Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අපි බලමු එහෙනම් මේ Lines වලින් කොහොමද ඉදිරිය අනුමාන කරන්නෙ කියල. ඒ සඳහා අපි තේරුම්ගත යුත්තේ Resistance, Support Lines වලින් Chart එක වෙනස් වන ආකාරයයි.Chart එක Line එකක් ගාවට ගියාම වෙන්න පුළුවන් සිද්ධීන් 2 යි නෙ.
    1. Chart එක Line කඩාගෙන ගිය පැත්තටම යාම(Breakout)
    2. Line එකේ හෝ අසලින් නැවත හැරීම(Bouncing)

    bouncingbreakouts.jpg

    ඔන්න මම ඉහත රූපයෙන් පෙන්නලා තියෙනවා Lines ලඟදි Chart එකට මොකද වෙන්නේ කියල. අපට මේ කිසිම එකක් සෑම විටම SL වත් RL වත් කියල කියන්න බැහැ. හේතුව නම් Breakout එකකින් පස්සේ SL එක RL එකක් බවටත් RL එක SL එකක් බවටත් පත්වෙනවා.

    bouncingbreakouts2.jpg

    SL3 එක දිහා බැලුවහම පේනවා නේද ඒක මම SL එකක් කියල දාල තියෙන්නේ "අංක 5 Bounce" එකත් එක්කයි. නමුත් Resistance Area එක ලඟදි පේනවද ඒක RL බවට පත්වෙලා. තව කාරණයක් තමයි ශක්තිමත් Line එකක් ලඟදි ඒක තරමක් හිර වෙවී ඉඳල(struggling) තමයි Bounce වෙන්නෙ හෝ Breakout වෙන්නෙ. ඉහත රූපයේ පරිදි උඩම RL එකේදී Bounce වලදීත් Resistance Area වලදීත් 1 වන හා 3 වන Breakout වලදීත් ඒක හොඳින් බලාගන්න පුළුවන්. එහෙනම් මේ ටික දිහා බලල ට්‍රේඩ් කරන විධිය ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන් කියල මම හිතනවා.මේ ගැන තව දැනගන්න තියෙන දේවල් ඉක්මනින් සාකච්ඡා කරමු. තව ගොඩක් දේවල් දෙන්න තියෙනවා.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    එහෙමනම් ඔබට පැහැදිලි ඇති Support Line හෝ Resistant Line එකක් අසල හැසිරීම කෙසේද කියා. Support Line හෝ Resistant Line එකක් ලඟදී වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ ආපහු හැරිලා යන්නයි.(Reverse) ඒ කියන්නේ බොහෝ දුරට Support Line හෝ Resistant Line එකක් කියන්නේ Reversal Signal එකක්.
    ඒ වගේම පවතින Trend එකම දිගටම පවත්වාගෙන යන බවට ඉඟි කරන Signal තියෙනවා. ඒවාට කියන්නේ Continuing Signals කියල. මේ Signal වර්ග 2 මත තමයි අපට යන දිශාව සොයාගන්න පුළුවන් වෙන්නේ. මේකට අපිට ලොකු සහයෝගයක් ගන්න පුලුවන් Candlestick Chart එකේ Candlestick Pattern වලින්. අපි එහෙමනම් මෙතනින් පස්සේ තරමක් දුරට මේ ගැන සාකච්ඡා කරමු.
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    a15o.jpg

    Doji (Candle with No Body)
    මේකේ විස්තර ටික හෙට දාන්නම්. අද වෙලාවක් නැහැ.

    Last edited:

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    machan, Im also interested in this one. What do you think about those signals and stuff? can we set it to automatically do all the transactions?
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    Siira kollem machan uba !! maath wadee poooddak dannawa .. !! oya analyse karana eka thama karanna danne naththe !! godak un dannawa unaata kiyala denne naa .. !!

    sira porak !! wade karan yanna api balan ennawa !!

    Thank you once again !!
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Bull හෝ Bear Candle එකක් හැදෙන්නෙ කොහොමද කියල මම මුලින්ම කියල දෙන්නම්. මොනයම් හෝ දෙයක් වැඩිපුර මිලදී ගැනීම් වුනොත් මොකද වෙන්නේ? ඒවායේ තොග අඩුවෙන නිසා මිල ඉහල යනවා. (ඉල්ලුම සැපයුම). ඒ කියන්නේ EUR වැඩිපුර මිල දී ගැනීම් Forex Market එකේ වෙනවනම් යුරෝ මිල වැඩි වෙනවා. එහෙමනම් අපි තෝරාගත් කාල සීමාවක් තුල යුරෝ අලෙවි කිරීම් වලට වඩා මිල දේ ගැනීම් වැඩි නම් යුරෝ මිල වැඩිවෙනවා. ඒ කියන්නේ අපි තෝරාගත් කාල සීමාව තුල ආරම්භක අගයට(Opening Rate) වඩා අවසාන අගය(Closing Rate) වැඩියි. එහෙමනම් හැදෙන්නෙ Bull Candle එකක්. ඒ කියන්නේ මේ කාල සීමාව තුල Buyers ලගේ ක්‍රියාකාරිත්වයට වඩා Sellers ලගේ ක්‍රියාකාරිත්වයට වඩා වැඩියි. මේකෙම අනික් පැත්ත වෙනකොට තමා Bear Candle එකක් හැදෙන්නෙ.

    එහෙමනම් අපි දාන Buy Trade එක නිසාත් බලපෑමක් වෙනවද?

    ඔව් සහතිකවම... නමුත් අපි දාන මුදල Market එකේ සිදුවෙන ගනුදෙනු එක්ක බැලුවම සොච්චමක් විතරයි. අපි $1000 ක Buy එකක් දැම්මත් ඒකෙන් බොහෝ විට 10 වෙනි දශම ස්ථානයවත් වෙනසක් කෙරෙන එකක් නැහැ. කොහොම උනත් අනිවාර්යයෙන්ම වෙනසක් වෙනවා.

    එහෙමනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති Doji කියන්නේ මොකක්ද කියල. ඒ කාල සීමාව තුල පාලනය Buyersලාටවත් Sellersලාටවත් ගන්න බැරි වෙලා. දෙගොල්ලන්ගෙන්ම වුනු ක්‍රියාකාරිත්වය සමානයි. සමාන ප්‍රමාණයක්(Volume) මිලදී ගැනීම් හා විකිණීම් වෙලා.
    මේක Reversal Signal එකක්.

    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Doji මතු වුනහම අපිට Forex Signal එකක් දෙන්නනම් හැම වෙලේම ඊට පෙර Candles බලන්න වෙනවා. ඊට පෙර තියෙන්නෙ Bull Trend එකක් නම් Doji ට පස්සේ අපිට හිතන්න පුළුවන් Bear Trend එකක් එයි කියල. එක දිගට Bull Candles කීපයකට පස්සේ Doji එනවා කියන්නේ Sellers ලගේ ශක්තිය වැඩි වෙන්න පටන් ගත්ත කියන එකයි. ඒ කියන්නේ මේ දක්වා Buyers ල අතේ තිබුණු පාලනය Sellers ල ගන්න යන්න බවට ඉඟියක්.

    මම දැන් කියල දෙන්නම් Forex Signal එකක් හදාගන්න විධිය
    අද EUR/USD M30 Chart එකේ උදේ 6.00 ට හැදිච්ච Candle එක Doji ක්. මේකේ Open සහ Close අතර වෙනස pip 1 ක් තියෙනවා. නමුත්
    Doji කියන්නේ මේ වෙනස 0 ක් වෙන එකකටනේ. ඒත් අපිට මේ වගේ ආසන්න වශයෙන් හැදෙන එව්වත් Doji කියල ගන්න පුළුවන්.(මම තව පාවිච්චි කරන UWC MT4 එකේනං මෙතන හරියටම Doji ක් හැදිලා තියෙනව)
    blcdilruk
    blcdilruk

    a16ak.jpg

    බලන්න Doji ට පෙර Bear Candle 2 ක් තියෙන්නෙ.(Bear Trend එකක්) එතන Resistance Line(RL) එකක් තියෙනවා. එහෙමනම් අපිට හිතන්න පුළුවන් විකල්ප 2 යි. එක්කෝ RL එක කඩාගෙන පහලට යයි(Breakout). එහෙම නැත්නම් හැරිලා උඩට යයි(Reverse). එතැනම Doji ආව කියන්නේ ආපහු හැරිලා යයි කියල ලැබෙන තව ඉඟියක්(RL එකට අමතරව)
    ඒත් හදිස්සි වෙන්න එපා. තවත් තහවුරු කරගන්න.
    Doji යේ ඉහල අගයට(High Rate) වඩා pip 1 ක් ඉහල ගියාට පස්සේ Buy Trade එක දාන්න. Doji එක උඩට mouse එකේ arrow එක අරන් ගියාම High Rate එක බලාගන්න පුළුවන්.(මේකේ 1.3085) එහෙමනම් 1.3086 දී Buy Trade එක දාන්න පුළුවන්. මේ වෙලාවේ ඊට ඉහළින් තියෙන RL එක තියෙන්නෙ 1.3135 න්. නමුත් ඊට පහල තරමක් දුර්වල RL එකක් තියෙනවා 1.3117 දී.(මේක මම රූපයේ පෙන්නලා නැහැ.) ඒ නිසා Take Profit 1.3115 විතර දාන එක හොඳයි. ඊට පස්සේ බලන් ඉඳල 1.3117 කඩන යනවා නම් 1.3133 දක්වා Trade එක තියාගන්න. ඔන්න Forex signal එක හරි.
    Buy EUR/USD @ 1.3086
    TP @ 1.3115,1.3133

    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    a20va.jpg

    මේ තියෙන්නෙ ඉහත මම පෙන්නපු Forex Signal එකේ රුප සටහන.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    a19nq.jpg

    මේ තියෙන්නෙ අද USD/CAD H1 Chart එක. බලන්න එතන Doji 3 ක් තියෙනවා. ඒත් 1 වෙනි එකෙන් නම් Revers වෙලා නැහැ.Continue වෙලා තියෙන්නෙ. ඒත් මම කියපු විධියට එතන Revers වෙන්න නම් පහලම අගය(Low)ට වඩා පහලට ඊළඟ Candle එක බහින්න ඕන නෙ. ඒත් එහෙම බැහැල නැහැ. එනිසා ඒක Revers Signal එකක් වෙන්න විධියක් නැහැ. ඒක False Signal එකක් එහෙම නැත්නම් Fake Signal(බොරු) එකක්.
    නමුත් 2 වෙනි එකේදි ආපහු හැරෙන්න නම් ඉහල යන්නයි ඕන. Doji එකේ ඉහල අගයට වඩා ඊළඟ Candle ක ඉහල ගිහින්. එනිසා Buy Order එකක් දාන්න පුළුවන්.
    ඒ වගේම 3 වෙනි එක දිහාත් බලලා තේරුම් ගන්න.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    a19nq.jpg

    මේ තියෙන්නෙ අද USD/CAD H1 Chart එක. බලන්න එතන Doji 3 ක් තියෙනවා. ඒත් 1 වෙනි එකෙන් නම් Revers වෙලා නැහැ.Continue වෙලා තියෙන්නෙ. ඒත් මම කියපු විධියට එතන Revers වෙන්න නම් පහලම අගයට වඩා පහලට ඊළඟ Candle එක බහින්න ඕන නෙ. ඒත් එහෙම බැහැල නැහැ. එනිසා ඒක Revers Signal එකක් වෙන්න විධියක් නැහැ. ඒක False Signal එකක් එහෙම නැත්නම් Fake Signal එකක්.
    නමුත් 2 වෙනි එකේදි ආපහු හැරෙන්න නම් ඉහල යන්නයි ඕන. Doji එකේ ඉහල අගයට වඩා ඊළඟ Candle ක ඉහල ගිහින්. එනිසා Buy Order එකක් දාන්න පුළුවන්.
    ඒ වගේම 3 වෙනි ඒක දිහත් බලලා තේරුම ගන්න.

    ``ඒත් මම කියපු විධියට එතන Revers වෙන්න නම් පහලම අගයට වඩා පහලට ඊළඟ Candle එක බහින්න ඕන නෙ.``

    මචන්, මේ කියල තියන දේ පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ???
     
    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    a19nq.jpg

    මේ තියෙන්නෙ අද USD/CAD H1 Chart එක. බලන්න එතන Doji 3 ක් තියෙනවා. ඒත් 1 වෙනි එකෙන් නම් Revers වෙලා නැහැ.Continue වෙලා තියෙන්නෙ. ඒත් මම කියපු විධියට එතන Revers වෙන්න නම් පහලම අගයට වඩා පහලට ඊළඟ Candle එක බහින්න ඕන නෙ. ඒත් එහෙම බැහැල නැහැ. එනිසා ඒක Revers Signal එකක් වෙන්න විධියක් නැහැ. ඒක False Signal එකක් එහෙම නැත්නම් Fake Signal එකක්.
    නමුත් 2 වෙනි එකේදි ආපහු හැරෙන්න නම් ඉහල යන්නයි ඕන. Doji එකේ ඉහල අගයට වඩා ඊළඟ Candle ක ඉහල ගිහින්. එනිසා Buy Order එකක් දාන්න පුළුවන්.
    ඒ වගේම 3 වෙනි ඒක දිහත් බලලා තේරුම ගන්න.

    1 වෙනි එක fake signal කියලා කලින් දෑන ගන්න විදියක් තියෙනවද?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Doji මතු වුනහම අපිට Forex Signal එකක් දෙන්නනම් හැම වෙලේම ඊට පෙර Candles බලන්න වෙනවා. ඊට පෙර තියෙන්නෙ Bull Trend එකක් නම් Doji ට පස්සේ අපිට හිතන්න පුළුවන් Bear Trend එකක් එයි කියල. එක දිගට Bull Candles කීපයකට පස්සේ Doji එනවා කියන්නේ Sellers ලගේ ශක්තිය වැඩි වෙන්න පටන් ගත්ත කියන එකයි. ඒ කියන්නේ මේ දක්වා Buyers ල අතේ තිබුණු පාලනය Sellers ල ගන්න යන්න බවට ඉඟියක්.

    මම දැන් කියල දෙන්නම් Forex Signal එකක් හදාගන්න විධිය
    අද EUR/USD M30 Chart එකේ උදේ 6.00 ට හැදිච්ච Candle එක Doji ක්. මේකේ Open සහ Close අතර වෙනස pip 1 ක් තියෙනවා. නමුත්
    Doji කියන්නේ මේ වෙනස 0 ක් වෙන එකකටනේ. ඒත් අපිට මේ වගේ ආසන්න වශයෙන් හැදෙන එව්වත් Doji කියල ගන්න පුළුවන්.(මම තව පාවිච්චි කරන UWC MT4 එකේනං මෙතන හරියටම Doji ක් හැදිලා තියෙනව)
    blcdilruk
    blcdilruk

    a16ak.jpg

    බලන්න Doji ට පෙර Bear Candle 2 ක් තියෙන්නෙ.(Bear Trend එකක්) එතන Resistance Line(RL) එකක් තියෙනවා. එහෙමනම් අපිට හිතන්න පුළුවන් විකල්ප 2 යි. එක්කෝ RL එක කඩාගෙන පහලට යයි(Breakout). එහෙම නැත්නම් හැරිලා උඩට යයි(Reverse). එතැනම Doji ආව කියන්නේ ආපහු හැරිලා යයි කියල ලැබෙන තව ඉඟියක්(RL එකට අමතරව)
    ඒත් හදිස්සි වෙන්න එපා. තවත් තහවුරු කරගන්න.
    Doji යේ ඉහල අගයට(High Rate) වඩා pip 1 ක් ඉහල ගියාට පස්සේ Buy Trade එක දාන්න. Doji එක උඩට mouse එකේ arrow එක අරන් ගියාම High Rate එක බලාගන්න පුළුවන්.(මේකේ 1.3085) එහෙමනම් 1.3086 දී Buy Trade එක දාන්න පුළුවන්. මේ වෙලාවේ ඊට ඉහළින් තියෙන RL එක තියෙන්නෙ 1.3135 න්. නමුත් ඊට පහල තරමක් දුර්වල RL එකක් තියෙනවා 1.3117 දී.(මේක මම රූපයේ පෙන්නලා නැහැ.) ඒ නිසා Take Profit 1.3115 විතර දාන එක හොඳයි. ඊට පස්සේ බලන් ඉඳල 1.3117 කඩන යනවා නම් 1.3133 දක්වා Trade එක තියාගන්න. ඔන්න Forex signal එක හරි.
    Buy EUR/USD @ 1.3086
    TP @ 1.3115,1.3133

    machan signal 1ka ganna nam hama welema doji ekata passe thiyana candle 1ka diha balanna oneda?? meka godak hariyanne mona chart walatada machna??
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    machan signal 1ka ganna nam hama welema doji ekata passe thiyana candle 1ka diha balanna oneda?? meka godak hariyanne mona chart walatada machna??

    Thava godak dewal thiyenava... kohoma unath Doji eken pennana Reversal Signal eka thawa tikak Confirm karagannay doji ekata passe thiyana candle 1ka diha balanna one..15M ho ita vadi ewwa
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    1 වෙනි එක fake signal කියලා කලින් දෑන ගන්න විදියක් තියෙනවද?

    අපිට Forex වල කිසිම කෙනෙකුට 100% නිවැරදිව අනාවැකි කියන්න බැහැ. මේ වගේ වෙලාවක තවත් Indicators තියෙනවා බලන්න. කොහොම උනත් ඊළඟ Candle එක Doji යේ Low Rate එකට වඩා පහලට ගියොත් Signal ඒක නිවැරදි වීමේ සම්භාවිතාවය වැඩි කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: zirconium

    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    අපිට Forex වල කිසිම කෙනෙකුට 100% නිවැරදිව අනාවැකි කියන්න බැහැ. මේ වගේ වෙලාවක තවත් Indicators තියෙනවා බලන්න. කොහොම උනත් ඊළඟ Candle එක Doji යේ Low Rate එකට වඩා පහලට ගියොත් Signal ඒක නිවැරදි වීමේ සම්භාවිතාවය වැඩි කරගන්න පුළුවන්.

    thank u.nice work :yes::yes::yes: