ඔය මැද තියෙන කූර තියෙනව නේද, ඒකට පොඩි ඉස්කුරුප්පු ණියනක් අරගෙන පොඩ්ඩක් ප්‍රෙස් කරල අතඅරින්න.
ඇතුලෙ වෑල් එක ශීට් වෙලා නැතුව ඇති හරියට. කූරකින් ඇණල අතහැරියම එහෙම අවුල් තිබ්බොත් හරියනව.... ඊට පස්සෙ වතුර දාල බලන්න. ඒත් හරි නැත්තං, ගෑස් කඩේ කෙනාට කියන්න. මාරුකරගන්න පුලුවන්.
ඔය ලීක් රෙගියුලේටරේ ගැහුවම හරියනව. ඒත් ලීක් වෙනවනං, ඔය වටේට තියෙන කළුපාට රබර් බුශ් එක සවුත්තු වෙලාඇති. පොඩි හැට්ට කටුවකින් රබර් බුශ් එක ගලවල, උඩ යට මාරුකරල දාල හරියනවද කියලත් බලන්න.
ඔය සේරම සෙල්ලං, ගෑස් සිලින්ඩරේ ගෙයින් එළියෙ තියාගෙන දාන්න....