Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මේ තියෙන්නෙ හොඳ Reversal Signal 2 ක්. බලන්න තේරුම ගන්න පුලුවන්ද කියල.... කලින් පෙන්නපු ඒවා ඔක්කොම එක Candle එකක් තිබුණු ඒවා වුනාට මේ 2 ම Candlestik යුගලය බැගින් තියෙනවා.

    piercingline.jpg

     
    Last edited:
    • Like
    Reactions: azarox

    flashmark

    Member
    Aug 1, 2007
    67
    1
    0
    මේ තියෙන්නෙ හොඳ Reversal Signal 2 ක්. බලන්න තේරුම ගන්න පුලුවන්ද කියල.... කලින් පෙන්නපු ඒවා ඔක්කොම එක Candle එකක් තිබුණු ඒවා වුනාට මේ 2 ම Candlestik යුගලය බැගින් තියෙනවා.

    piercingline.jpg


    Thawa tikak explain karanna puluwanda macha0?

    E ekkama tawath ekak.forex news terum ara0 trade karana widiya ganath kiya denna.forexfactory.com eken news wala effect eka(critcal,medium...) kiyala tibunata ewa nisa bulish trend ewida bearish weida kiyala terum ganna maraui.pls explain
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    piercingline.jpg


    • 1 වෙනි Candle එකේ Low අගයට පහලින් 2 වෙනි Candle එක පටන්ගත(Start) යුතුය.
    • 1 වෙනි Candle එකේ High අගයට පහලින් සහ 1 වෙනි Candle එකේ body එකේ මැදට ඉහළින් 2 වෙනි Candle එක අවසාන විය(Close) යුතුය.

    මේ වගේම Dark Cloud Cover එක ගැනත් තේරුම් ගන්න පුළුවන් නේද? මේකෙම අනිත් පැත්ත.
     
    Last edited:
    • Like
    Reactions: GDThanuja

    flashmark

    Member
    Aug 1, 2007
    67
    1
    0
    piercingline.jpg


    • 1 වෙනි Candle එකේ Low අගයට පහලින් 2 වෙනි Candle එක පටන්ගත(Start) යුතුය.
    • 1 වෙනි Candle එකේ High අගයට පහලින් සහ 1 වෙනි Candle එකේ body එකේ මැදට ඉහළින් 2 වෙනි Candle එක අවසාන විය(Close) යුතුය.

    මේ වගේම Dark Cloud Cover එක ගැනත් තේරුම් ගන්න පුළුවන් නේද? මේකෙම අනිත් පැත්ත.

    හරි මචන්. තැන්ක්ස්
    candle දෙකක් මේ විදියට හැම නිටරම reverse වෙනවද? නැත්නම් resistance line ළඟ තිබුනොත් විටරද reverse වෙන්නේ?

    ලාස්ට් වීක් එකේ ගෝල්ඩ් 100$ වගේ down වෙන්න reason එක මොකක්ද? මගේ account එක close උනා වැටුණු වැටිල්ලට(-9$).
    අන්න ඒ වගේ ලොකු downtrend or uptrend කලින් දැන ගන්න විදියක් තියෙනවද? දිගටම lesson kara0 යන්න.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    marubozu.jpg


    Marubozu Open=Low සහ Close=High වුනු Candle එකක්.එහෙම නැත්නම් Open=High සහ Close=Low වුනු එකක්. සරලවම කිව්වොත් මේකෙ Shadows නැහැ. ඒ වගේම තරමක් දිගට හැදෙන්නත් ඕන.මෙහෙම එකක් ආවහම සාමාන්‍යයෙන් ඒ Candle එකෙන් පෙන්නන පැත්තටම Trend එකක් හැදෙනවා.
    Bull Marubozu=Bull Trend
    Bear Marubozu=Bear Trend

     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    හරි මචන්. තැන්ක්ස්
    candle දෙකක් මේ විදියට හැම නිටරම reverse වෙනවද? නැත්නම් resistance line ළඟ තිබුනොත් විටරද reverse වෙන්නේ?

    ලාස්ට් වීක් එකේ ගෝල්ඩ් 100$ වගේ down වෙන්න reason එක මොකක්ද? මගේ account එක close උනා වැටුණු වැටිල්ලට(-9$).
    අන්න ඒ වගේ ලොකු downtrend or uptrend කලින් දැන ගන්න විදියක් තියෙනවද?
    Candlestick Signals මම නම් අනුමත කරන්නෙ SL, RL, Trend Line, Indicators එක්ක එන Signals තහවුරු කරගන්න පාවිච්චි කරන්න කියලයි.

    Gold වලට වුනේ මමනම් හිතන්නේ News එකක් බලපාන්න ඇති.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    kicking.jpg

    මේක තරමක් දුර්ලභ අවස්ථාවක්. Kicking එකකදි අනිවාර්යයෙන්ම Candles 2 අතර ඉඩක් තියෙන්න ඕන. ඒ වගේම මේ 2 ම Marubozu වෙන්නත් ඕන. මෙහෙම ආවොත් ඊට පෙර තිබුණු Trend එක කුමක් වුවත් 2 වෙනි Candle එකේ දිශාවට තමයි යන්නෙ.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    kiyala wedak ne.loss ma thamai :(:(:(
    85% කට වැඩියෙන් මේ වැඩේදි loss. මම මේ නූලෙන් බලාපොරොත්තුවෙන්නෙ මේක බලන අය ඉතිරි 15% ට තල්ලු කරන්න.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    dojistar.jpg

    Doji Star හඳුනාගනිමු


    • 1 වෙනි Candle එක තරමක් දිග විය යුතුය.
    • ඊට තරමක් ඈතින්(no overlap) Doji තිබිය යුතුය
    • 3 වෙනි Candle එක විරුද්ධ දිශාවට පිහිටිය යුතු අතර එය 1 වෙනි Candle එකේ Body එක සීමාවේ Close විය යුතුය
    Evening Doji Star ට පෙර Trend එක Bull නම් එය Bearish Reversal Pattern එකකි.

    Morning Doji Star ට පෙර Trend එක Bear නම් එය Bullish Reversal Pattern එකකි.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    abandonedbaby.jpg


    Abondoned Baby යනු Doji Star හි විශේෂ අවස්ථාවකි. මෙය ඊට වඩා විශ්වාසදායක වන අතර එකම වෙනස නම් 1 වෙනි හා 3 වෙනි Candle 2 ටම ඈතින් Doji පිහිටීමයි.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    stargc.jpg


    Star හඳුනාගනිමු

    • 1 වෙනි Candle එක තරමක් දිග විය යුතුය.
    • ඊට තරමක පරතරයකින්(no overlap) කුඩා Candle එකක් හෝ කීපයක් තිබිය යුතුය(වර්ණය ගැටළුවක් නැත)
    • 3 වෙනි Candle එක විරුද්ධ දිශාවට පිහිටිය යුතු අතර එය 1 වෙනි Candle එකේ Body එක සීමාවේ Close විය යුතුය
    Evening Star ට පෙර Trend එක Bull නම් එය Bearish Reversal Pattern එකකි.

    Morning Star ට පෙර Trend එක Bear නම් එය Bullish Reversal Pattern එකකි.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Candlestick Pttern ටික යන අතරේ මට හිතුන Trend Line ගැන මම කලින් දාපු ටිකක් මෙතනට දාන්න. Candlestick Pttern ටිකත් දිගටම දාන්නම්.