GEE SARA (ගී සර)

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
එක යායේ කකා වැටී
සුනිල් එදිරිසිංහ , එඩ්වඩ් ජයකොඩි , බන්ධුල විජේවීර
"මංගල තෑග්ග" චිත්‍රපටයෙන් ....



එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා.....
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී.....
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

වළට වැටුණු එකා යකා
වළටම ඇද ගනු මිසකා
වළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනු - එච්. එම්. ජයවර්ධන