ගිය සඳුදා හවස ලාවට ඇඟට සීතල ගතියක් දැනුනට ඒක එච්චර ගණන් ගත්තෙ නෑ සිංහළු එදා රෑ යාලුවෙක් එක්ක මළගෙදරකත් ගිහින් පින්නට අහු උනා

එදා රෑ නින්දක් නෑ උන ගත්ත එක ඊළඟ දවසෙත් දිගටම තිබුන..
හරියටම රෑ දෙකක් නින්ද ගියේ නෑ පොඩ්ඩක්වත්..
පැනඩෝල් පැය 6න් 6 බිව්වා ඒත් වැඩක් උනේ නෑ..
යන්තම් බදාද උදේ තමයි උන බැස්සෙ..
ඊටපස්සෙ සෙම නිසා ගිහින් ෆාමසියකින් සිට්‍රසින්, පැනඩෝල් ගත්ත.. ඇඟත් රිදෙනව කිව්වම එතනින් දුන්න mefenamic acid කියල ටැබ්ලට් එකක්..
ඒව ගෙනත් දවස් දෙකක් බිව්ව.. අඩු උනේ නෑ..
අර mefenamic acid එක මම නිකමට drugs.com එකේ ගහල බැලුව.. අම්මෝ පට්ට side effects ගොඩක් තියෙන්නෙ.. heart attack පවා එනවලු සමහරුන්ට

ඒක බීල මට හොඳටම gastritis වැඩි උනා.. තව දෙයක් එක බිව්වට පස්සෙ මට රස දැනෙන්නෙත් නෑ පොඩ්ඩක්වත්..
ඒකනම් සෙමට කියල හිතමුකො.. වැඩේ කියන්නෙ ලිපෙන් බාපු ගමන් උණු වතුර බිව්වත් රස්නෙ දැනෙන්නෙ නෑ දැන් දිවට

..
දැන් මේ ටයිප් කරන්නෙත් ඉක්ක ගගහ

අන්තිමට සිකුරාද තමයි ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගත්තෙ..
දැන් උන, සෙම අඩුයි..
ඒත් gastritis අඩු උනේ නෑ..
ඉතින් මම කියන්නෙ ඔයාලත් උණක් සේමක් හැදුනොත් හිතට එන බෙහෙත් ෆාමසි වලින් අරන් බීල ලෙඩ නරක කරගන්න එපා..
ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගන්න
එළකිරියෙ හැමෝටම නිරෝගිමත්, දුක් කරදර අඩු, අතේ සල්ලි හොඳට ගැවසෙන සුභ අළුත් අවුරුද්දක් වේවා !!