ජේඩෑම් කිය කිය කෑගහන උන් හිතන් ඉන්නේ ඒක බෝම්බ ජාතියක් කියලා...JDAM කියන්නේ ෆ්‍රී ෆෝල් බෝම්බයකට සෙට් කරන ගයිඩන්ස් කිට් එකක්..ෆ්‍රී ෆෝල් බෝම්බ හරියටම ඉලක්කයකට ගහන්න බෑ,මිසයිල වගේ.මොකද ඒවාට ඉලක්කයට යන්න ගයිඩ් කරන්න කවුරුත් නෑ.
ජේඩෑම් එකෙන් කරන්නේ අර ෆ්‍රී ෆෝල් බෝම්බ වලට ඇදුමක් අන්දන එක.ඒ ඇදුමේ තියෙන ගයිඩන්ස් සිස්ටම් එකෙන් අර බෝම්බෙට හෙලුවෙන් වැටෙනවට වඩා ටිකක් හරි ඉලක්කය ළඟට අරන් යනවා.
මේ ආවාටය හැදුනා කියන්නේ යුක්‍රේනයේ රුසියන් හමුදාවේ ස්ථානයක් ටාගට් කරලා ගහපු ඇමෙරිකන් ජේඩෑම් කිට් එක සහිත බෝම්බයක් හින්දා..
මේ තියෙන්නේ ඊශ්‍රායල්කාරයෝ ගැහුවයි කියන බෝම්බය වැටුණා කියන තැනලු.ඊළඟ පොටෝ එකේ කහ පාටින් මාක් කරලා තියෙන්නෙත් එතැන
හුගක් උන් ඔය හොස්පිටල් එකේ සීන් එකේදී ජෙඩෑම් කිට් එක අන්දපු බෝම්බයක් වැටෙන වෙලාවේ එන සවුන්ඩ් එක පෙන්නන්නවා.. ජේඩෑම් හරි වෙන මගුලේ ගයිඩන්ස් කිට් එකක් හරි තියෙන බෝම්බයක් හරි,හෙලුවෙන් එන ෆ්‍රී ෆෝල් බෝම්බයක් හරි කමක් නෑ,වැටුණ තැන කොහොම වෙන්න ඕනේද ? හොස්පිටල් එකක් ඉතුරු වෙයිද?
හොස්පිටල් එකේ පරණ පොටෝස්
මෙතන තියෙනවා..
පිපිරීමෙන් පස්සේ ගත්තු උඩ තියෙන පොටෝ එකේ අංක 1න් පෙන්නන ගොඩනැගිල්ල තමයි මේ තියෙන්නේ,ඊට මෙහායි කාර් පාර්ක් කරලා තියෙන තැන..එතන තමයි වීඩියෝ වල දකින්න ලැබෙන ගින්න පේන්නේ.
පොටෝ මදි නම් ඔන්න තියෙන වීඩියෝ එකක්,පිපිරීමෙන් පස්සේ ගත්තු.
බෝම්බ වල තියෙන ෆියුස් වර්ගය අනුව ඒවා පුපුරන්නේ පොළොවේ වැදිලද,පොළොවට කොච්චර උඩින්ද කියන එක තීරණය වෙනවා.වැඩි පිරිසක් මරන්න ඕනේ නම් පොළොවේ ඉදලා යම් උසකදී පිපිරීම කරන්න පුලුවන් .
මේ ඉම්පැක්ට් සයිට් එකේ හැටියට කියන විදියේ මොන බෝම්බයක් වැටුණත් මීට වඩා විනාශයක් වෙන්න ඕනේ,පොළොව මට්ටමේ ඉදලා යම් උසකින් පිපිරුවත්.
මේක ඔය කියන ජේඩෑම් කිට් අන්දපු බෝම්බයක් නෙමෙයි,Airburst mode එකෙන් එවපු බෝම්බයක් කියලා සමහරු තර්කයක් ගේනවා.ඒ කියන්නේ පොළොවේ ඉදලා යම් උසකදී පිපිරීම සිද්ධ වෙන බෝම්බ.හිතපල්ලා එහෙනම් එහෙම බෝම්බයක් තමයි මේ ගහල තියෙන්නේ කියලා.ඒ පිපිරිමෙන් ඇති වෙන පීඩනය නිසා පිපිරීමට මුලින්ම නිරාවරණය වෙන්නේ ගොඩනැගිලිවල වහලවල්.. ඊටත් පහළදී පිපිරීම කලා කියලා තව කවුරුහරි තර්ක කලොත්,එහෙනම් ඊළඟට තියෙන්නේ වාහන වල වහල...ඒවා කොහොම තියෙන්න ඕනේද? පිපිරීම වුන සයිට් එකේ වාහන වල වහල එහෙම පොඩ්ඩක් බලපල්ලා.
පේන විදියට ගොඩනැගිලි 2-3 තියෙන්නේ සූර්ය කෝෂ වගේ...
මීඩියාවල යන්නේ 500 වඩා මැරුණා කියලා..එහෙනම් අඩුගානේ 300-400ක් වත් එළියේ ඉදලා තියෙන්න ඕනේ,පාක් එකේ,කාර් ඇතුලේ...එක්කෝ මරණ ගානත් වැඩි කරලා කියනවා වෙන්න පුලුවන්.
මේකේ මුල් කොටසේ තියෙනවා පිපිරීම සිද්ධ වෙන විදිය.ඊළඟට පාක් එකේ ගින්න.අන්තිමට ඊශ්‍රායලයට හමාස් රොකට් එකක් වැටිලා වෙන පිපිරීම.
ඊශ්‍රායල් සයිඩ් එකෙන් එලියට දාපු පිපිරීමට අදාල සයිට් එකේ ගුවන් දර්ශන.