චනිත්මා, ෆාතුම්, සහ සචින් රත්වත්තෙගෙ ටොම්පච
===

සිරිමාවෝ බාලිකා වර්ණ ප්‍රදානෝත්සවයෙදි සිදු වුණ බවට කියවෙන අසාධාරණයක් ගැන ප්‍රසිද්ධ වේදිකාවේ කතා කළ චනිත්මා ගැන කවුරුත් දන්නවා. ඒ වගේ ම අසාධාරණ ලෙස ඇයට සම්මානය ලබා නුදුන් බව කියන විදුහල්පතිනිය, ආචාර්ය ජේ. සුමේධා ජයවීර ගැනත් මේ වෙද්දි හැමෝ ම දන්නවා.

දැන් ඒ සම්බන්ධ ව අලුතෙන් ම ගොතල තියෙන පචය වෙන්නෙ, චනිත්මා සිය පියාගෙ බලය අරගෙන ජාතික ස්කොෂ් සූරිය, ෆාතුම් ඉසදීන්ට 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදුරාගත් බව.

️ මේක පට්ටපල් බොරු.

️ නිකං බොරු නෙමෙයි, පට්ටපල් බොරු.

️ ඒ විතරක් නෙමෙයි, සරල ගූගල් සර්ච් එකකින් පවා fact-check කරලා, බොරු බව හොයාගන්න පුළුවන් මට්ටමේ හිඟන තුප්පහි බොරු.

Disclaimer: මට ෆාතුම් ඉසදීන් හෝ චනිත්මා එක්ක පෞද්ගලික සම්බන්ධයක් හෝ ආරවුලක් නෑ. ෆාතුම් කියන්නෙත් චනිත්මා වගේම ජාතික සම්පතක්. මේ සටහන ලියන්නෙ පට්ටපල් බොරුවකට ප්‍රතිචාර ලෙස.

මේකයි කතාව.

වර්ෂ 2022 බර්මිංහැම් වල පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය තරග (මින් ඉදිරියට කෙටියෙන් CWG 2022) සඳහා එවකට ජාතික ස්කොෂ් සූරිය වූ ෆාතුම් ඉසදීන්ට සහභාගි වෙන්න ලැබෙන්නෙ නෑ. ඇයි ඒ? ඒ මෙහෙමයි.

තේරීම් තරගවලදී ෆාතුම් පළමු තරගය පහසුවෙන් ම ජයගන්නවා. දෙවැනි තරගයේදී ඇය පරදිනවා. තුන්වැනි තරගයට (චනිත්මා සමග තරගයට) ඇය සහභාගි වෙන්නෙ නෑ. ඒ ගැන පෙර දැනුම්දීමක් කරන්නෙත් නෑ. තරගයට පැය බාගෙකට පෙර තමයි ඇය දන්වන්නෙ, කලින් තරගයේ ආබාධ නිසා මේකට එන්න බැරි බව.

️ උඩ පොයින්ට් එකට නිවැරැදි කිරීමක් කළා. ඒ ගැන විශේෂ ස්තුතිය Shanaka Iroshana Peiris ට.

ඒ අනුව තේරීම් කමිටුව ඇයට කියනවා, ක්‍රීඩා අමාත්‍යාංශයේ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයෙන් අදාළ ප්‍රතිකාර සහ සහන ලබාගන්න කියල. ඒ වගේ ම තේරීම් තරග කල් දාලා, ඊගාව තරගය පවත්වන දිනය පවා තෝරාගන්න ඇයට අවස්ථාව දෙනවා.

තත්ත්වය මෙහෙම තිබියදී මාර්තුවල ඇය දැනුම් දෙනවා හදිසියේ ම මාස එකහමාරක කාලයක් සඳහා විදෙස්ගත වන බවට. ඒක කමක් නෑ කියමු. ඒ උඩට තව ඉල්ලීමක් කරනවා, මෙතෙක් පැවති තේරීම් තරග නොසලකා හැරලා, අලුතෙන් තේරීම් තරග පවත්වන්න කියලා.

මේක පදනම් විරහිත ඉල්ලීමක් බවට කිසිම සැකයක් නෑ. මෙහෙම ඉල්ලීමක් කරන්න නම් කලින් තරගවල කුමක් හෝ අක්‍රමිකතාවක් පෙන්වන්න ඕන. නමුත් ෆාතුම් තේරීම් තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කර ඉවරයි. තුන්වැනි තරගය පමණයි ඉතිරි ව තිබුණෙ. තරගකාරියන් දෙදෙනා සැලකුවාම ෆාතුම්ට තුන්වැනි තරගය ජයගන්න හොඳට ම ඉඩ තිබුණා කියලත් අපට අනුමාන කළ හැකි. එහෙම නම් ඇයි මේ කලින් තේරීම් තරගවල ප්‍රතිඵල අහෝසි කරලා අලුතෙන් තියන්න කියන්නෙ? ඒකට මම මේ වෙලාවෙ උත්තර දෙන්නෙ නෑ. මොකද ඒක සුදුසු නෑ. ගූගල් කියල එකක් නොමිලේ තියෙන්නෙ පාවිච්චි කරන්න.

කෙසේ හෝ මෙන්න මේ කාරණය මත ෆාතුම් ඉසදීන් සහ ඇගේ පාර්ශ්වය 2022 ජුලි මසදී අධිකරණයට යනවා, බර්මිංහැම් වල CWG 2022 සඳහා ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් වාරණය කරමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලලා.

මේ අතුරු තහනම් නියෝගයට තේරීම් මණ්ඩලය විරෝධය දක්වනවා. ඔවුන්ගෙ ස්ථාවරය වෙන්නෙ ෆාතුම්ට සිය තේරීම් තරග සම්පූර්ණ කරලා දක්ෂතා මත ලංකාවෙන් යවන තුන්දෙනා අතරට එන්න කිසිම බාධාවක් නැති බව. ඒ අනුව ෆාතුම්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. ඇය තේරීම් තරග සම්පූර්ණ කරන්නෙ නෑ. ඒ අනුව තමයි ඇයට CWG යන්න නොලැබෙන්නෙ.
===
කරුණු වශයෙන් ඕකයි කතාව.

දැන් මේ "චනිත්මා ෆාතුම්ගෙ තැන උදුරා ගත්තාය" කියන පචය ගොතන්නෙ කවුද? ඒ තමයි සචින් රත්වත්තේ. සචින් රත්වත්තේ කියල කෙනෙක් නෑ. මේක ෆේක් එකක්. මේ ෆේක් එක කරන්නෙ ඉරේෂාන් සිරිවර්ධන නම් වූ සයිබර් අපරාධකාරයෙක්.

ඉරේෂාන් යනු සයිබර් අවකාශය හරහා චරිතඝාතනය, ලිංගික හිංසනය, තර්ජනය කිරීම, කප්පම් ඉල්ලීම ආදී වැරැදි සිය ගාණක් සිය නමට ඉදිරියෙන් තියෙන, කීපවිටක් පොලිස් කූඩුවේ සහ රිමාන්ඩ් එකේ පවා ලැගලා, නාමල්ගෙ ආශීර්වාදයෙන් නීතියෙන් කට්ටි පැනල ඉන්න සයිබර් අපරාධකාරයෙක්.

ඉරේෂාන් (සචින්), ගිනිගේ, පතිරණ, ඇතුළු තැරි දාර පුනක්කු බයි බලකාය, ඇඳිවත් පවා ලෙහා තබලා සිරිමාවෝ විදුහල්පතිනියගෙ රෙද්ද හෝදන්න වෙල්ලාවට බහින්නෙ නිකං නෙමෙයි. ඒකට හේතුව සුමේධා ජයවීර කියන්නෙ නොම්මර එකේ රාජපක්ෂවාදී බයියාවක් වීම.

ඊටත් අමතර ව, මුං සේරම, එකෙක් නෑර, 'අරගලය' කියන අකුරු පහට ගූ බයයි. මුං තාම ජීවත් වෙන්නෙ ගෝඨව එළවපු Post-traumatic stress disorder (PTSD) එකේ. රටේ ලෝකෙ කොහෙ හෝ තැනක තරුණයෙක්, තරුණියක්, අසාධාරණයට එරෙහි ව හඬනඟන හැටි, පාරට බහින හැටි දකින වාරයක් ගාණෙ මුංගෙ ඔළුවල මැවිල පේන්නෙ එදා කොළඹට ලක්ෂ ගාණක් මිනිස්සු පක්ෂපාට ජාති ආගම් බේදයකින් තොරව ඇවිල්ලා ඉන්ටර්ලොක් ගල් බාසව කලිසම බාගෙට ඇඳ ඇඳ ඉද්දි ජනාධිපති මන්දිරේ උමගෙන් පැනල යන්න එළවපු හැටි.

Disclaimer (again): මට ෆාතුම් ඉසදීන් හෝ චනිත්මා එක්ක පෞද්ගලික සම්බන්ධයක් හෝ ආරවුලක් නෑ. ෆාතුම් කියන්නෙත් චනිත්මා වගේම ජාතික සම්පතක්. මේ සටහන ලියන්නෙ පට්ටපල් බොරුවකට ප්‍රතිචාර ලෙස.

මම ගේම ඉල්ලන්නෙ රාජපක්ෂලාගෙ සයිබර් ෆෝස් එකත් එක්ක. මේ පෝස්ට් එක උඹලට දෙන වෝනිං ෂොට් එකක්. අපි උඹලට බයත් නෑ, උඹලට රඟන්න දෙන්නෙත් නෑ.
ඔච්චරයි කතාව. එහෙනං කොල්ලො අපි ගියා.