Forex මුල සිට සරලව: පළමු පාඩම් මාලාව: වෙළදපොල හද#
ආයුබෝවන්!
සෑමදෙනාම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් අඩවියට.
මම මෙම බ්ලොග් අඩවියෙන් කතාකරන්නේ යන්නේ CFD Trading (Contract for Difference) පිළිබදවයි. එහෙමත් නැත්තම් ෆොරෙක්ස්/ ස්ටොක්ස්/ කොමොඩිටීස් ලෙස විග්‍රහ කරන්න පුළුවන්. ඇත්තටම දැන් මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒ වගේම මේ පිළිබදව ඉගෙනගන්න උත්සහ කරන අයත් ගොඩක් ඉන්නවා. ඉතින් හැමදෙනාටම සරලව ඉගෙනගන්න ලේසි වෙන විදියට මම මේ පාඩම මාලාව කරගෙන යන්නම්. හොදයි ගොඩක් අය නිතර කතාකරන්නේ ෆොරෙක්ස් ගැන නිසා මුලින්ම ෆොරෙක්ස් ගැන කතාකරමු.
ෆොරෙක්ස් යනු කුමක්ද?
ෆොරෙක්ස් යනු ෆොරිග්න් එක්ස්චේන්ග් (Foreign Exchange) යන වචනය කෙටිවීමෙන් හැදුනු නමක්. එහෙම නැත්තම් මුල්‍ය වෙළදපොලයි. ඇත්තටම මෙතනදී ගනුදෙනු වෙන්නේ මුදල් කියාල දැන් අපි කව්රුත් දන්නවා. ඉතින් මම මේ ගැන වැඩි විස්තර කියන්නේ නැහැ. මොකද ඔයාලා දැනටමත් මේවා දන්නවා. ගොඩක් අය මේක දන්නවා උනාට ඇත්තටම මේක ක්‍රියාකරන්නේ කොහොමද කියාල දන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ගැන ඉගෙනගමු.
සැපයුම සහ ඉල්ලුම (Supply & Demand)
ඇත්තටම CFD වෙළදපොල පාලනය වන්නේ මේ මතයි. හොදයි මෙහෙම කිව්වට තේරෙන් නැති නිසා අපි උදාහරණයක් ගමු. ඔයාලා කව්රුත් දන්නවනේ සති පොළ, එතන මොකක්ද වෙන්නෙ? ගනුදෙනු නේද? පිරිසක් බඩු විකුණනවා තවත් පිරිසක් මිලදී ගන්නවා. අන්න ඒ වගේ තමයි මෙන්න මේ CFD වෙලෙදපොලත්. හොදයි අපි මේ ගැන දැන් කතා කරමු.
සැපයුම (Supply)
අපි ඉහත උදාහරණයම ආදර්ශයට අරන් කතාකරමු. දැන් අපෙ සතිපොළේ ඉන්නවා පළතුරු විකුණන වෙළෙන්දෙක්. හොද කරත්තකොලොම්බන් අඹ. මෙයා මේ එක ගෙඩියක් විකුනන්නේ රු:150 ගානේ. නමුත් පොල විවෘත කරලා පැයක් යද්දි ඔක්කොම විකිනෙනවා. ගෙඩි 100 ක් විකුණුවා කියල හිතමුකෝ. ඉතින් මෙයාගේ දවසක අදායම රු: 150x100= රු: 15000. මෙයාගේ අඹ ගෙඩි වලට ඉල්ලුම වැඩි නිසා මෙයා දෙවෙනි සතියේ අඹ ගෙඩියක් විකුනන්නේ රු: 165 ගානේ. ඉතින් එදා ගෙඩි 150 ක් විකුණනවා. මෙයාගේ අදායම රු:165 x 150 = රු. 24750 ක්. ඉතින් මේ ගැන අවට ගම් වල පළතුරු වෙළෙන්දොත් දැනගන්නවා මේ ගමේ සති පොළෙන් අබ විකුනල ලොකු ලාබයක් ගන්න පුළුවන් කියල. ඉතින් ලබන මාසේ ඔන්න වෙළෙන්දෝ 10 දෙනෙක් ඇවිත් සති පොලේ කරත්තරකොලොම්බන් විකුණනවා. ඉතින් අපි කව්රුත් දන්නවා මේ 10 දෙනා අතුරින් කව්රුහරි 150 ගානේ අඹ විකුණනවා ඉක්මනට ගැනුම්කරුවන් අල්ලගන්න. ඔන්න තව කෙනෙක් 145 ට විකුණනවා. ඔන්න ඊටපස්සේ තව කෙනෙක් 140 ට විකුණනවා. අන්තිමට මොකද උනේ? කරත්තකොලොම්බන් වල අගය අඩු උනා නේද? හොදයි මේක කොහොමද අපෙ CFD වෙළදපොලට බලපාන්නේ කියල අපි බලමු. උදාහරණයක් විදියට රත්තරං ගමු.
රත්තරං විකුනන්නේ දෙන්නයි. නමුත් ගන්න සියදෙනෙක් ඉන්නවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩි. මොකද වෙන්නෙ රත්තරං මිල ඉහල යනවා. මේක දැනගන්නවා තව තවත් රත්තරං කොන්ත්‍රාත්කරුවන්. ඉතින් එයාලත් රත්තරං විකුනන්න සැරසෙනවා. සැපයුමට වඩා ඉල්ලුම අඩු වෙනවා. මොකද වෙන්නෙ දැන්? රත්තරං මිල අයෙ පහත බහිනවා.
ඉල්ලුම (Demand)
හොදයි ඔන්න අපෙ සති පොලේ දැන් කරත්තකොලොම්බන් අඹ ගෙඩියක මිල රු:60 ම බැහැල. ඒ කියන්නේ ඉල්ලුමට වඩා සැපයුම වැඩි වෙලා. දැන් මොකද වෙන්නෙ? අවට ගම්වල ඉන්න මිනිස්සුත් දැනගන්නවා මේ සති පොලේ අඹ මිළ ගොඩක් අඩුයි කියල. ඉතින් ගිය මාසේ 100 දෙනයි අඹ ගන්න හිටියේ. මේ මාසේ 250 දෙනෙක් ඇවිත්. දැන් හැමෝටම ගන්න තරම් වෙළෙන්දෝ ළඟ අඹ නැහැ. දැන් අයෙත් ඉල්ලුමට වඩා සැපයුම අඩු වුනා. ඔන්න අඹ වෙළෙන්දෝ දැන් ටික ටික අඹ මිල වැඩිකරනවා. දැන් අඹ ගෙඩියක් 80 වෙලා. ඔන්න ලබන මාසේ 90 වෙලා. හොදයි මේක කොහොමද අපෙ CFD වෙළදපොලට බලපාන්නේ කියල අපි බලමු.
රත්තරං විකුනන්නේ 10 දෙනයි. නමුත් ගන්න ඉන්නෙ 100 දෙනයි. ඉල්ලුමට වඩා සැපයුම වැඩි වෙලා. මොකද වෙන්නෙ රත්තරං මිල පහල යනවා. මේක දැනගන්නවා තව තවත් ගැනුම්කරුවන්. ඉතින් එයාලත් රත්තරං මිලදීගන්නවා. ඉල්ලුමට වඩා සැපයුම අඩු වෙනවා. මොකද වෙන්නෙ දැන්? රත්තරං මිල අයෙ ඉහල යනවා.
මීළඟ පාඩමින් නැවත හමුවෙමු.
සුභ දවසක්!
http://forex-guru.com/

Last edited: