මෙතන කියලා තියෙන එක සම්පූර්ණයෙන්ම වැරදියි අද රටේ ලිංග භේදය අනුව , ජාති භේදේ අනුව, කුල භේදේ අනුව, Social Reputation එක අනුව, ධනවත් භාවය අනුව, අධ්‍යාපනික සුදුසුකම අනුව මිනිස්සුන් එකිනෙකාව මැන ගැනීම සිදුකරන්නේ ඒතකොට කාන්තාව විතරක් නෙවෙයි පිරිමියාත් පීඩනයට ලක් වෙනවා. කාන්තා හිංසනය කියලා එකක් වෙනමම නෑ තියෙන්නේ පුද්ගල හිංසනයයි. ගොඩක් පවුල් වල ගෑණූ පිරිමියට පහර දෙන අවස්ථා තියෙනවා, පිරිමියට බනින අවස්ථා තියෙනවා, බස් වල ගෑණු සැපට ජැක් ගහන අවස්ථා තියෙනවා, එතකොට සමහර කේෂ්ත්‍රයන් වලදී කාන්තාවට වැඩි පිළිගැනීමක් තියෙනවා Modeling, Acting වගේ ඒ වගේම සමහර ගුරු පත්වීම් දෙන්නේ කාන්තාවන්ට පමණයි විශේෂයෙන්ම මේක වෙනවා බාළිකා පාසැල් වලදී නමුත් බාලක පාසැල් වලට පිරිමි ගුරුවරුන්න්ට අමතර ලෙස කාන්තා ගුරුවරුන්ට පවා පත්වීම් දෙනවා, චර්මජ් ජේදනය ගැන කිව්වොත් කාන්තාන් විතරක් නෙවෙයි පිරිමියාත් සුන්නත් කිරිමට ලක් වෙනවා නමුත් සමාජය ස්ත්‍රී සුන්නත් කිරිම දිහා වපර ඇහින් බලනකොට පුරුෂ සුන්නත් කිරිම යහපත් දෙයක් ලෙස විශ්වාස කරනවා. ලංකාවේ පුරුෂ සුන්නත් කිරිම නීත්‍යානූකූලයි ඒ වගේම ඒක හැම තැනකම වගේ ගාන කපාගන්න ඕන දොස්තරලා නිර්දේශකරනවා මේක නිසා දහස් ගණන් පිරිමින් අවුරුද්දට (මුස්ලිම් එවුන් හැරුණුකොට) කොන කපාගන්නවා. වැඩුණු පිරිමින්ගේ විතරක් නෙවෙයි මේ අත දරු පිරිමි ළමයින්ගේ පවා අද කොන කපනවා. (කවුරු හරි කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ස්ත්‍රී සුන්නත් කිරිම හොද නෑ පුරුෂ සුන්නත් කිරිම හොදයි ලෝක සෞඛ්‍යය සංවිධානයේ ප්‍රකාශනයන්ට අනුව එම නිසා පුරුෂ සුන්නත් කිරිම හෙළා නොදැක යුතුයි කියලා. ඒක වැරදියි සුන්නත් කිරිම කොහෝමත් හොද නෑ කාන්තා වුනත් පිරිමි වුනත් එකෙන් කරන්නේ ඇගේ කොටසක් කපා ඉවත් කිරිමයි මේකෙන් ස්නායු අග්‍රයන් විශාල වශයෙන් විනාශ වෙන නිසා ලිංගික තෘප්තිය විශාල වශයෙන් පහත බහිනවා ඒ වගේම පසුව විවිධ සංකුලතාවයන් ඇති වෙන්න පුලුවන්. ලෝක සෞඛ්‍යය සංවිධානය මේක දන්නවා මේක දැන දැන් උන් ඒක හෙළා දකින්නේ නැත්තේ ලෝකය පුරා බිලියනකට අධික ආගමික පිරිස් විශේෂයෙන්ම බටහිර ඒකාධිකාරයක් ගෙන යන යුදෙව්වන්ට මේක ආගමික වශයෙන් වැදගත් නිසා එතකොට පුරුෂ සුන්නත් කිරිම සුජාත කිරිම පිටිපස්සේ තියෙන්නේ දේශපාළනමය අරමුණක්.)
ගෘහ මූලික කියන තනතුරෙන් පවා වෙන්නේ පිරිමියා පීඩනයට ලක් වෙන එකයි ,පිරිමියාට පවුල නඩත්තු කරන්න වගකීමක් තියෙනවා කියන සම්මතයෙන් වෙන්නේ පිරිමියා පීඩනයට ලක් වෙන එකයි. ලිංග සමානතාවක් සහිත සන්ධර්භයක ගෘහ මූලික කියලා දෙයක් පවතින්න බෑ. පවුලක් වුනාම ස්ත්‍රීය සහා පිරිමියා සහයෝගයෙන් පවුල පවත්වාගත යුතුයි එහෙම නැතුව පිරිමියා ගෘහ මූලිකයා ලෙස සලකන්න ගියාම වෙන්නේ පිරිමියාට වැඩි වගකීම පැටවෙන එකයි. වැඩි වගකීම් පැටවීමෙන් වෙන්නේ මානසික ආතතිය වැඩි වෙන එකයි ඒ වගේම වගකීම් හරි හැටි ඉටුකරන්න බැරි වුනාම වෙන්නේ විවිධ පාර්ශවයන් වලින් දෝෂාරාපණයට ලක් වෙන්නට සිදුවීමයි එතකොට මෙම තත්වය තුළදි පිරිමියා විශාල වශයෙන් පීඩනයට ලක් වෙනවා. අද රටේ රැකියා කේෂ්ත්‍රයේ , අධ්‍යාපනික කේෂ්ත්‍රයේ කාන්තාවට වැඩි තැනක් හම්බ වෙනවා විවිධ අයුරින් කාන්තා අයිතින් ඉහළ නැංවීම සදහා ගෙන යන වැඩමුළු, ව්‍යාපාර, සංවිධාන හරහා පිරිමින්ට වඩා. තරගකාරිත්වය නූතන සමාජයේ හැම අයුරකින්ම ප්‍රචලිත නිසා කාන්තාවට වැඩි තැනක් හම්බ වීමෙන් වෙන්නේ පිරිමියා අඩු තැනක් හම්බ වෙන එකයි එතකොට පිරිමියාට නොහැකි වෙනවා සාර්ථක ජිවිතයක් ගෙන යන්න ආධ්‍යාපනික, වෘත්තිමය වශයෙන් මොකද පිරිමින්ට ලැබෙන තැන අඩු නිසා. නූතනයේ ගොඩක් මිනිස්සු රැකියා හරහා මුදල් උපයන නිසා එවිට පිරිමියාට බැරි වෙනවා සැලකිය යුතු මුදලක් උපයන්න පවුලක් නඩත්තු කිරිම සදහා එහෙත් සමාජය අපේක්ෂා කරනවා පිරිමියාට වෘත්තිමය වශයෙන් සාර්ථකත්වයක් නමුත් වක්‍රලෙස සමාජයම පිරිමියාට සාර්ථක වෙන්න දෙන්නේ නෑ මොකද සමාජය වැඩි තැනක් දෙනවා කාන්තාවට අධ්‍යාපනික වගේම වෘත්තිමය කේෂ්ත්‍රයන් වලදි මේකෙන් වෙන්නේ පිරිමින් බලවත් පීඩනයට ලක් වෙන එකයි. පිරිමියාට ගෘහ මූලික තනතුර දෙනවා නම් එහෙනම් සමාජය කරන්න ඕනේ පිරිමින් වැඩි ප්‍රතිශතයක් A/L වලින් විශ්ව විද්‍යාල වලට ගන්න එකයි එතකොට රැකියා සදහා පුරප්පඩු පුරවන කොට පිරිමින්ට වැඩි තැනක් දෙන එකයි එතකොටයි පිරිමියාට සාර්ථක වෙන්න පුලුවන් වෙන්නේ නමුත් එහෙම වෙන්නේ නෑ එහෙත් තවමත් සමාජය අපේක්ෂා කරනවා පිරිමියා ගෘහ මූලික තනතුර දැරිය යුතුයි කියලා නමුත් සාර්ථක වෙන්නේ නැතුව ගෘහ මූලික තනතුරක් දරන්න බෑ මේකෙන් වෙන්නේ පිරිමින් පීඩනයට ලක් වෙන එකයි.
ස්ත්‍රිය විතරක් නෙවෙයි පිරිමියාත් පීඩනයට ලක් වෙනවා නමුත් කොතනකවත් පුරුෂයන්ට අතහිත දීමක් සිදු වෙන්නේ නෑ ඔවුන් මුහුණ දෙන ගැටලු වලදී, ජාත්‍යන්තර වශයෙන් පවා කාන්තාවට නන් අයුරින් සහයෝගය ලැබෙන කොට පිරිමින් තව දුරටත් කාන්තා හිංසයන් ලෙස හංවඩු ගැහෙනව ඇරෙන්න වෙන දෙයක් පිරිමින්ට ලැබෙන්නේ නෑ. මේ ප්‍රශ්ණය නිරාකරණය කර ගත හැක්කේ ලිංග වශයෙන් සමාජය බෙදන්නේ නැතිකල්හි පමණයි. කාන්තා හිංසනය, කාන්තා පීඩනය ගැන කථා නොකළ යුතුයි ඒ හැම අවස්ථාවකදීම එතකොට චෝදනා එල්ල වෙන්නේ පිරිමින්ට නිසා නමුත් කාන්තාන්ට හිංසා,පීඩා කරන්නේ පිරිමින් විතරක් නෙවෙයි කාන්තාවන් කාන්තාවන්ව කපන අවස්ථාත් තියෙනවා එම නිසා ලිංග වශයෙන් සමාජේ නොබෙදා මානව හිමිකම්, පුද්ගල හිංසනය ගැන පමණක් කථා කළ යුතුයි ඒ වගේම ගෘහ මූලික තනතුර පිරිමියාට දීලා පිරිමියාට බැඩි බරක් පටවන්නේ නැතුව කාන්තාවනුත් දැන ගන්න ඕනේ පවුල නඩත්තු කරන්න සහයෝගය දෙන්න. එහෙම නැත්නම් අධ්‍යාපනික කේෂත්‍රයන් වලදී සහා වෘත්තිමය පැත්තෙන් පිරිමියාට වැඩි තැනක් දෙන්න ඕනේ එතකොට පිරිමියාට හැකිවෙනවා සාර්ථක පුද්ගලයෙක් වෙලා මුදල් උපයලා පවුල නඩත්තු කරන්න වැඩි දායක්ත්වයක් සපයන්න. කෙටියෙන් කියනවා නම් ගෑණු බැන්දම ගෙදරට වෙලා ඉන්නේ මිනිහයි පවුල run කරන්න ඕනේ,මිනිහයි සල්ලි උපයන්න ඕනේ ඉතින් ගෑණුන්ට අධ්‍යාපනික /වෘත්තිමය පැත්තෙන් වැඩි /සම තැනක් දෙන්නේ ඇයි?