Thanks මචං reply කරන්න time ගත්තට..1. මුලින්ම demo ට්‍රේඩිං කරලා ඔයාම තීරනය කරන්න ඔයාට ස්ට්‍රෙස් අඩු විදියට තමාගෙ එදිනෙදා වැඩ වලට බාදා නොවන ක්‍රමේ මොකක්ද කියලා. ඔය සෝශල් මීඩියා influences කියන මාකටින් ගොං කතා ෆලෝ කරලා මේක බොරුවට complex කරගන්න එපා. ට්‍රේඩිං කියන්නෙ 90% psychological වැඩක්. අපි against human nature තමයි මේකෙදි financial decisions ගන්නෙ. ඒකට මොලේ හුරුකරන්න තමයි safe විදියට demo කරන්න කියන්නෙ. හොදට හිතට අරන් real වගේම ට්‍රේඩ් දාන්න. අනිවාර්යයෙන් trading journal එකක් මේන්ටේන් කරන්න නැත්නම් ඔයාගෙ mistakes progress එක මොනිටර් කරන්න බෑ. ට්‍රේඩ් එක දාන්න කලින් හා ට්‍රේඩ් එක දැම්මට පස්සෙ ඔක්කොම දේවල් ට්‍රේඩිං journal එකේ දාන්න. උදා- ට්‍රේඩ් එක දාන්න ඉන්නකොට කෙල්ල කෝල් කරා ඒ නිසා ලොට් සයිස් එක වැරදුනා වගේ ඔක්කොම දාන්න.මේක දැන් විහිලු වගේ වුනාට පස්සෙ ඔයා journal එක බලනකොට ඔයාටම තේරෙයි ලොස් වුන ට්‍රේඩ්ස් වලට හේතු. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඉස්සරහට ඒවා අවම කරගන්න එක. එතකොට නිකන්ම wining rate වැඩි වෙනවා.
2. ඕනි එකකට වැඩ හැබැයි හැම වෙලාවෙම නෙමෙයි. ඉස්සරහට ට්‍රේඩ් කරනකොට ඔයාටම තේරෙයි.
3. දෙකම. ඔයාගෙ කැපිටල් එක හා දැනුම මත රදාපවතී
4. චාට් එකේ ලෝකෙ තියෙන ඔක්කොම indicators දාගෙන අතරමං වෙන්න එපා. උපරිම 3ක් හොදටම ඇති price action එක්ක technical analysis කරලා ට්‍රේඩ් එකකට enter වෙන්න. Experience එක ගොඩක් වැදගත් ට්‍රේඩිං වලදි. ඉවසන්න පුරුදු වෙන්න පැනික් වෙලා fomo වෙන්න එපා.
5. ෆොරෙක්ස් වල ට්‍රේඩිං වල normal job එකක් වගේ හරියටම මෙච්චරක් හොයනවා කියලා ටාගට් කරන්න හොයන්න බෑ. හොයන්න යන්නත් එපා. එතකොට ලොස් වැඩි වෙන්න පුලුවන්. මාකට් එක දෙන ගාන ඔයා ගන්න. Greed වෙන්න එපා.
මේ ඉතින් මම දන්න සත 5 මීට වඩා ගොඩක් දන්න අය මේකෙ ඇති. එයාලගෙ අදහසුත් ගන්න. ඔබට ජය.
තව එක දෙයක් පුලුවන්නම් දන්න හොඳ learning materials ටිකක් suggest කරන්න..



