Generation Gap

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    english movies බලද්දී ඇහෙනවා නේද baby boomers, generation X වගේ ඉපදුනු අවුරුද්ද අනුව එක එක generations වලට මිනිස්සු වර්ග කරනවා. නිකමට හිතිලා තියනවද මේ මොනවද කියලා. :oo::oo:මේවා ගොඩක් USA/ UK වගේ රටවල් වල කරපු වර්ග කිරීම් වුනත් අපි හිතුවොත් ලංකාවෙත් සැහෙන දුරට ඕවා හරි. එක එක හිතන පතන විදිය ටික ටික වෙනස්, හැම වෙලේම older generation එක younger generation එක දිහා බලන්නේ අඩු තක්සේරුවෙන්.:nerd::nerd:

    Baby Boomers (1945- 1960)

    Baby boomers කියන්නේ 1945 සිට 1960 වෙනකන් විතර ඉපදුනු ය, නමින්ම පැහැදිලි වෙනවා වගේ මේ කාලේ babies සැහෙන්න වැඩි වුනා, මොකද දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ උදා වුනු සාමකාමී වාතාවරණයත් එක්ක යුද්දෙන් නොමැරී ගෙදර ආපු සොල්දාදුවෝ වැඩි වැඩියෙන් ගෙදර හාමිනේත් එක්ක ජින්කි චිකා කරලා :sorry::sorry::sorry: එක පවුලට ළමයි දහයක් පහලවක් ඉන්න එක සාමාන්‍ය දෙයක් වුනා.:shocked::shocked::shocked:ලංකාවෙත් ඔය තත්වෙම තමයි, අපේ දෙමවුපියෝ ගොඩක් අයිතිවෙන්නේ මේ generation එකටයි මිට පස්සේ එකටයි. එකනේ අපිට සැහෙන නෑදෑ පරපුරක් ඉන්නේ. දෙපැත්තෙන්ම බැලුවොත් මාමල නැන්දල බාප්පල පහලවක් විස්සක් ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඉතින් Baby boomers කියන එක අහන්නත් දෙයක්ද? :no::no:

    ලංකාවේ ගත්තොත් වර්තමානේ ලංකාව පාලනය කරන්නේ, තීන්දු තීරණ ගන්නේ මේ පරම්පරාවේ අය,(ලෝකෙටත් මේක පොදුයි) මෙයාල තාම විජය මාලිනි ඉන්න චිත්‍රපටි බලන්න ආසයි. :):)අහන්න කැමති අමරදේව ලගේ සින්දු. මෙයාල තරුණ වයසේදී ඇන්දේ bell bottoms සහ අගට හිර වෙච්ච shirts. උඩු රැවුල සහ side burns මෙයාලගේ විලාසිතාවක් වුනා.
    කෙල්ලෝ නම් mini gown හිටන් ඇන්ද සමාජෙන් එච්චර බාධාවක් නැතුව.
    මෙයාල තමයි 71 කැරැල්ලට මුල් වුනේ, සහ දෙමල සිංහල ප්‍රශ්නේ ගොඩින් විසදගන්න බැරිවුනේ. :nerd::nerd:


    ec4b355eea5db44770228fbb8d4afe8d.jpg


    Generation X (1960-1980)

    Baby boomers ලාගෙන් පස්සේ 1960 ඉදන් 1980 වෙනකල් ඉපදුනු අයට කියන්නේ Generation X කියල. දැන් වැඩිහිටියෝ / මැදි වියේ පසු වන මෙයාල තමයි මුලින්ම computers වලින් සෙල්ලන් දාන්න ගන්නේ. :cool:(ලංකාවෙනන් ටිකක් පහුවුනා), fashion අතින් ගත්තම මුලින්ම denim කලිසම් වලට බහින්නේත් මේ අය, :cool::cool:ගොඩක් ඇගට හිර නැති සැහැල්ලු ඇදුම් තමයි අදින්නේ. රවුල් නම් වවුවේ නැති තරන්. fully shaved කරන්න තමයි පුරුදු, අපි පොඩි කාලේ එච්චර razor ඇඩ්ස් ගියේ මේ නිසා වෙන්න ඇති. :lol:ලන්කාව ගැන හිතුවොත් මෙයාල තමයි අපිට 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනලා දෙන්නේ, :cool:ලංකාවේ නං මෙයාලගේ තරුණ වයස ගෙවෙන්නේ එච්චර සතුටෙන් නෙවෙයි. මොකද කලින් පරම්පරාවල නිර්මාණයන් වන 88/89 භීෂණ සමය වගේම උතුරේ යුද්දෙටත් ජිවිත වලින් වන්දි ගෙවන්න වෙන්නේ මේ generation X අයටයි. :(:(:(


    friends_1575515a.jpg


    Generation Y / Millennials (1980 - 1999)

    මේක තමයි අපි ගොඩ දෙනෙක් අයිති වෙන්නේ. :cool::cool:අපිට Generation Y සහ Millennials ල කියල නම් දෙකක් යොදාගන්නවා, මොකද අලුත් සහස්‍රයේ හැදෙන පරම්පරාව අපි නිසා. අපි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ (සුපිරි පොරවල් කොහොමත්:sorry::cool::cool:), මේකට 1980 - 1995 කියලත් කියනවා. (මොකද 1995න පස්සේ ඉපදුනු වුන් තාමත් පොඩි එවුන් කියල සලකන හින්ද.) අපේ generation එක තමයි , අද තියන ලෝකයත් කලින් තිබ්බ ලෝකයත් අතර පාලමක් වගේ ඉන්නේ. මොකද අපි ටික ටික ලොකු වෙද්දී තමයි computers, ඉන්ටෙර්නෙට් , smart phones, apps වලින් ලෝකේ වෙනස් වුනේ හිතාගන්න බැරි විදියට. :shocked::shocked:

    කෙටියෙන් කිවොත්

    අපි තමයි අන්තිමට,
    -පාරක කුඹුරක සෙල්ලන් කරේ.
    -කැසට් පීස් වලින් සින්දු ඇහුවේ.
    - love letters ලිවුවේ.
    -phones නැතුව ජිවත් වුනේ :cool::cool::cool:

    සහ අපි තමයි මුලින්ම,

    -smart phones පාවිච්චි කරේ
    -internet පාවිච්චි කරේ
    -chatrooms වල chat කරේ :cool::cool:

    ලංකාවේ ගත්තොත් අපේ generation එකේ උන් තමයි, 2009 දී අවසන් යුද්දෙදි දහස් ගානක් මරුනේ, (1980-1989 born) එහෙම මැරිලා හරි කලින් පරම්පරාවල පටන් ගත්ත යුද්දේ ඉවර කරේ. අපේ fashion ගැන ඉතින් දාන්න දෙයක් නෑනේ, හැබැයි අපි ආයෙත් පරණ fashions වලට යන ගතියක් තියනවා, මොකද දැන් කොල්ලෝ රැවුල වවන එක සැහෙන වැඩියි, fully shaved කරන්නේ නැති තරන්. ඒ වගේම අදින්නෙත් අගට හිර ඇදුම්. :sorry::sorry:


    20pwwmb.png


    2rqyejn.jpg



    Generation - Z (1995 or 1999 - present )

    මේක තමයි පොඩි වුන්ගේ generation එක, මුන්ගේ වාසනාවට හරි අවාසනාවට හරි අපිට ටිකක් තේරෙන වයසට ආවම හම්බෙන technology ඔක්කොම මුන්ගේ කිරිබොන වයසේ ඉදල මුන්ට තිබ්බ. දැන් අවුරුදු දහයේ උන් සෙල්ලන් කරන්නේ එලියට බැහැල නෙවෙයි, smart phones එක්ක. අනික මුන් තමයි දැන් facebook එකේ සිගිති පාතාලයක් හදාගන රගන්නේ. respect සිංහල rap කිය කිය,:lol::lol: rapping වලටත් නින්දා කරන්නේ. එක අතකට ඉතින් උන්ට බැනලත් වැඩක් නෑ, මොකද උන්ට ඉගනගනින් කියල ගෙදරින් තියන ප්‍රෙෂර් එක යවාගන්න උන්ට තියන limit එක ඇතුලේ දාන සෙල්ලමක් දාගන්නත් එපයි. ඕකට විල් ස්මිත් පොරගේ පුතාත් ඉන්න තැන කියල තිබ්බ මෙහෙම.:lol::lol:

    "මම අවුරුදු 14දී හෙන මෝඩයි, එත් එක ලෝකෙට පෙනුනේ නෑ, මොකද ඒ කාලේ facebook, twitter තිබුනේ නැති හින්ද" කියල.:lol::lol::lol:


    xpa48z.jpg


    අපිට උන්ව දැක්කම අපි වාසනාවන්තයි කියල හිතෙනවා. ඒ වගේම අපිව දැක්කම අපිට කලින් අය උන් වාසනාවන්තයි කියල හිතෙනවා ඇති. ඕක තමයි කිසිදා නොවිසදෙන Generation ගැප් එක කියල කියන්නේ.:yes::yes::yes:

    need bumps :sorry::sorry: