Game හාමුදුරුවො

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මේක මට සිද්ද වෙච්ච දෙයක්. මට Game wheel පිස්සුවක් ඇවිල්ලා logitech formula force පරණ used wheel එකක් ගෙන්නුවා. box එක පිටින් with power adapter අලුත් එක වගෙ ආවා පාවිච්චි කරලා තිබුනෙම නෑ වගේ. Tax එක්ක 13k විතර ගියා. මාසයක් ගහනකොට එපා වුනා කරකවන්න පුලුවන් 180' වමටයි දකුනටයි. එත් ඉතින් මම විකුනන්න ikman එකෙ දැම්මා 14k කියලා. ලන්කාවෙත් එච්චර අඩුවට Logitech wheel ගන්න නැහැ නෙ.

    කෙනෙක් කතා කරා පොර ඉල්ලනවා 10ට මම කිව්වා එක අලුත් පිටම තියෙන නිසා 12k තමා last price කියලා. කමක් නෑ කියලා මිනිහා address එක ඉල්ලගෙන ආවා. අම්මටසිරි බැලින්නම හාමුදුරු නමක්.:oo::oo: තකහනියක් 3wheel එකෙන් කොල්ලුපිටියෙ ඉදලා ආවේ කිව්වා. මට ෆුල් හොල්මන් හාමුදුරුවො කියනවා මේ මට නෙවේ මගේ මල්ලි කෙනෙකුට game wheel එකක් හොයනවා GTA 5 ගහන්න:lol::lol:. මම කිව්වා GTA 5 නම් මම දන් නෑ හැබැයි Need for Speed ගේම් නම් වැඩ කරනවා කියලා. එවෙලාවෙ මම monitor එක DVR එකට සෙට් කරලා තිබුන නිසා wheel එක check කරන්න විදියක් නෑ කියලා මම කිව්වා. හාමුදුරුවොත් හා කමක් නෑ කියලා ගාන 10tama අඩු කරගත්තා. මාත් ඉතින් දීලා දැම්මා ;);). plugtop එකත් free දුන්නා power adapter එක ගහන්න.

    මෙන්න හාමුදුරුවො ආයි කතා කරනවා පහුවෙනිදා GTA 5 වලට වැඩ කරන්නේ නෑලු ආපහු ගේනවලු. මාත් හා කිව්වා සල්ලි දෙන්නම් ගේන්න.
    හාමුදුරුවො wheel එක ආයිත් ගෙනැල්ලා game එකක් ගහලා බලමු කිව්වා. සල්ලි ටිකත් මුලින්ම ඉල්ල ගත්තා.
    මාත් racing game එකක් දාලා දුන්නා පැය බාගයක් ගියා පැයක් යන පාටක් නෑ :rofl::rofl: පහල 3wheelකාරයට යන්න විදියකුත් නෑ. හාමුදුරුවො game ගහනවා wheel එකෙන් හිටු කියලා. මම බොරුවක් කිව්වා දැන් ගමනක් යන්න තියෙනවා කියලා. හාමුදුරුවො වුනාට මාර කපටියි මම දීපු ආපහු දීපු සල්ලිවලින් 1000ක් තියාගෙන මට කියනවා 3wheel වලට ගාස්තු ගිය නිසා 9i දෙන්න පුලුවන් මම ආයි wheel එක අරන් යනවා කියලා :angry::angry:මොනවා කරන්නද බෑ කියන්නද 9 අරන් මම තරහටත් එක්ක free දීපු plugtop එක තියාගත්තා.

    පහුවෙනිදා ආයි හාමුදුරුවො call කරනවා මම ගත්තේ නෑ ආයි call ආවට ගන්නේ නෑ.හිතා ගත්තා මීට පස්සෙ විකුනන කිසිම දේකට ගෙදර address දාන්නෙත් නෑ කියලා. :angry::angry:සිවුර දාගත්තට ඉන්නෙ හෙන කපටියො :confused::confused:
     
    • Like
    Reactions: Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    Ohoma thamai ban oya hora ganayo. Me langadi dura bus ekakata negga ekekta mama seat eka deela ethana hitan giya. Tikakin menna iPad 3 ekak siwura assen edala aran badu talk karanawa. LOL 70i kata kiyannada
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Ane manda machan man uba kiyana me kathawata mukth kiyanne na,ube thathwe therena nisa.
    Mamath bawuddayek eth ganudenuwak nam ganu denuwak wenna one kawuru unath,
    uba anukampa karapu eka godak watinawa machan.
    Anthimata kiyanna thiyenne machan ohomath hamuduruwaru innawa kiyala,
    Eth mata therenne nathi eka deyak thiyanawa a pewidi namage pewidikame thiyana haraya mokakda kiyala mata therenne na,
    Oya hamuduruwo newei mama dekala thiyanawa mobile phone walata asa karana hamuduruwaru.thawa eka eka widiye aya.Ane manda
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    හාමුදුරුවොන්ගෙ ගම අලුත්ගම ලු එහෙට ඇවිත් racing game ටිකක් දාලා wheel එක සෙට් කරලා දෙන්න බැරිද අහනවා :rofl::lol::lol::rofl:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    හාමුදුරුවොන්ගෙ ගම අලුත්ගම ලු එහෙට ඇවිත් racing game ටිකක් දාලා wheel එක සෙට් කරලා දෙන්න බැරිද අහනවා :rofl::lol::lol::rofl:


    wede karala denna rs 5000k gannawa kiyapan ;)
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    wede karala denna rs 5000k gannawa kiyapan ;)

    දෙයි මේන් කියලා ඉර හද ලෙවකාපු එක්කෙනෙක් මට අතින් වියදම් කරන් ගිහින් දවසත් පාලු කරන් එන්න පුලුවන් :angry::angry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනේ මන්ද.
    මොකට මහන වෙනවද කියලා මේ වගේ අය.
    පන්සල් වල ලොකු හාමුදුරුවරු නැද්ද මන්ද.

    උඹට විකුනන්නේ නැතුව ඉන්න තිබ්බේ.
     

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    උබ සාසනේ කාලනේ... :P
    මොකක්ද බන් හාමුදුරුවන්ගේ නම...අපේ පැත්තෙත් හිටියා ඔහොම කෙනෙක් :yes:
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මෙයා නම් කපටියෙව ගේ. වෙලාවකට පවු බන් මහණ වුනට් කොල්ලොනෙ බන්. අපේ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවො හෙන ආසයි මෝටර් සයිකල් වලට. ගමේ කොල්ලෙක් ගාව තියෙනව චැලියක්. කොල්ලො සෙට් එක ඉඳල හිටල පන්සලේ සෙට් වෙනවා. පොඩි හාමුදුරුවො අරූගෙ චැලිය පදිනවා ආවාස ගේ වටේ එහෙට මෙහෙට :)
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Uba warrentyth dila tiyenne :lol: baduwak sell karata passe deal eka close ban.law tiya aye policyen awath wedak ne.deal ethanin close.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අනේ මන්ද.
    මොකට මහන වෙනවද කියලා මේ වගේ අය.
    පන්සල් වල ලොකු හාමුදුරුවරු නැද්ද මන්ද.

    උඹට විකුනන්නේ නැතුව ඉන්න තිබ්බේ.

    කලින් කවුද බන් දන්නෙ හාමුදුරු කෙනෙක් කියලා එහෙනන් විකුනන් නෑ. අදත් කොල් කරා මල කරදරයක් බන් අලුත්ගම එන්න කියලද දන් නෑ :D:Dමම නම් answer කරන් නෑ :shocked::shocked:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Ane manda machan man uba kiyana me kathawata mukth kiyanne na,ube thathwe therena nisa.
    Mamath bawuddayek eth ganudenuwak nam ganu denuwak wenna one kawuru unath,
    uba anukampa karapu eka godak watinawa machan.
    Anthimata kiyanna thiyenne machan ohomath hamuduruwaru innawa kiyala,
    Eth mata therenne nathi eka deyak thiyanawa a pewidi namage pewidikame thiyana haraya mokakda kiyala mata therenne na,
    Oya hamuduruwo newei mama dekala thiyanawa mobile phone walata asa karana hamuduruwaru.thawa eka eka widiye aya.Ane manda

    wheel එකටනම් මචන් ආස හිතෙනවා මුලදී ගහන්න ගත්තාම force feedback එනකොට ඇගට තෙරෙන්නේ car එකක් එලවනවා වගෙ තමා chinese ලබ්බවල් වගෙ නෙවේ logitech used වුනත් බඩු හොදයි
    හාමුදුරුවො වුනත් රහත් වෙලා නෑ නේ කවදාවත් නොකරපු දෙයක් කරනකොට ආසයි. brake and accelerator කකුල් දෙකම තියාගෙන race ගියේ :rofl::rofl:
     
    Last edited:

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මෙයා නම් කපටියෙව ගේ. වෙලාවකට පවු බන් මහණ වුනට් කොල්ලොනෙ බන්. අපේ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවො හෙන ආසයි මෝටර් සයිකල් වලට. ගමේ කොල්ලෙක් ගාව තියෙනව චැලියක්. කොල්ලො සෙට් එක ඉඳල හිටල පන්සලේ සෙට් වෙනවා. පොඩි හාමුදුරුවො අරූගෙ චැලිය පදිනවා ආවාස ගේ වටේ එහෙට මෙහෙට :)

    :D:D:D:D
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Uba warrentyth dila tiyenne :lol: baduwak sell karata passe deal eka close ban.law tiya aye policyen awath wedak ne.deal ethanin close.

    අපරාදේ ඔව් බන් ආපු දවසෙම check කරලා දෙන්න තිබ්බෙ DVR මගුලක් ගහලා තිබ්බා නේ :angry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කලින් කවුද බන් දන්නෙ හාමුදුරු කෙනෙක් කියලා එහෙනන් විකුනන් නෑ. අදත් කොල් කරා මල කරදරයක් බන් අලුත්ගම එන්න කියලද දන් නෑ :D:Dමම නම් answer කරන් නෑ :shocked::shocked:

    මට වෙච්ච කතාවක් කියන්නම්,
    මගේ යාලුවෙක් අදුරන හාමුදුරු කෙනෙක් හිටිය මගේ fb friend list එකේ. නිතර msg එවනවා. මාත් ඉතින් අහන දේට උත්තර දීල පාඩුවේ ඉන්නවා. ඒ පැත්තේ ඇවිල්ල යන්න කියනවා. අපේ ගෙවල් ලගත් නෙමෙයි. සෑහෙන දුර. මම ඉතින් එහෙම කිඋවහම කියන්නේ වෙලාවක් තිබ්බොත් වෙලාවක අවිල්ල යන්න එන්නම් කියලා.

    දවසක් ඔහොම එන්නේ කියලා මම අර කතාවම කිවුවා. අවේ නැද්ද ඇගට මට හෙන අවුල්. මොන කෙහෙම්මලක්ද කියලා. කියන්නත් හොඳ නැහැ. එත් මම අර වලවූ පරපුරේ. අපි වරදට සමව දෙන්නේ නැහැ ලගට ඇවිල්ල සමව ගන්නකම් අරකයි මේකයි කියලා.. මට මල පැනලා block කරලා දැම්ම. ඊට පස්සේ ඒ පන්සල පැත්තේ ඉන්න මගේ යාලුවෙක් msg එකක් එවනවා හාමුදුරුවෝ මගේ photo එකක් wall එකේ දාගෙන මෙන්න හෙන වංචාකාරයෙක් කියලා හෙන පිස්සුවක් කෙලිනවා කියලා. මට අසු හාරදාහට නැග්ග. අයි යකෝ මොන හුයන්නද කියල. එත් මොකද කලබල වෙලා වැඩේ වර්චස් කර ගන්නේ කියලා වටින් ගොඩින් කතා කරලා වැඩේ shape කර ගත්තා. ඊට පස්සේ dead line එක දුන්නා හම්බෙන්න එන්න කියලා. මොන හුයන්නක්ද මන්ද කියලා හිටියා. දවස් දෙක තුනකින් ගෙදරට ලියුමක් එනවා මගේ නමයි scheme එකේ නමයි දාලා. ලියුම් කාරයා දන්නා නිසා මට දීල ගියා. හෙන රචනාවක් ලියලා. බොරු පොරොන්දු දෙන්න එපා අරකයි මේකයි කියලා. :growl:. බදින්න හිටිය කෙල්ලෙක් දාලා ගියා වගේ නිකම් ලියලා තිබ්බේ.
    මම කලේ අපහු හැරෙන තැපෑලෙන් විස්තරේ කියලා ලොකු හමුදුරුවොන්ට ලැබෙන්න සලස්සපු එක. මම හිතන්නේ ඊට පස්සේ fb account එකත් disable කලාද කොහේදෝ.

    මහන කම කියන්නේ උතුම් දෙයක්. එත් මේ වගේ සිද්දි වෙද්දී කලකිරීමක් හිතේ ඇති වෙනවා. නුසුදුසු විදිහට හාමුදුරුවරු එක්ක සම්බන්ධතා තියා ගන්න එක මොන විදිහටවත් හොඳ නැහැ.