UPDATED
#Tell me about your self?
මෙහෙම ඇහුවහම කියන්න ඕනේ උබ ගැන සහ උබේ පවුලේ පොඩි විස්තරයක්. ඒ වගේම ඒලෙවල් කරපු අවුරුද්ද මොන විශයන්ගේන්ද වගේ කියන එක. ඊට පස්සේ උබ වෙන මොනවා හරි ඩිග්‍රියකට හරි, ඩිප්ලෝමා එකකට හරි සෙට් උනා නම් ඒක ගැන පොඩි විස්තරයක් කියන්නත් ඕනේ.
පවුලේ විස්තර ගොඩක් නැතත් තමන්ගේ ඉගනීම පැත්තෙන් තියන කරුනු අනිවා කියන්න් ඔනේ උබ ප්‍රොෆ්ශනල් ඩයල් එකක් කියලා පෙන්වන්න උන්ට
#How would you describe yourself?
මේ ප්‍රශ්නේදි උබලා කියන්න ඔනේ උබ ගැන වර්ණනා කීරීමක් තමයි ඉතින්. උබ CV එකේ වලට දාපුවා ශේප් එකේ කියන්න. උබේ ගුණාත්මක දේවල් තමයි මෙතනදි කියන්න ඕනේ මචන්zලා.
I'm a people person. I really enjoy meeting and working with a lot of different people.
I'm a perfectionist. I pay attention to all the details, and like to be sure that everything is just right.
I'm a creative thinker. I like to explore alternative solutions to problems and have an open mind about what will work best.
I'm efficient and highly organized. This enables me to be as productive as possible on the job.
I enjoy solving problems, troubleshooting issues, and coming up with solutions in a timely manner.
#Tell me about your education background?
මෙහෙම ප්‍රශ්නේ ඇහුවහම ඉතින් උබලා ඉගනගෙන තියන සබ්බ සකලමනාවම කියපන්z. British Council,NIBM,Etc වගේ ගිය එව්වා තියනව නම් ඔය English course,Computer Course වලට එව්වා කියපන්z. එතකොට උබට පිලි ගත් තැනකින් English, computer literacy වලට Certificate එකක් තියනවා කියලා උන් දැන ගන්නවා
#What is your greatest weakness?
මේ ප්‍රශ්නේ ගොඩක් අයට හිසරදයක් වෙන ප්‍රශ්නය. මේහෙම එකක් ඇහුවොත් මොකද කියන්නේ කියලා... මේකේදි කියන්න ඔනේ අපි ඍණාත්මක දෙයක් ධනාත්මක දෙයක් බවට හරවලා කිවීමක්. හරියට මේ වගේ
- When I'm working on a project, I don't want just to meet deadlines. Rather, I prefer to complete the project well ahead of schedule.
- I used to like to work on one project to its completion before starting on another, but I've learned to work on many projects at the same time, and I think it allows me to be more creative and effective in each one.
- Over caring
#What is your greatest strength?
- I have exceeded my sales goals every quarter and I've earned a bonus each year since I started with my current employer.
- My time management skills are excellent and I'm organized, efficient, and take pride in excelling at my work.
- I pride myself on my customer service skills and my ability to resolve what could be difficult situations.
#What motivates you?
- I was responsible for several projects where I directed development teams and implemented repeatable processes. The teams achieved 100% on-time delivery of software products. I was motivated both by the challenge of finishing the projects ahead of schedule and by managing the teams that achieved our goals.
- I've always been motivated by the desire to do a good job at whatever position I'm in. I want to excel and to be successful in my job, both for my own personal satisfaction and for my employer.
- I have always wanted to ensure that my company's clients get the best customer service I can provide. I've always felt that it's important, both to me personally, and for the company and the clients, to provide a positive customer experience.
- I have spent my career in sales, typically in commission-based positions, and compensation has always been a strong factor in motivating me to be the top salesperson at my prior employers.
#What are your salary expectations?
මේ ප්‍රශ්නේට මෙච්චරක් ඕනේ අච්චරක් ඔනේ කියලා කියන්න එපා. Industrial rates would be good කියලා නෝමල් එක කියලා දාන්න.දෙපාරක් ඇහුවත් එහෙම්මම කියන්න. සමහර අය ෆ්‍රෙන්ඩ්ලි විදිහට අහනවා this is not a disqualification question,its okay to tell us how much u expect form us,කියලා එහෙම උනහම විතරක් උබේ ගාන කියහන් shape eke.
#Do you prefer to work independently or on a team?
මේකෙදි කියපන්z උබට ටීම් එකක් එක්ක හොදට වැඩ කරන්න පුලුවන් මොකද මම ඉස්කෝලෙදි, කැම්පස් එකේදි කියලා උබලා උබලා සෙට් වෙලා කරපු Project එකක් event එකක් ගැන කියහන් එව වගේම කියහන් උබට වැඩක් දුන්නොත් ඒකේත් ලෙසටම කරනවයි කියලා.උන් ඇහුවොත් වැඩියෙන්ම කෝකද කියලා උබලා තැනේ හැටියට ඇනේ ගහපන්. මැනේජ්මන්ට් සයිඩ් එකේ වගේ නම් ඉතින් team work කියලා කීවට නෝ අවුල්
#Give some examples of teamwork?
- I was part of team responsible for evaluating and selecting a new vendor for our office equipment and supplies. The inter-departmental team reviewed options, compared pricing and service, chose a vendor, and implemented the transition to the new vendor.
- In high school, I enjoyed playing soccer and performing with the marching band. Each required a different kind of team play, but the overall goal of learning to be a member of a group was invaluable. I continued to grow as team member while on my sorority's debate team and through my advanced marketing class where we had numerous team assignments.
#What interests you about this job?
මේකෙදී කියන්න ඕනේ උබ ඇයි මේ ජොබ් එකටම ආවේ කියලා. ඉතින් කියපන් කම්පැනිය හොදයි ය, ඉගනගෙන තියන එව්වට සන්භන්දව යන තැනක්ය කිය කිය ඔය සෙට් වෙන විදිහේ එව්වා ටිකක්
#Why do you want this job?
මෙහෙම ඇහුවහම කියන්න එපා, අනේ කන්න නෑය බොන්න නෑය ඒ හින්දා ජොබ් කට්ටක් හොයනවාය කියලා. හිහි. උබලා කියහන් උබ හිතන විදිහට උබ ඉගන ගත්ත එව්වත් එක්ක හොදට couple වෙලා යන විදිහේ ජොබ් එකක් උබට ඕන කරන්නේ ඒ හිදයි මේ ජොබ් එක ඕනේ කියලා වගේ.
#What can you do for this company?
උබ කම්පැනි එකේ හොද නම තියාගෙන කම්පැනියේ සුභ සිද්දිය සදහා වැඩකරන්නයි බලාපොරොත්තුව කියපන්z. සමහර වෙලාවල් වලට උන් අහනවා නීතී විරෝධී වැඩක් කියලා කම්පැනිය වෙනුවෙන් කරනවාද කියලා. බොකෙන්ම අනේ ඔව් ඕන එකක් කරනවා කියලා එහෙම කියන්න එපා බඩුම තමයි. උබ ශ්‍රී ලන්කානු පුර වැසියෙක් හැටියට නීතියට ගරු කරන කෙනෙක් ඒ හින්දා කම්පැනි එකේ නෙමේ මගේ සුභ සිද්දිය සදහාවත් මම නීතියට පටහැනි වැඩක් කරන්නෑයි කියපන්
#Why should we hire you?
මෙහිදී කියන්න ඕනේ උබේ ගුණාත්මක දේවල්, ඒ වගේම උබ අනිත් අයට වඩ ඉස්සරහින් ඉන්නවා කියලයි. එහෙම කිව්වහම අනිවා අහනවා ඇයි ඔබ එහෙම හිතන්නේ කියලා, එතකොට කියපන්z ටීම් වර්ක් එකක් කරද්දි තියන එක ඇඩ්වාන්ටේග් එකක් තමයි ඒක, එහිදී තමන්ට තමන් කොයි හරියේද ඉන්නේ කියලා තෙරේනවා. මම කරපු ටීම් වර්ක්ස් හැම එකකදීම මම ඉස්සරහින් හ්ටියයි කියලා මට තේරුනා කියලා වගේ කියන්න ඕනේ
#What do you know about this company?
යන්න කලින්දවසේ ඩෙෆ කම්පැනි එක ගැන හොද විස්තරයක් හොයාගෙන යමල්ලා. බැංකුවක් හෝ ඔනෑම ආයතනයක් වේවා ඉන්ට්නෙට් එකෙන් හොයාගෙන දැනගෙන යන්න එයාල එයාලගේ කම්පැනි එක ගැන අහද්දි කියන්න
#Why do you want to work here?
කියහන් ඉතින් මේ කම්පැනිය හොදයි ය හොද reputation එක තියනවා කියලා වගේ එව්වා ටිකක්. තේරෙනවනේ ඉතින් මොන වගේ එව්වද කියන්න ඕනේ කියලා
#Where do you see yourself 5 years from now?
මේ තවත් වැදගත් ප්‍රශ්නයක් මේක අහන්නේ උබලා යන්නන් වාලේ යනවද කියලා බලන්නයි. ගොඩක් උන් කියන්නේ මැනේජර් කෙනෙක් වෙන්න අරකෙක් වෙන්න මේකෙක් වෙන්න කිය කිය, එහෙම නැතුව වෙනස් විදිහටක කියපල්ලා උබලා තව අවුරුදු 5කින් මොකද්ද කරන්න ඉන්නේ කියලා. වැඩි දුර අධ්‍යාපනය ගන්න හිතන් ඉන්නවාද, එහෙමත් නැත්තම් අවුරුදු 6ක් 7ක් යනකම් experience එකතු කර ගන්නවා, එහෙමත් නැත්තම් ඉතා හොදට perform කරන employee කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියනවා මේ කම්පැනි එකේ කියලා වගේ එව්වා ටිකක්.එහෙම කියලා තව අවුරුදු ටිකක් වැඩි කරලා කියහන් උබලා manager කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියනවා කියලා.
#What are your goals for the next five years / ten years?
උඩදී කීව එකම තමයි ඉතින්.. වෙනස් කරලා තව වැඩි දියුනු කරලා කියපල්ලා