කියන්නේ මේ trend එකේ පැත්තටයි. මේක අනුව නම් වැඩිපුර Buy කරන එක තමයි වඩාත්ම හොඳ.) අපි බලමු පහුගිය සතියේ(මේක කලින් එකක්) H4 Chart එකේ Trend එක.

    tlh4.jpg


    මේ රූපයේ අපි දැන් ඇඳල තියෙන trend එකට කලින් ගිහින් තියෙන්නෙ Down trend එකක

     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    සමහර වෙලාවට මේ trend එක ඇතුලේ Inner trend හැදෙනවා.
    අපිට හැම Time Frame එකකම TL අඳින්න පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලාවට පැය 2,3 කින් close කරන trades දාන නිසා අපිට H4 සිට M15 දක්වා Charts තමයි ගොඩක් ගැලපෙන්නේ.(මම දන්නා සමහර traders ල ඉන්නවා සාමාන්‍යයෙන් දවස් 30,40,100,200 කින් trades close කරන්නෙ . ඒ අයට W1,D1 ඒවත් ගොඩක් වැදගත්) පොඩිම ඒවායේ හැදෙන ඒවා ගොඩක් ශක්තිමත් නැහැ.


    tlh42.jpg


    හොඳයි දැන් අපි ඇඳල තියෙන lines ඔක්කොම ඇන්දේ Chart එක හැදුනයින් පස්සෙනේ. මේක ඕන කෙනෙකුට කරන්න පුලුවන්නෙ. නමුත් දැන් අපි බලමු TL අඳින විධිය.
    Highs , Lows වගේ Peaks ගැන ඔයගොල්ලෝ දැනටමත් දන්නවනෙ. H1, H4 වගේ Chart එකක peaks 2ක් වත් හැදුනම ඒ peaks යා කරලා Basic TL එකක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ check කරන්න ඊළඟ peak එකත් ඒ line එකටම set වෙයිද කියල. එහෙම උනොත් අපිට තරමක් දුරට හිතාගන්න පුළුවන් මේ line එක confirm උනා කියල.
    මම ගන්නම් මේකට EUR /USD M15 Chart එක. (ගොඩක් වෙලාවට අපි trade කරනකොට බලන් ඉන්නේ M15 හෝ M30 Chart එක දිහානේ ) 2011 Oct 03 00.15 සිට Oct 04 16.15 දක්වා තමයි එකේ පෙන්න තියෙන්නෙ. අපි හිතමු දැන් අපි ඉන්නේ Oct 04 16.15 කියල. දැන් අපිට H1 H2 යා කරලා ඇන්ද line එක H3 එකත් එක්ක තහවුරු කරගන්න පුළුවන්. මතක තියාගන්න මේ විධියට අපි ඊට කලින් lines ගැන නොහිතා එක පාරටම lines අඳින්නේ නැහැ . L1 L2 යා කරලා තව එකක් ඇඳගන්න පුළුවන්.


    tlm15.jpg


    දැන් අපිට H1,2,3 වලින් හැදුනු line එක තරමක් විශ්වාසයි. ඒ නිසා ගොඩක් හදිස්සි නම් මේකේ H3 ඉඳල 1 වෙනි bearish candle එකෙන් පස්සේ Sell කරාට කමක් නැහැ.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    • Trend එක Bull නම් Supporting Trend Line එකක් අඳින්න.(යටින්)
    • Trend එක Bear නම් Resisting Trend Line එකක් අඳින්න.(උඩින්)
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    engulfingharami.jpg

    මේ 4 ම Reversal Patterns. හැම එකකම 1 වෙනි Candle එකේ පාටින් පෙන්නන Trend එකකට පස්සේ මේ හැඩ ආවොත් තමයි Signal එකක් වෙන්නෙ. ඒ වගේම කුඩා Candle එක සම්පුර්ණයෙන්ම විශාල Candle එකේ Body එකේ සීමාවන් තුල තියෙන්න ඕන.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    confirmedengulfingharam.jpg


    මේ තියෙන්නෙත් කලින් හැඩ ටිකම තවත් තහවුරු වුනු Patterns.
     
    Last edited:

    flashmark

    Member
    Aug 1, 2007
    67
    1
    0
    Thanks machan.

    1.Candle stick pattern base karagena apita signals dena indicators tiyenawada? E monawada?
    2.me okkoma candle ctick patterns mathaka tiya ganne kohomada?
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Thanks machan.

    1.Candle stick pattern base karagena apita signals dena indicators tiyenawada? E monawada?
    2.me okkoma candle ctick patterns mathaka tiya ganne kohomada?

    මේවායේ නම් මතක තියාගන්න ඕන නැහැ. හැඩ මතක තිබුනනං ඇති.
    නිතර Charts දිහා බලන කොට මේවා මතක හිටිනවා. Candle stick pattern වලින් indicators වලින් දෙන Signals තහවුරු කරන්න පුළුවන්.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    threewhitesoldiers.jpg


    මේ 2 ම ගොඩක් ශක්තිමත් Reversal Patterns.

    • අනුයාත Candles 3 ක් තිබිය යුතුය.
    • පෙර Candle එකේ body සීමාව තුල ඊළඟ Candle එක පටන් ගත යුතුය.
    • Candle එක Close අගය Low හෝ High අගයට ආසන්න විය යුතුය.
    • ආසන්න වශයෙන් තරප්පු පෙළක හැඩයකට පිහිටිය යුතුය.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    තවත් Reversal Patterns ටිකක් තියෙනවා. මේ ඔක්කොම දාන්න ගියොත් වැඩේ boring වෙයි. ඒ නිසා ඒ ටික පස්සේ දාන්නම්. දැන් Continuation Patterns ටිකක් දාන්නම්. ඉක්මනටම Indicaters වලට යන්නත් ඕන.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    elzz

    karan yamu macahn..patta los weema gana baya wena epaaa macahn la kawadawath forex waladi thman ta una paduwak waha gana kiyala dawaskata trade godakk nam dana epa kela wenawa withari..aa wageema godak waasi wenawa kiyalath eka digata trade danna epa thamnta yam kisi mattmakata mudalak awama eeken sana sena .. 200$ padu unoth 350$ wasi gana puluwan eeka nikam a wena deyak salli passe hamaba yana epa..market eka hodatama sell wena dawasak macahn friday digatama yamu api mehema waa gath signal gana kramayk ahu una eeka eka digata karala sarthakanm aniwaren hoda signal danam ubalath dana gana gdluk macahn...:cool::cool: