GMOA වර්ජනය ගැන ඔබේ මතය

vote

  • වැරැද්ද gmoa එකේ

    Votes: 43 25.7%
  • වැරැද්ද ආණ්ඩුවේ

    Votes: 71 42.5%
  • gmoa එකයි ආණ්ඩුවයි දෙකම වැරැදියි

    Votes: 53 31.7%

  • Total voters
    167

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    GMOA වර්ජනය ගැන ඔබේ මතය

    1වැරැද්ද gmoa එකේ
    2වැරැද්ද ආණ්ඩුවේ
    3gmoa එකයි ආණ්ඩුවයි දෙකම වැරැදියි
     
    Dec 30, 2013
    1,235
    166
    0
    දන්නැති නිසා බන් අහන්නේ ඔය රජයේ දොස්තරලා වර්ජන කරන්නේ අහින්සක මිනිස්සු වෙනුවෙන්ද බන්? බලපන්නේ මිනිස්සු ගැන තියෙන කැක්කුම.


    luv you docs <3
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    සයිටම් එක නිසානෙ මේ වැඩ වර්ජන කරන්නෙ. සයිටම් නැත්නම් මේ මුකුත් නෑ.
    සයිටම් එක පටන් ගන්න උදව් කරපු ගිය ආණ්ඩුවයි, සයිටම් එක පවත්වාගෙන යන මේ ආණ්ඩුවයි දෙගොල්ලොම වැරදියි. කොහෙවත් තියෙන සයිටම් එකක් නිසා අහිංසක ලෙඩ්ඩුන්ගෙන් පළිගන්න ගොන් දොස්තරවරුත් වැරදියි.
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    වෛද්‍ය වුර්තිය කොල්ලකන රස්සාවක් නෙවේ

    වර්ජන නිසා මැරිච්ච මිනිස්සු පව්

    මුන්ට මේ සැරේ අනිවර්යයෙන් කෙලින්න ඕනෙමයි

    මොකද මෙක සම්පුර්න අසාධාරනයි
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,756
    113
    මුන් ඔක්කොන වෑරදියී
    1වැරැද්ද gmoa එකේ. (මුලින් සයිටම් එකේ උන්ට අවශය මුලික සුදුසු කම් අහුවත් කියපු නෑති නිසා. මහින්දට බයේ ඔය දෑන් කරන උත්ගෝශන නොකරපු නිසා)
    2වැරැද්ද ආණ්ඩුවේ. (රාජිත වගේ කුනු ගොයියන්ට ප්‍රශ්නයක් විසදන්න බෑරි නිසා හා මේවගේ එවා හරහා රටේ ප්‍රශ්ණ අමතක කරවන නිසා)
    3gmoa එකයි ආණ්ඩුවයි දෙකම වැරැදියි
    4,5 ත් එකතුකරන්න.
    4 මහින්ද රාජපක්ශ අණිඩුව (හිටන් ඈතුලුව )
    5 මහින්දගේ කාලේ එලියට බහින්න බයේ හිටිය JVP අයියලා
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කලින් ආන්ඩුව කලා වගේ GMOA උන්ව බාගත්තා නම්, GMOA ට අද උනත් මහින්ද ජනදිපති උනානම් සයිටම් එක පන්කාදු පහයි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113


    එස්.බී - රාජිත - කිරිඇල්ල ලෝක සම්මතය පිළිගන්නෙ නෑ

    2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49


    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සමඟ සයිටම් අර්බුදය සහ වෛද්‍ය සංගමයේ ස්ථාවරය සම්බන්ධයෙන් දේශය කළ සාකච්ඡාව.

    සයිටම් ප්‍රශ්නය දිගින් දිගටම දිග්ගැහෙන බවක් පේන්න තියෙනවා. එහි වගකීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැවරීම වළක්වන්න බෑ. ඇයි මෙහෙම වෙන්නේ?

    මෙය ලෝක සම්මතය පිළිබඳ ගැටලුවක්. සයිටම් අර්බුදය වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයකට ලඝු කරනවාට වඩා රටේ ජීවත් වන බුද්ධිමත් ජනතාවගේ සහ රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් කිව යුතුයි. අවාසනාවකට සයිටම් කියන ආයතනය වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව වෛද්‍ය විද්‍යාලයක් යැයි හඳුන්වා ගන්නවා. එහි ශිෂ්‍යයන් වෛද්‍ය ශිෂ්‍යයෝ යැයි පවසවා. මේ නිර්වචන දෙකම ලෝක සම්මතයට අනුව ගැළපෙන්නෙ නෑ. රටේ නීතිය අනුවත් එහෙම කරන්න බෑ. මෙතන ලෝක සම්මතයට අනුගත වෙනවද නැද්ද කියන කාරණය නිසා මේ සටන අපිට අතාරින්නත් බෑ, අපි පරදින්නෙත් නෑ. මොකද මේ රට ශිෂ්ඨ සම්පන්න රටක් නම් ඒ සම්මතයට අනුගත විය යුතුයි.

    ඔබ කියන ඒ ලෝක සම්මතය කුමක්ද?

    අද ශිෂ්ඨ සම්පන්න ලෝකයේ ලෝක සම්මතයක් තියෙනවා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම හෝ රෝගියකුට ප්‍රතිකාර කිරීම අත්තනෝමතික ලෙස කිසිම සුපරික්ෂණයකින් තොරව කරන්න බෑ. ඒ කියන්නේ වෛද්‍ය සභාවට යටත් විය යුතුයි. වෛද්‍ය සභාව රජය වෙනුවෙන් සුපරික්ෂණ කරන රාජ්‍ය ආයතනයක්. රෝගියකු ප්‍රතිකාරගත්තායින් අනතුරැව ප්‍රතිකාර ගැන සතුටු විය නොහැකි නම් හෝ වෛද්‍ය අධ්‍යාපනය සඳහා රෝගීන්ව භාවිත කරනවා නම් ඒ අයගේ අයිතිවාසිකම් ආරක්ෂ කරදීමට, ඒ අය අසතුටට පත්වන අවස්ථාවක වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කළ හැකි ආයතනය සහ ක්‍රමවේදය තමයි වෛද්‍ය සභාව. මේක ලෝක සම්මතයක්. ඒ ලෝක සම්මතයට අනුගත පිරිස් ඊට අදාළ පනත නිර්මාණය කරනවා. වෛද්‍ය ආඥා පනත 1926 ඒ ශිෂ්ඨ සම්පන්නභාවය ඇති කිරීම සඳහා ඉදිරිපත්වෙලා තියෙනවා. ඒ අනුව වෛද්‍ය සභාවක් බිහිවෙලා තියෙනවා. මේ වෛද්‍ය සභාවේ සුපරීක්ෂණයෙන් තොරව වෛද්‍යවරු බිහිකරන්නට හෝ වෛද්‍ය අධ්‍යාපනය ලබා දීමට හෝ වෛද්‍යවරයෙක් හැටියට ප්‍රතිකාර කළ නොහැකියි කියන කාරණය තමයි අපි මතු කරන්නේ. ඒ කියන්නේ ලෝක සම්මතයට අනුගත විය යුතුයි.

    එසේ නම් සයිටම් වැනි ආයතනයකට අනුමැතිය ලැබුණේ කොහොමද?

    මුලින්ම අනුමැතිය ලබාගත්තේ B.O.I ආයතනයෙන්. ඒ ආයතනය ඉදිරියේ සයිටම් පිහිටුවද්දි වෛද්‍ය විද්‍යාලයක් යැයි සඳහන් කර නෑ, දක්වා තියෙන්නේ කළමනාකරණ පීඨයක් බිහිකරනවා යනුවෙන්. එනිසයි වෛද්‍ය සභාවේ අනුමැතියෙන් තොරව B.O.I ආයතනය අනුමැතිය දී තිබෙන්නෙ. නිවැරදි කරුණ දක්වා තිබුණා නම් B.O.I ආයතනය අනුමැතිය දෙන්නෙත් නෑ, සයිටම් බිහිවෙන්නෙත් නෑ. ඒ කියන්නේ සයිටම් B.O.I ආයතනයට, රජයට හා රටේ ජනතාවට මුල සිටම වංචාවක් කර තිබෙනවා.

    ජනාධිපතිවරයා ඔබ සංගමය සමඟ සාකච්ඡා කළා. රජය කියන්නේ ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනය තමයි රජයේ ස්ථාවරයා කියලා. ඔබ මේ ස්ථාවරය පිළිගන්න සූදානම් නැද්ද?

    මේ කාරණා ගැන අපැහැදිලිතාවයක් තියෙනවා. රජයේ ස්ථාවරය ප්‍රතිපත්තිවලින් ඉදිරිපත් කර නෑ. විවිධාකාර ඇමැතිවරු රජයේ ප්‍රතිපත්තිය මෙයයි කීවාට, රජයේ ප්‍රතිපත්තිය උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියයි. උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියේදී සම්පූර්ණයෙන්ම නිදහස් අධ්‍යාපනය ද? නැත්තම් යම්කිසි විදිහකින් මුදල් අයකරනවාද? නැත්තම් බැංකු ණය ආධාර දෙනවාද? ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව රජය නිල ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කර නෑ. රජයේ ප්‍රතිපත්තිය යැයි අත්තනෝමතිකව කතාකරන ඇමැතිවරු කීපයකගේ ස්ථාවරය තමයි මේ ඉදිරිපත්වී තිබෙන්නේ. කෙසේ නමුත් අප්‍රේල් හත ප්‍රකාශයෙන් රජය පවසනවා සයිටම් ආයතනය ළමයින් ලියාපදිංචියට සුදුසු නැතිය යනුවෙන්. අනතුරැව අපි ඉල්ලීමක් කළා සයිටම් ආයතනයට සිසුන් ලියාපදිංචි කළ නොහැකිය කියන ස්ථාවරය වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිපතිතුමා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න ලෙසට. ඒ ඉල්ලීමට ජනාධිපතිතුමා එකඟ වුණා. නමුත් සාකච්ඡා කර ප්‍රශ්නය විසඳනකොට වෙනස් මුහුණුවරක් ගනීද දන්නෙ නෑ.

    එසේනම් සයිටම් ආයතනය අර්ධ රාජ්‍ය හෝ පුණ්‍යාධාර ආයතනයක් ලෙස පවත්වාගෙන යාමේ රජයේ යෝජනාව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

    ප්‍රථමයෙන් එය වෛද්‍ය විද්‍යාලයක්ද යන්න තහවුරු කරගන්න වෛද්‍ය සභාවේ අනුමැතිය ගත යුතුයි. එහෙත් සයිටමය අනුමැතිය අරගෙන නෑ. අනෙක් කාරණා කතා කළ යුත්තේ ඉන් පසුවයි. වාහනයක් පදිනවා නම් මුලින්ම් රියදුරු බලපත්‍රයක් ගත යුතුයි. මොනවර්ගයේ වාහනයක් ද පදින්නේ යන්න සිතිය යුත්තේ ඉන්පසුවයි. ඒ වාහනේ සම්පූර්ණයෙන් මිලදී ගන්වා ද, තාවකාලික පදනම මත රෙන්ට් කරනවා ද, කුලියට ගන්නවා ද ආදි කාරණා සිතිය යුත්තේ බලපත්‍රය තියනවා නම් පමණයි. නිත්‍යනුකූලභාවයක් හා ලෝක සම්මතයක් නැති සයිටම් ආයතනයටත් තවම රියදුරැ බලපත්‍ර නැහැ. එනිසා නිල වශයෙන් වෛද්‍ය විද්‍යාලයක් කියන්න බෑ. එවැනි නිලභාවයක් නිත්‍යානුකූලතාවයක් නැති ආයතනයක් පාවත්වාගෙන යන්නෙ කෙසේද පිළිබඳව කැබිනට් රැස්වීම්වල සාකච්ඡා කරන්න පුළුවන් ද යන්න මට හිතාගන්න බෑ.

    දැන් ඔබ සංගමය ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා. මේ සාකච්ඡාව ගැන රජය කිසිදු නිවේදනයක් කරන්නට පෙර ඔබ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා ඒ පිළිබඳව විස්තර දැනුම් දුන්නා. එදා එහිදි කළ ප්‍රකාශය දිහා බැලූබැල්මට නම් තේරෙන්නේ රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලු ඉල්ලීම් ඉටුකරන්න සූදානම් වගේ පණිවුඩයක් තමයි ජනතාවට ගියේ. සංගමය ඉක්මන් වුණා වැඩි නැද්ද?

    අපි ජනාපතිතුමා සමඟ මේ ප්‍රශ්නය ගැන විතරක් නෙවෙයි ප්‍රශ්නය විසඳන විදිහ ගැනත් කතා කළා. අපි එතුමාට පවසන මූලික කාරණය එතුමා සෞඛ්‍ය ඇමැතිව සිටි කාලයේ හිටි ස්ථාවරය ඉන්න කියලයි. ඒ ගැන අපි කරුණු පළකළාට පසුව ජනාධිපති ලේකම්ගේ නමින් එක්තරා නිවේදනයක් නිකුත් වුණා. ඒත් සමඟම මේ රජයේ ඇමැතිවරයෙක්ව ඉන්න රාජිත සේනාරත්න ඇමැතිවරයා හා තවත් ඇමැතිවරැ මාධ්‍යයට කියනවා අපි ජනාධිපතුතුමා එක්ක හොර රැස්වීමක් තිබ්බෙ කියලා. මේ රටේ ජනාධිපතිවරු ලෙස ජේ.ආර් ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, කුඩා කාලසීමකට ඩී.බී විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරැ සිටිය. අඩුම තරමේ කුඩා කලකට පමණක් ජනාධිපතිව සිටි ඩී.බී විජේතුංග ජනාධිපතිවරයාගේ කැබිනට්ටුවේවත් ජනාධිපතිතුමා කරන්නේ හොර රැස්වීම් දීම ආදි කතා කියන ඇමතිවරු සිටියේ නෑ. ජනාධිපති ලේකම් ලෙඩ වී සිටි නිසා ඔහුගේ අත්සන හොර අත්සනක්ද කියලත් සැක මතුකරනවා. රටක විධායක ජනාධිපතිවරයාව, එතුමාගෙ ක්‍රියාකලාපය විවේචනය කරන වගකිව යුතු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කළහම කැබිනට් ඇමැතිවරු මේ විදිහට මාධ්‍ය ඉස්සරහා විවේචනය කරනවා නම් බරපතල අරාජිකතාවය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා. ජනාධිපතිතුමාගේ ලේකම් අත්සන් කර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන මාධ්‍ය ප්‍රකාශනයන් පිළිගත නොහැකියි කියලා කැබිනට් ඇමතිවරු ප්‍රකාශ කරනවා නම් රටේ මිනිස්සුන්ට මොන පිළිසරණක් ද යන ප්‍රශ්නයත් මතුවෙනවා.

    ඔබ සංගමය අද මොනවා කිව්වත් සයිටම් ආයතනය එදා මහින්ද රජය විසින් පිහිටුවන කොට ඔබ මේ තරම් සද්ද දාන්න ගියේ නෑ. ඊළඟට කොතලාවල වෛද්‍ය පීඨයත් ආරම්භ කරලා එහෙ මුදලට වෛද්‍ය උපාධිය සියල්ල සූදානම් කර පළමු ශිෂ්‍ය කණ්ඩායමට කරාපිටියේ පුහුණුවත් දී උපාධි ප්‍රදානය සිදුකරද්දී නිහඬව සිටි සංගමය කොහොමද මේ සයිටම් සම්බන්ධයෙන් විරුද්ධ වෙන්නේ කියලා හුඟ දෙනෙක් ප්‍රශ්න කරනවා.

    අපි 2010දී සයිටම් ආයතනය නිත්‍යානුකූලභාවයකින් තොරව පවත්වාගෙන යන බව පෙන්වා දුන්නා. සක්විති ආකාරයේ වංචාවක් කියලයි ආයතනයේ ස්වරූපය ගැන අපි පැවසුවේ. මේ රට තුළ ශිෂ්ඨසම්පන්නභාවය කොහේ හරි රජකරනවා ඇතිය කියලා අප සිතුවා. ලෝක සම්මතයට කොහේ හරි ගරු කරයි කියලත් හිතුවා. එනිසා අපි මේ සටන පමාවීම ගැන කණගාටු වුණත් මේ සටන කවදා හෝ ජයගන්නවා. ලෝක සම්මතය නැත්තම් මේය අශිෂ්ඨසම්පන්න රටක් බවට පත්වෙනවා. වත්මන් ජනාධිපතිවරයා තමයි කලින් සෞඛ්‍ය ඇමැතිව හිටියේ. මේ ප්‍රශ්නය අපි 2010 මතු කළාම එවක හිටි ජනාධිපතිවරයා අපි ඉන්න මතය සොයා බලන්න පංච පුද්ගල කමිටුවක් පත් කර එතුමාගේත් නිරික්ෂණ හා නිගමනවල සඳහන් කළා ලෝක සම්මතයට හිස නැමිය යුතු බවට. අපි ඉන්න ස්ථාවරයේමයි ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිව සිටිද්දි හිටියේ. ඔහු සෞඛ්‍ය ඇමැති ධූරයෙන් ඉවත් වුණාට පසුව පත්වූ සෞඛ්‍ය ඇමැතිවරයා ඒ මතය ඒ අයුරින්ම විදිහට නිරූපණය නොකළ නිසා තමයි මේ ප්‍රශ්නය මේ විදිහට මතුවෙලා තියෙන්නෙ. අපි මේකේ දි ඔඩුදිව්වා නෙවෙයි මේ සටන අපි 2010 ඉඳලම කරගෙන ආවා. කොතලාවල වෛද්‍ය පීඨය ගැන අපි කතා නොකළා නෙවෙයි. ඒ ගැන අපි කියූ දේවලට ගෝඨභය රාජපක්ෂ මහතා සවන් දුන් නිසයි අර්බුදයක් පැන නොනැගුණේ.

    අපිට පේන්න තියෙන්නේ මේ සයිටම් ගැටලුව විසඳන්න උනන්දු නොවී නම්‍යශීලී නොවී දරදඬු ප්‍රතිපත්තියක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්න හින්දයි ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ?

    සංගමය නෙවෙයි දරදඬු ප්‍රතිපත්තියක ඉන්නෙ. ප්‍රතිපත්තියක් නැති ඇමැතිවරැ තමයි දරදඬු විදිහට අත්නෝමතිකව කටයුතු කරන්නේ. අද මේ ප්‍රශ්නය අර්බුදයක් දක්වා නිර්මාණය වෙලා. අර්බුදයක් දක්වා නිර්මාණය වුණේ ලෝක සම්මතයට පිටුපාන ඒ ඇමතිවරු හින්දා. හිටපු රජයේ එස්.බී දිසානායකත්, මේ රජයේ රාජිත සේනාරත්නත්, කිරිඇල්ලත් ඒ ලෝක සම්මතයට ගරු කිරීමට පිටුපෑවා. එසේත් නැත්තම් අසම්මත ආකාරයෙන් කටයුතු මෙහෙයවීම නිසා තමයි මේ තත්ත්වය ඇති වී තියෙන්නේ. මේ ප්‍රශ්නය විසඳගන්න තියෙන්නේ ඒ ලෝක සම්මතයට හිස නැමීමෙන් විතරයි.

    මේ වෛද්‍යවරුන්ගේ සටනේ වේදිකාවට ඔබ ඍජුවම දේශපාලනඥයන් නංවා ගත්තා. ඒ ඇතැම් දේශපාලනඥයන්ට බරපතල චෝදනා තිබුණා. මේවගේ අශුද්ධ නායකයන් සමඟ කොහොමද මෙවැනි අරගලයක් කරන්නේ?

    අපි සියලුම වෘත්තීය සමිතිවලට, සංගම්වලට වගේම සියලුම පක්ෂවලට මේ අරගලය සඳහා ආරාධනා කළා. ඒ ඒ පක්ෂවලින් විවිධ පිරිස් පැමිණියා. පැමිණෙන පිරිස කොහොමද කියලා සොයා බැලීම අපිට අයත් කාරණයක් නෙවෙයි. ඒ නිසා ඔවුන් චෝදනා තිබුණු අය වෙන්නට ඇති.

    මේ ඔක්කොම පැත්තකින් තියමුකො. මේ සයිටම් ප්‍රශ්නය හින්දා මේ රටේ සියලු රජයේ වෛද්‍ය පීඨවල සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මාස අටක් තිස්සේ නිකම්ම නිකන් ඉන්නවා. මේක අපරාධයක් නෙවෙයිද?

    අනිවාර්යයෙන්ම අපරාධයක්. ඒවගේ රෝගී අයිතීන් උල්ලංඝණය කිරීමත් අපරාධයක්. ලෝක සම්මතයට පිටු පෑමත් අපරාධයක්.

    ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ගෙදර ඉද්දි වෛද්‍යවරැ සේවයේ යෙදෙනවා. සමහර විට රජයේ සේවය වර්ජනය කරලා පෞද්ගලික යෙදෙනවා. මේක කොයිතරම් සාධාරණ ද?

    සිසුන් වර්ජනය කිරීම සමඟ වෛද්‍යවරැන්ගේ සේවය සංසන්දනය කරන්න පුළුවන්කමක් නැහැ. වෛද්‍යවරැ පෞද්ගලික සේවයේ යෙදීම වෙනම කාරණයක්. ඒ සඳහා ඔවුන්ට අයිතියක් තියෙනවා. වෛද්‍යවරයා මේ විදිහට සටන් නොකර අරගලය අත්හරිනවා නම් රෝගීන් අයිතිය ආරක්ෂා කිරීම භාරගන්නෙ කවුද?

    සමහර නම් කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකවීමට බලාපොරොත්තුවෙන් ඔබ මේ කටයුතු කරන්නේ කියලා?

    මම ජනාධිපති අපේක්ෂකත්වයක් බලාපොරොත්තු වෙනවා කියලා කිසිම ප්‍රකාශයක් කරලත් නැහැ එහෙම අරමුණක් තියෙනවා කියලා කියලත් නැහැ. මේ ප්‍රශ්නය වෙන අතකට යොමු කිරීම සඳහා ඒ අයම කියන දේවල් හැටියටයි එය මම දකින්නෙ.

    සාකච්ඡා කළේ - සකීෆ් සාම් තන්වීරි.
    සේයාරූ - සුමුදු හේවාපතිරණ.










    ;)



    වෛද්‍ය වුර්තිය කොල්ලකන රස්සාවක් නෙවේ

    වර්ජන නිසා මැරිච්ච මිනිස්සු පව්

    මුන්ට මේ සැරේ අනිවර්යයෙන් කෙලින්න ඕනෙමයි

    මොකද මෙක සම්පුර්න අසාධාරනයි

    19553903_429470180768121_3376865306178963583_n.jpg



    19598606_429470187434787_8258526102552143090_n.jpg



    කට්ටිය සිද්ධිය තේරෙනවා නේ

    එක එක්කෙනා ගෙ අතකොලු වෙන්න කලින් තමන් ගැනවත් හිතුව නම් හොඳයි නේද
    :nerd:


    :lol::lol:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    SAITM ekata kalin Permit illala strike kala, lamaita iskola illala strike kala
    owa samnya dewal GMOA eke :)
    ada SAITM wahuwoth, heta anthare ewun NSBM SLIIT wahanna kiyalath parata bahiy...
    mokada un kelinma kiyanawa standard nemei prashnaya, private education kiyala
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බහුතරයක් එපා කියන එකේ දැනට ඉගෙනගන්න එවුන්ට විසඳුමක් දීල ඔය සුට්ට වහල දැම්මනම් ඉවරයිනෙ ලංකාවෙ වෙන පස්න නැද්ද හිටං.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දන්නැති නිසා බන් අහන්නේ ඔය රජයේ දොස්තරලා වර්ජන කරන්නේ අහින්සක මිනිස්සු වෙනුවෙන්ද බන්? බලපන්නේ මිනිස්සු ගැන තියෙන කැක්කුම.


    luv you docs <3

    නෑ බන් උන්ගේ චැනල් සෙන්ටර් වලට කෙල වෙයි කියලා :lol::lol::lol:

    ගොන් ලොජික් අනේ ගොනෝ
    උන්ගේ චැනල් වලට කෙල වෙනවා නම්
    උන් ඕක රජයට අරන් රජයේ එකක් කරන්න කියන්නේ රෙද්දටද
    උබලට ඕව කියල වැඩක න
    සයිටම් ලොජික් තමා උබලට හරියන්නේ :lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    බහුතරයක් එපා කියන එකේ දැනට ඉගෙනගන්න එවුන්ට විසඳුමක් දීල ඔය සුට්ට වහල දැම්මනම් ඉවරයිනෙ ලංකාවෙ වෙන පස්න නැද්ද හිටං.

    :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෙන්න දවසේ කතාව. මගේ යාලුවෙක් කිව්වේ. "සයිටම් එකත් තියාගෙන රාජිතටත් කෙලවන්න ක්‍රමයක් නෑද්ද?" :lol::lol: ඕක තමා බහුතර මතය. දොස්තරලයි රාජිතයි දෙගොල්ලම මිනිස්සුන්ට එපා වෙලා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,840
    17,859
    113
    SAITM ekata kalin Permit illala strike kala, lamaita iskola illala strike kala
    owa samnya dewal GMOA eke :)
    ada SAITM wahuwoth, heta anthare ewun NSBM SLIIT wahanna kiyalath parata bahiy...
    mokada un kelinma kiyanawa standard nemei prashnaya, private education kiyala

    If they shut down NSBM it would be a tragedy. No more Siyapath Buri Udanaya every year.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මුන් ඔක්කොන වෑරදියී
    1වැරැද්ද gmoa එකේ. (මුලින් සයිටම් එකේ උන්ට අවශය මුලික සුදුසු කම් අහුවත් කියපු නෑති නිසා. මහින්දට බයේ ඔය දෑන් කරන උත්ගෝශන නොකරපු නිසා)
    2වැරැද්ද ආණ්ඩුවේ. (රාජිත වගේ කුනු ගොයියන්ට ප්‍රශ්නයක් විසදන්න බෑරි නිසා හා මේවගේ එවා හරහා රටේ ප්‍රශ්ණ අමතක කරවන නිසා)
    3gmoa එකයි ආණ්ඩුවයි දෙකම වැරැදියි
    4,5 ත් එකතුකරන්න.
    4 මහින්ද රාජපක්ශ අණිඩුව (හිටන් ඈතුලුව )
    5 මහින්දගේ කාලේ එලියට බහින්න බයේ හිටිය JVP අයියලා

    mahindage anduwen thama patan gaththee eth dan me anduwa awith awurudu 2kma giyane..kale athine thieraayak ganda....anika giyapu manussayekuta banala mona karagandada api......aan ea mahinda kianawa "ape hamuduruwane math saitm ekata wiruddaiy kiyala.....
     

    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    නෑ බන් උන්ගේ චැනල් සෙන්ටර් වලට කෙල වෙයි කියලා :lol::lol::lol:

    ගොන් ලොජික් අනේ ගොනෝ
    උන්ගේ චැනල් වලට කෙල වෙනවා නම්
    උන් ඕක රජයට අරන් රජයේ එකක් කරන්න කියන්නේ රෙද්දටද
    උබලට ඕව කියල වැඩක න
    සයිටම් ලොජික් තමා උබලට හරියන්නේ :lol:

    Ane palayan ban yanna Rajayata ganna kiyanne thiyena Irisiyawata misa adareta newei:lol::lol::lol::lol: Minissuth buruwo kiyala hithana ekane wade:lol::lol:Kalin kareth okamai dan karanna hadanneth okamai nathuwa minissunta adarekatawath ratata adaretawath newei :lol::lol::lol::lol::lol: