සූර්ය බලයට මාරුවීම ඇත්තටම වාසිද ?
ඔබ සතු 600000 මුදලක් යොදවා සූර්ය පැනල සවිකරනවා හිතමු. එය මගින් රුපියල් 8000 ක පමන විදුලි බිලක් ඉතිරි වෙනවා යැයි සිතුවොත්..
රුපියල් 600000ක් 10% පොලියට අවුරුදු 10 බැන්කුවෙ තිබ්බොත් රුපියල් 1556000 වගේ මුදලක් එකතුවෙයි (මුල් මුදලද සමඟ)
මෙය මගින් රුපියල් 8000 ක විදුලි බිලක් මාසිකව සහ එය සෑම වසරකම 5% බැගින් වැඩිවෙනවා සිතුවොත් වසර 10ක විදුලි බිල නොගෙවීමේ එකතුව රුපියල් 1207000. පාඩුව 350000 කට ආසන්නයි.
මෙය මගින් රුපියල් 8000 ක විදුලි බිලක් මාසිකව සහ එය සෑම වසරකම 10% බැගින් වැඩිවෙනවා සිතුවොත් වසර 10ක විදුලි බිල නොගෙවීමේ එකතුව රුපියල් 1530000. පාඩුව 26000 කට ආසන්නයි.
වසර 10කිනුත් ආයෝජන මුදල පියවෙන්නේ නැතිනම් වාසිය කුමක්ද ?
ඔබ බැංකු ණයකින් මෙය කලත් වෙනසක් නැත