මචංලා, ඔන්න මමත් Galaxy S4 club එකට සෙට් උනා. තව S4 පාවිච්චි කරන අය ඉන්නවා නම් සෙට් වෙලා ගුණ අගුණ කතා කරමු. තව ගන්න අය ඉන්නවා නම් වැදගත් වේවි.
කලින් පාවිච්චි කලේ galaxy note 1 & 2 නිසා, මේක ටිකක් අතට සහ සාක්කුවට පහසුයි... මම ගත්තේ GT-I9500 කියන එක... මේකේ තියන අනිත් ප්‍රසිද්ධ model එක තමා, GT-I9505 එක. ඔය දෙකම ලංකාවේ ගන්න තියෙනවා.. ඔය ෆෝන් දෙකේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා... මිලෙත් පොඩි වෙනසක් තියෙනවා.
GT-I9500 හෙවත් Exynos 5 Octa කියන එකේ,
ප්‍රොසෙසර් දෙකක් තියෙනවා - Quad-core 1.6 GHz Cortex-A15 & Quad-core 1.2 GHz Cortex-A7
GPU - PowerVR SGX 544Mhz
LTE - නැත.
RAM - 2GB
GT-I9505 හෙවත් Snapdragon 600 කියන එකේ,
ප්‍රොසෙසර් එකයි - Quad-core 1.9 GHz Krait 300
GPU - Adreno 320
LTE - ඇත
RAM - 2GB
මේ දෙකම තරමක් එක වගේ උනත් , Exynos 5 එක Octa core නිසා තරමක් වේගවත්.. ඒ වගේම, බලය අවශ්‍ය පරිදි ප්‍රොසෙසර් දෙක පාවිච්චියට ගන්න නිසා, Battery life එකත් වැඩි. තව GPU power එකත් වැඩි.
ඒත් Snapdragon 600 එකේ තියෙන විශේෂත්වය තමා LTE තියෙන එක , ඒ නිසා ඒකත් සෑහෙන්න ජනප්‍රියයි.
S4 එකේ අලුතින් ආපු featurs පැත්ත ගැන මම කතා කරන්නේ නෑ... මොකද ඒ තරමට අලුත් දේවල් එකතු වෙලා තියෙනවා... ඉඩක් ලැබුනොත් වෙන පෝස්ට් එකක දාන්නම්...
මේකේ මම දැකපු නරක දේවල් තමා, memory usage එක සෑහෙන්න වැඩි එක. කිසිම app එකක් දුවන්නේ නැතුව ( background apps ඇර ) , 1.1GB ( 1.82GB වලින් ) විතර කොහොමත් පාවිච්චි වෙනවා.. හැබැයි ඒක බය වෙන්න කාරණයක් නම් නෙමේ, අනිත් apps වලට අවශ්‍ය වෙලාවට ඉඩ ඕනේ තරම් ලැබෙනවා....
දෙවනි නරක දේ තමා, 16GB storage එකෙන්, අපිට පාවිච්චියට ඉතුරු කරලා දීලා තියෙන්නේ 9GB විතර. Samsung පුරවපු ලට්ට ලොට්ට සෑහෙන්න වැඩි.
කොහොම උනත්, S4 එකේ මිල තාම තියෙන්නේ බහින කලාවේ.... ඉවසලා ඉන්න පුළුවන් නම්, 70K ( gray market ) විතර වෙනකල් මිල අඩු වේවි.
ඒ වගේම්, Galaxy S4 Active එකත් දැන් release කරලා තියෙන්නේ. කැමති අය ඕනේ නම් ඒක එනකල් ඉඳලා, ඒක ගන්නත් පුළුවන්. ඒකේ තියන වාසි තමා, වතුරෙන් , දූවිල්ලෙන් හානියක් නැති එක සහ වතුර යට ෆොටෝ ගන්න, වැඩ කරන්න පුළුවන් විදියට හදලා තියෙන එක. ඒත්, ඒ පැත්තෙන් Active එක හොඳ උනාට, display එක සහ camera එක ටිකක් S4 තරම් හොඳ නෑ.
තව ප්‍රශ්ණ එහෙම තියේ නම්, අහන්න... මම දන්න දේ කියන්නම්...
phone එකේ ෆොටෝ කෑලි දෙක තුනකුත් දාන්නම්කෝ... කියන්න දෙයක් නෑ, ගන්නවා නම් හොඳම ෆෝන් එකක් තමා S4 කියන්නේ...
![]()
![]()
![]()

yeah right
octa scene is just a gimmick & not a battery saver like most of you think unfortunately :/ read some articles in xda written by kernel devs about exynos octa architecture machan
S3 is my last samsung device that's for sure 
Iphone Quality & standard walata gahanna kisima phone ekak na.

galaxy S4 එක sure පිට ගන්න පුළුවන් තැන් දන්නවනම් මේ thread එකේ දාන්න. contact details එහෙමත් දන්නවනම් දාන්න.
ඒක අලුතෙන් ගන්න ඉන්න අයට වැදගත් වෙයි.
අනික් වැදගත්ම දේ fake and original S4 වෙන් කරගන්න හැටිත් ටිකක් විස්තර කරලා දන්නා අය කියලා දෙන්න
[QUOTE]Samsung galaxy s4(white color)
Full set with box.
Made in korea by samsung
All the codes & all the sensors are working.
Original camera quality
For sale 30,000
Machanla......
meka Add ekak meka Original S4 nemei kiyala hoyaganne kohomada...
"Made in korea by samsung" kiyalath thiuyenawanam.....
Code Serama wadanam....!!!!
Please Help macho.......



ay bn oya thiyenne hoya ganna puluwan wachana kali
All the codes & all the sensors are working.
Original camera quality
කවදාවත් ඔරිගිනල් ඇස් 4 තියෙන එකෙක් ඔව්වා දාන්නෙ නැ බන් 4න් එක විකුනන්න
මේ වගෙ එවා දාන්නෙ හොර කොපි විකුනන උන් මොකද සාමාන්‍ය මිනිස්සු ගන්න ඇවිත් හොයන්නෙ ඔය කොඩ් ටිකයි කැමර් එකයි බලලා නෙහ්
අනික 30කට ලොවෙත් ගන්න බැ දැනට![]()
EKA THAMA MACHO.... OYA TIKA THIBUNE NATHTAM...
API CODE TIKA / BALALA MAID IN KORIA BY SAMSUNG BALALA....
40/50 DEELA GANINE BAN ORIGINAL EKE THIYENA SERAMA THIYENAWANAM API KOHOMADA HOYAGANNE..
allanna can me tika balala copy ekak da original device ekak da kiyala 
40-50 yanne s3 eka