GMOA වෘත්තීය හොරුන් මරණීය අවදානම ඇති අයට දෙන්න තිබූ එන්නත් 13,000ක් කොල්ල කෑවා…- PHI සභාපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක මේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.

    GMOA කණ්ඩායම් තුල පසුගිය දින කිහිපයේ පහත POST එක සංසරණය වූ අතර එය දැන් සාමන්‍ය කණ්ඩායම් තුලද සංසරණය වෙමින් පවතින නිසා සහ බොහෝ හිතවතුන්ගේ ඉල්ලීම පරිදි පහත කරුණු නිවැරිදි කර දක්වමි.මෙම post එක සම්පුර්ණ අසත්‍යකි.

    මගේ නිවසේ වාසය කරන මගේ පවුල මගේ බිරිඳ,, අවුරුදු 17 ක් වූ පුතා සහ අවරුදු 13 ක් වූ දියණියයි.මගේ බිරිඳ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය හෙද සොයුරිය වන අතර ඇය COVID 19 පාලනය වෙනුවෙන් හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ PCR සාම්පල ගනු ලබයි මා පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා වන අතර සෘජුවම COVID 19 ආසධිතයින් සමග කටයුතු කරයි ඒ නිසා නියමිත දෙපාර්තමේන්තු චර්ක්රලේඛ ප්‍රකාරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දෙන සාමාන්‍ය ක්‍රමවේදය යටතේ බිරිඳ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්ද මා පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්ද එන්නත් ලබාගන ඇත.ඕනෑම අයෙකුට එය පරීක්ෂා කල හැකිය.

    මගේ මව සහ බිරිඳගේ මව පමණක් ජීවත්ව සිටින අතර ඔවුන්දෙෙදෙනාම මේ වනතුරු කිසිදු එන්දත්නමාත්‍රාවක් ලබාගන නොමැ පියවරුන් දෙදනාම අප අතහැර ගොසින් වසර ගණනාවකි. මගේ මවගේ නම A.M නන්දා අධිකාරි වන අතර ඇය ගුරුගොඩ වීරපොකුණ ලිපිනයේ පදිචිව සිටි ඇය අයත් වනුයේ කුරුනෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයටය. බිරිඳගේ මව W.A මියුලට් නෝනා ය ඇය කුලියාපිටිය නගර සීමාවේ වාසය කරයි.ඕනෑම අයෙකුට මෙහි සත්‍ය අසත්‍ය තාව පරීක්‍ෂා කල බැලිය හැකිය.

    ලක්‍ෂ 5 1/2 ක් වූ අස්ට්‍රසේනිකා එන්නත් ලබාගත් ප්‍රජාව අතරින් මරණය වැළඳ ගැනීමට තරම් අවධානමක් වූ 13000 කගේ ජීවිත රකහැනීම සඳහා භාවිතා කල හැකිව තිබු අවසනන මාත්‍රා 13000 කොල්ල කෑ වෘත්තීය හොරුන් එය වසගැනීමට සාවද්‍ය පෞද්ගලික මඩගැසීම කනගාටුදායකය.විශේෂයෙන් GMOA යනු අතීතයේ සියලු දෙනා ගරු කල අභිමානවත් නායකයින් නායකත්වය සපයන ලද අභිමානවත් වෘත්තීය සංගමයකි.නමුත් අද එය එක් දේශපාලන පක්ෂයක අනු ශාකාවක් බවට පත්කොට තම නියෝජිතයන් මවු පක්ෂයෙන් පාර්ලිමේන්තු යවා දේශාපාලනයට නිර්වස්ත්‍රව කඩේ යන ගමන් අනිත් එකාගේ අමුඩයේ පාට හොයන තැනට පත් කර ඇත.වචන කිහිපයක් ප්‍රකාශ කළහොත් එයින් ඔවුන්ට හැකි පමණ මඩගහන තැනට පත්ව ඇත.

    අප නිහඬව සිටියත් ඔය නායකයින්ගේ කෙරුවාවල් සියල්ලම අප සතුව ඇතත් අප එවැනි පෞද්ගලික මඩ ව්‍යාපාර නොකරනුයේ අප තවමත් ශිෂ්ඨ සම්පන්න වෘත්තීය සමිති ක්‍රියාවලියක නිරත වන නිසා සහ අප අදටත් ගරු කරන වෛද්‍ය වෘතිකයින් රාශියක් තවමත් ඔය වෘත්තීය නියෝජනය කරන නිසාවෙනි –

    උපුල් රෝහණ –
    සභාපති
    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය .
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    34a297b9ac159f8e519338252fa36239.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    GMOA and Dr Padeniya are Politicians , we saw it before election. So what can we expect from such a lot than this ? Didn't VVIP got vaccinated before everybody else secretly?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    කාට හරි දේශපාලුවෙක්ට කඩේ ගිහිල්ලා වැක්සින් ලිස්ට් එකට නම දාගනිල්ලා..System Change වෙලා තියෙන්නේ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාට හරි දේශපාලුවෙක්ට කඩේ ගිහිල්ලා වැක්සින් ලිස්ට් එකට නම දාගනිල්ලා..System Change වෙලා තියෙන්නේ..
    දෑන් ඉතින් එහෙම හරි ඒ ප්‍රශ්ණේ ඉවර වුනා...ප්‍රශ්ණේ තියෙන්නේ අස්ට්‍රාසෙනිකා එක ඩෝස් එකක් ගහපු සාමාන්‍ය මිනිස්සුන්ට.. ඒ අයට වෙන වෑක්සීන් එකක් ගන්නත් බෑ දෑන් අරකේ දෙවෙනි ඩෝස් එක ගන්න කාලෙත් හරි දෑන්. උන් අනාතයි.. දෑන් දොස්තරලගේ පවුල් වල අයට දෙවෙනි ඩෝස් එක දෙන්නේ කොහොමද කියන ප්‍රශ්ණේ ඊලගට එනවා. එයාලටත් දුන්නේ ඈස්ට්‍රා සෙනිකා එකනේ
     
    • Like
    Reactions: JokerFan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Meka maha kalakanni ratak
    පවතින සිස්ටම් එක විසින් කාලකන්නි රටක් බවටපත් කරලා.. මේ රටේ දිගටම ලේ වෑගිරීම් සිද්ධ වුනා.. යන්තම් අවුරුදු 10 ක් හිටියා. ඊට පස්සේ පාස්කු බෝම්බේ ගෑහුවා.. කරුමයක් තමා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආමි නේවි පොලිස් උන්ගේ පවුල් වලට තියා උන්ගේ බහුතරයකට තාම දෙවෙනි ඩෝස් එක ගහලත් නෑ..

    එහෙනම් මේ සජබයියෝ කියන්නේ සේරටම ගහල කියල.මුන්ට පිස්සු
     
    • Like
    Reactions: chathuranga8887

    Similar threads