අන්තර්ජාලය අනතුරේ!!!!
A free and open world depends on a free and open Internet
මම දැකල තියෙනවා මේකෙ ඉන්න අපේ සහෝ ල SLT එකට පලු යන්න බනිනවා FUP දානවට සහ අන්ලිමිටඩ් කනෙක්ෂන්වලට ලිමිට් දානවට. දැන් මම කියන්න යන්නෙ ඊට වඩා බොහොම බයානක කතාවක්.
පසුබිම -
ARPANET වල ඉදන් අද පවතින INTRNET වෙනකන් මේ ලෝක ව්‍යාප්ත ජාලය වර්ධනය වෙන්න ලෝකෙ එක් ජාතියක් විතරක් නෙවේ අන්තර්ජාලය භාවිත කරන හැම දෙනාම උදව් වුනා. ඇමරිකාව කලේ ඒ පිලිබද පර්යේෂන කරපු එක විතරයි. ඒත් ඇමරිකාව තමන්ගෙ රට ඇතුලෙ ජාලයක් ගොඩ නගන්න දශකයකටත් කලින් ඒ කියන්නෙ 1970 ගනන් වල ඉදන් ප්‍රංශ තැපැල් හා විදුලි කටයතු දෙපාර්තුමේන්තුව ප්‍රංශය ඇතුලෙ එහෙම දෙයක් ගොඩනගල තිබ්බා. ඉතිං ඇමරිකාවට තනි අයිතියක් කියන්න බෑ අන්තර්ජාලයට.. එයාලට තනි අයිතියක් කියන්න උමනා නම් එයාලා ඒක ලෝක ව්‍යාප්ත ජාලය වෙනකන් ව්‍යාප්ත වෙන්න නොදි එයාලා ගාවම තියා ගන්න තිබ්බා.
අන්තර්ජාල සබදතාව දැනට ලබා දෙන්නෙ මහුදු මැදින් ගොඩබිම යා කරමින් දිවෙන බැක්බෝන් එකක් ඒ කියන්නෙ ලොකු රැහැන් සම්භන්ධතාවයක් මගින්. සැටලයිට් එකකින් ඩේටා ට්‍රාන්සර් කරත් කොයි මොහොතක හරි ඒ සම්ප්‍රේෂනය කරන දත්ත අර බැක්බෝන් එකට එකතු වෙනවා.
කලින් කොපර් වලින් හදල තිබ්බ දැන් ෆයිබර් ඔප්ටික්ස් වලට මාරුවෙලා තියෙන මේවට දරාගන්න පුලුවන් දත්ත පරිමාවක් නැත්නම් අපි කවුරුත් දන්න වචනයෙන් bandwidth එකක් තියෙනවා.( ඒ හින්ද SLT එක කරන්නෙ ඒ බැක්බෝන් එකෙන් බෑන්විඩ්ත් එකක් සල්ලි වලට අරන් ඒක අපිට බෙදල දෙන එක විතරයි සරලව කියනවා නම්)
අනතුර -
දැන් ප්‍රශ්නය මේකයි මේ දෙසැම්බර් වල කට්ටියක් සමුලුවක් පවත්තන්න යනවා. මේක තියන්න යන්නෙ දෙසැම්බර් 3 වෙනිදා ඩුබායි වල ITU ( internet and telecommunication union) කියල එකකින්. දැනට මේගොල්ලොගෙ ඇජෙන්ඩා එක නැත්නම් න්‍යායපත්‍රය රහසිගතයි. ඒ කියන්නෙ මේකෙදි කරන්න යන් යෝජනා මොනවද කියල කවුරුත් දන්නෙ නෑ. ඒත් ළගකදි මෙ ඇජෙන්ඩා එකට අදාල සමහර ඩොකියුමනට්ස් විකිලීක්ස් වගේ වෙබ් අඩවියකින් එලිකලා. එතන ඉදන් ලෝකෙම කුතුහලයක් ඇති උනා මෙගොල්ලො අන්තර්ජාලයේ ඒකාධිකාරයක් පටන් ගන්නද යන්නෙ කියල ....
ඇත්තටම අන්තර්ජාලය කියන්නෙ දැන් තමන් විසින්ම පරිණාමනය වන දෙයක් වෙලා. 1991දි ලෝක ව්‍යාප්තජාලය ගොඩනගන්න මුලිකත්වය ගත්ත එහි පියා කියල විරුධාවලි ලත් ටිම් බරන්ස් ලී 2008දි රිසර්ච් පේපර් එකක් පබ්ලිෂ් කරල කියල තිබ්බා අන්තර්ජාලය කියන්නෙ දැන් වෙනමම සමාජ විද්‍යාවක් කියල.
ඔයාලට මතක ඇති මේ අවුරුද්ද මුලදි SOPA (stop online piracy act) කියල මගුලක් ගෙනත් ඇමරිකාව නට්න්න හදපු නාඩගම. මේ දැන් තියන්න යන සමුලුව ඊටත් වඩා මගඩියක් වෙයි කියල තමා කට්ටිය හිතන්නෙ. ඒ හින්ද ඒකට විරුද්ධව ලෝකයෙ නිදහස් ලෝක ව්‍යාප්ත ජාලයක් අගයන ජනතාව දැන් පෙල ගැසෙමින් තියෙනවා. November 20 වෙනිදා ගූගල් සමාගමත් මේ මගඩියට විරුද්ධව පාරට බැස්සා. එයාලා දැන් පෙත්සමක් අත්සන් කරගෙන යනවා මේකට විරුද්ධව.
යන්න ගිහින් මෙතන සයින් කරල ඔයාලගෙ සහයෝගය දක්වන්න. රැකගන්න අන්තර්ජාලයෙ ලෝකය වෙනුවෙන්
Last edited:




