මචංලා මම වැඩි ආරක්ෂාවට කියල පෙරේදා ෆුල්ෆේස් හෙල්මට් එකක් ගත්තා. ගත්තේ නම් රු 2200ට තියෙන u.p.co එක
අවුල තියෙන්නේ මචං ඒක ටිකක් හිරයි. ඒකනම් අවුලක් නෑ කියමුකෝ. මගේ තල්ල එළියේ 
ඒක වැහෙන්නෑ
මම එතනින් ඇහැව්ව මේකට වඩා ලොකු ඒව නැද්ද කියල. උන් නෑ කියන. ඔය සයිස් එකලු හැමෝම දාන්නේ
මම කඩවල් ගොඩකට ගියා හැම එකේම තියෙන්නේ ඔය සයිස් එකමයි. ඉතින් මොනව කරන්නනද අරන් ආව 

අරන් ඇවිත් ඒකත් දාගෙන රවුමක් ගියා.



කන් දෙක ඇහෙන්නෙම නෑ වගේ ඒක දැම්මම.
මම එන්ජිමේ සද්දෙ බලල තමයි ගියර් චේන්ජ් කරන්නේ techometer එක බලල නෙමේ
ඉතින් එතන අවුල්. ඒ වගේම පෙනුමත් මාර විදියට අවුල්. දෙපැත්තෙන් පෙනුම අඩුයි. වගේම පහලත් පෙනුම අඩුයි. නෝර්මල් එක දැම්මම බයික් එකේ මීටර් බෝඩ් එක නෝමලි පේනව. හැබැයි මේකෙදි ආයාසයෙන් පහල පොඩ්ඩක් බලන්න ඕන.

අනිත් එක පට්ට විදියට දාඩිය දාන්නේ. ඒකනම් බලාපොරෝතු වෙන්න වෙනවනේ.
පස්සේ මට හිතුනා නෝර්මල් බයික් එක ගන්න කොට ලැබුන එක හොඳයි කියල දැන් ඒකම දානව.
ඇත්තට උබල කොහොමද බන් ෆුල්ෆේස් එකට හුරු උනේ? නැත්නම් මගේ හෙල්මට් එකේ අවුලක්ද?

දාන් යනකොට නම් පොඩි මෙව්ව එකක් තියෙනව

Last edited:



