Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex trade කරනවා කියන්නේ මොකක්ද?

    අපි බලමු දැන් Forex වලින් ලාභ ලබන ආකාරය. ඔයගොල්ලන්ගේ Instatrader එකේ Chart 4 න් EUR /USD Chart එක Maximize කරගන්න.(අපි මෙතනින් පස්සේ EUR /USD Currency Pair එකම භාවිතා කරමු පුහුණු වෙන්න) බලන්න Chart එකේ EUR /USD අගය වේලාවෙන් වෙලාවට ඉහල පහල යනවා. ඒ කියන්නේ අඩු වැඩි වෙනවා.
    EUR /USD අගය එන්න එන්නම අඩු වෙනවා කියන්නේ ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව යුරෝ එකේ අගය අඩු වෙනවා කියන එකයි. EUR /USD අගය එන්න එන්නම වැඩි වෙනවා කියන්නේ ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව යුරෝ එකේ අගය වැඩි වෙනවා කියන එකයි.
    දැන් අපි හිතමු අපට පේනවා EUR /USD අගය වැඩි වෙන්නයි යන්නේ. එහෙමනම් දැන් යුරෝ ටිකක් මිල දී ගත්තොත් වැඩි උනායින් පස්සේ විකුණලා ලාභ ගන්න පුළුවන්. එහෙනම් අපි EUR /USD "Buy " කරන්නයි තියෙන්නේ.වැඩි උනහම "Sell " කරන්න පුළුවන්නේ? එතකොට Profit . EUR /USD Buy කරන එකට අපි කියන්නේ EUR /USD Buy Order එකක් දානවා කියල. Profit ගන්න ආයේ Sell කරනවා වෙනුවට අපි කරන්නේ Open කල Trade එක Close කරන එකයි.

    අපි හිතමු දැන් EUR /USD 1.2900

    අපි EUR /USD Buy Order එකක් දානවා
    ටික වෙලාවකින් බැලුවම EUR /USD 1.2920 දක්වා වැඩි වෙලා.
    දැන් වික්කොත් Profit . ඒ කියන්න අපි Trade එක close කරනවා.
    1.2920 - 1.2920 = 0.0020
    ඒ කියන්නේ අපි කලින් කිව්වනේ 0.0001 ක් කියන්නේ Pip එකක් කියල. එහෙමනම් pips 20 ක් Profit .

    අපි හිතමු දැන් EUR /USD 1.2920
    අපි EUR /USD Sell Order එකක් දානවා
    ටික වෙලාවකින් බැලුවම EUR /USD 1.2895 දක්වා අඩු වෙලා.
    දැන් අපි Trade එක close කරනවා.
    1.2920 - 1.2895 = 0.0025
    එහෙමනම් pips 25 ක් Profit

    දන්නෙම නැති
    කෙනෙකුට
    මෙහෙම කිව්වටම හරියටම අවබෝධ කරගන්න අපහසු වෙන්න පුළුවන්. අපි මේක කරලා බැලුවහම හරිම අදහසක් ගන්න පුළුවන්





     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අපිට Trade එකක් දාගන්න මේ වින්ඩෝව මතුකර ගන්න ඕන

    49585545.jpg



    ඒකට අපිට MT4 එකේ පහත පෙනෙන තැන්වලින් ගන්න පුළුවන්.
    1. Menu Bar එකේ Tools වලට ගිහින් "New Order" select කරන්න.
    2. Menu Bar එකට යටින් තියෙනේ පේලියේ "New Order select" කරන්න.
    3. Market Watch Window එකේ EUR /USD උඩ Double Click කරන්න.
    4. Chart එක උඩ Right Click කරහම මතුවන වින්ඩෝවේ Trading ----New Trade select කරන්න.
    5. F9 key එක ඔබන්න.
    96259024.jpg
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha

    49585545.jpg


    දැන් අපි මතු කරගත් වින්ඩෝවේ තියෙන දේවල් කීපයක් තේරුම් ගමු.

    1. Symbol
    Symbol කියන්නේ අපි trade කරන්න යන Currency Pair එකටයි. ඒක උඩ click කරලා බලන්න එතනින් ඔක්කොම Currency Pair ටික මතු වෙනවා. එතකොට අපිට අවශ්‍ය Currency Pair එක තෝර ගන්න පුළුවන්. අපි මේ උදාහරණයේදී ගන්නේ EUR /USD.
    2. Volume
    Volume කියන්නේ අපි කලින් කතා කල Lot කියන එකටයි. Volume 1 ක් කියන්නේ Lot 1(100,000) කට.
    නමුත් මේකේ(Insta Trader) ගණන් හදල බැලුවම Mini Lot 1 ක්
    එතන click කරලා අපිට දාන trade එකේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්.
    0.1 Volume = 1,000
    0.01 Volume = 100
    මේක තමයි අපේ ආයෝජනය
    3. Stop Loss
    මේක ගොඩක් වැදගත් Forex Trade කරන විට. අපි Trade එකක් දැම්මට සමහර විට අපි අනුමාන කල පැත්තට යන්නැතිව අනෙක් පැත්තට යනවා. එහෙම උනොත් අපිට පාඩුවක් වෙන්නේ. Stop Loss එකක් නැතිව තිබුනොත් සමහර විට අපේ Account එකේ මුදල සම්පුර්ණයෙන්ම අහිමි වෙන්නත් ඉඩ තියෙනවා. මෙතනින් අපි දෙනවා MT4 එකට ඒ අගය දක්වාම Rate එක අනෙක් පැත්තට ගියොත් Trade එක පාඩු පිට Close කරන්න කියල.
    4. Take Profit
    අපිට Pips කීයක් ඕනද කියල තීරණය කරලා ඒ වෙන කොට Rate එක බලල මෙතන දාන්න පුළුවන්. එතකොට ඒ අගයට ආ විගසම Broker Trade එක Close කරනවා. ඒක MT4 එකෙන් Auto වෙනවා.
    5. Type
    මෙතන click කලාම Instant Execution , Pending Order කියල තේරීම් 2 ක් පෙන්නනවා. Instant Execution තේරුවොත් ඒ මොහොතේම Trade එක ක්‍රියාත්මක වෙනවා. Pending Order ගැන පසුව පැහැදිලි කරලා දෙන්නම්
    6. Sell ,Buy
    මෙතනින් අපිට තෝරන්න පුළුවන් අපි කරන Trade එක "Sell " එකක්ද "Buy " එකක්ද යන වග.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අපි දැන් මුල්ම Trade එක කරන්න යන්නෙ. EUR /USD Chart එක බැලුවහම Rate එක අඩුවෙයි කියල අනුමාන කරන්න පුළුවන්.(අනුමාන කරන විධිය ගැන පසුව පැහැදිලි කරලා දෙන්නම්.)
    ඒ නිසා මම තීරණය කරනවා Sell Order එකක් දාන්න.
    Volume එක 1 තෝරනවා.
    මම pips 30 ක් විතර අනික් පැත්තට Stop Loss එක තියන්නම්.
    Take Profit එක pips 20 ක්.
    මේ 2 ම පස්සේ වෙනස් කරන්න පුළුවන්. මම නම් මේවා adjust ක‍රන්නෙ හැම වෙලේම Trade එක Open කලාට පස්සෙයි

    11715932.jpg


    දැන් Sell button එක click කරන්න. එවිට මේ වින්ඩෝව මතු වෙයි. එක වරම Trade එක open නොකර මේ වගේ තවත් වින්ඩෝවක් මතු වෙන්නේ තව වරක් අපි Trade එක හරිද කියල confirm කරගන්න. හේතුව Currency Pair , Volume , Sell මේ එකක්වත් open කලාට පස්සේ වෙනස් කරන්න බැහැ.විස්තර ටික හරි නම් OK කරන්න

    31628477.jpg


    11715932.jpg
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    දැන් Chart එකට පහල තියෙන Terminal වින්ඩෝවේ යට තියෙන "Trade " click කරන්න. එවිට අපට මේ වගේ අලුත් පේලි 2 ක් ඒකෙ පෙනේවි.

    89662925.jpg


    මේ තියෙන්නෙ මම විනාඩි කීපයක් ගිහින් ගත්ත Screen Shot එකක්. මෙතන උඩ පේලියේ තියෙන්නෙ අපි දාපු Trade එක සම්බන්ධ විස්තර. ක හොඳින් අවබෝධ කරගන්න බලන්න. මම හිතන්නේ ඒ ටික ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්
    ඊට යට පේලියේ තියෙනවා

    Balance 3 000.00
    Equity 3007.00
    Margin 128.63
    Free Margin 2878.37
    Margin Level 2337.71%
    Profit 7.00
    අපි දැන් බලමු මේ ගණන් ටික හැදිලා තියෙන්නෙ කොහොමද කියල
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Hy blcdilruk :) i opened an account on etoro and in practise account got a profit of $100 thanx a lot hope u will give some strategies to grow, buy the way MT4 is still bit confusing to me i mean the process of placing bids and selling etc..

    :yes::yes:

    Can you share some basic stuff in this thread? Just to get some newbie like me started.

    I tried using their demo account. So far so good but I only starting small.

    ____________________
    All things are difficult before they are easy.
    vmware-grin.gif
    vmware-wink.gif
    :yes::yes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචන් මට credit card නෑ.......Forex.com එකේ දාන්න දෙන අඩුම ගාන 250$ නේ. මම කොහොමද ඒ ගාන යවන්නේ?? HNB debit card එකෙන් පුලුවන්ද??
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මචන් මට credit card නෑ.......Forex.com එකේ දාන්න දෙන අඩුම ගාන 250$ නේ. මම කොහොමද ඒ ගාන යවන්නේ?? HNB debit card එකෙන් පුලුවන්ද??

    machn etoro wala karapn blcdilruk & me also doing in etoro.

    aduma 50$ walin start karanna puluwan. 1st time 100$ deposit karot 25$ bonus hambenwa.

    anika MT4 platform ekata wada lesi terum ganna..

    try ekak deela balapn :yes:

    ArrowDownRed-animated.gif


     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    machn etoro wala karapn blcdilruk & me also doing in etoro.

    aduma 50$ walin start karanna puluwan. 1st time 100$ deposit karot 25$ bonus hambenwa.

    anika MT4 platform ekata wada lesi terum ganna..

    try ekak deela balapn :yes:

    ArrowDownRed-animated.gif


    mata e mokakata hari credit card ekak nathuwa money deposit karana widiha kiyapan ban