වත්මන් නව රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වූ පරිදි සෑම පුද්ගලයෙකුට අන්තර්ජාල සම්බන්ධතාවයක් සමඟ රටපුරා නොමිලේ අන්තර්ජාල (වයි-ෆයි) පහසුකම ලබාදීමටත් ඒ සඳහා “වයි-ෆයි කලාප” 1,000 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි වයි-ෆයි කලාප ඇතිකිරීමට රජය තීරණය කර තිබෙන අතර එහි මුල් අදියර යටතේ මේ මාසය අවසන් වීමට ප්‍රථම වයි-ෆයි කලාප 250 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
එයින් අනතුරුව ඉදිරි වයි ෆයි කලාප 750 ක ප්‍රමාණය රජයේ දින සියයේ වැඩපිළිවෙලට සමඟාමීව දින 60 හා 90 අතර ආරම්භ කරන අතර එම පහසුකම සියයට 100 ක්ම නොමිලේ ලබාදෙයි.
ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සියලුම විශ්ව විද්‍යාල, දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පල, ප්‍රසිද්ධ උද්‍යාන, මහජන පුස්තකාල, සියලුම ශීක්ෂණ හා දිස්ත්‍රික් රෝහල්, නීති විද්‍යාලය, අධිකරණ සංකීර්ණ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ කෞතුකාගාර ආදී මහජනතාව වැඩි වශයෙන් පැමිණෙන ස්ථාන වෙනුවෙන් අන්තර්ජාල පහසුකම ලබාදීමට තීරණය කර තිබේ.
එක් පුද්ගලයෙකු සඳහා මසකට මෙගා බයිට් (MB) 100ක ප්‍රමාණයේ අන්තර්ජාල සබඳතාවක් නොමිලේ ලබාගත හැකිවන අතර තම ජංගම දුරතකන අංකය සහ හැදුනුම්පත් අංකය ලබාදීමෙන් ඒ සඳහා පිවිසිය හැක. මේ කාර්යයේ දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහාය ලබාදෙයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී ඊයේ (04) පැවැති අතර විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක්, සහ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Soucrce - readsrilanka