අපි බලමු එහෙනම් මේ Lines වලින් කොහොමද ඉදිරිය අනුමාන කරන්නෙ කියල. ඒ සඳහා අපි තේරුම්ගත යුත්තේ Resistance, Support Lines වලින් Chart එක වෙනස් වන ආකාරයයි.Chart එක Line එකක් ගාවට ගියාම වෙන්න පුළුවන් සිද්ධීන් 2 යි නෙ.
1. Chart එක Line කඩාගෙන ගිය පැත්තටම යාම(Breakout)
2. Line එකේ හෝ අසලින් නැවත හැරීම(Bouncing)
1. Chart එක Line කඩාගෙන ගිය පැත්තටම යාම(Breakout)
2. Line එකේ හෝ අසලින් නැවත හැරීම(Bouncing)
ඔන්න මම ඉහත රූපයෙන් පෙන්නලා තියෙනවා Lines ලඟදි Chart එකට මොකද වෙන්නේ කියල. අපට මේ කිසිම එකක් සෑම විටම SL වත් RL වත් කියල කියන්න බැහැ. හේතුව නම් Breakout එකකින් පස්සේ SL එක RL එකක් බවටත් RL එක SL එකක් බවටත් පත්වෙනවා.
SL3 එක දිහා බැලුවහම පේනවා නේද ඒක මම SL එකක් කියල දාල තියෙන්නේ "අංක 5 Bounce" එකත් එක්කයි. නමුත් Resistance Area එක ලඟදි පේනවද ඒක RL බවට පත්වෙලා. තව කාරණයක් තමයි ශක්තිමත් Line එකක් ලඟදි ඒක තරමක් හිර වෙවී ඉඳල(struggling) තමයි Bounce වෙන්නෙ හෝ Breakout වෙන්නෙ. ඉහත රූපයේ පරිදි උඩම RL එකේදී Bounce වලදීත් Resistance Area වලදීත් 1 වන හා 3 වන Breakout වලදීත් ඒක හොඳින් බලාගන්න පුළුවන්. එහෙනම් මේ ටික දිහා බලල ට්රේඩ් කරන විධිය ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන් කියල මම හිතනවා.මේ ගැන තව දැනගන්න තියෙන දේවල් ඉක්මනින් සාකච්ඡා කරමු. තව ගොඩක් දේවල් දෙන්න තියෙනවා.
Last edited:
+++
