ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී.ආනන්ද සංගරී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජනතාවට ජාතික ගීය තමන්ට හුරු මව් බසින් ගායනා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත්, ඇතමුන් ප්‍රතිවිපාක පිළිබඳ අවබෝධයකින් තොරව අනවශ්‍ය ගැටළු ඇති කිරීමට උත්සාහ කරන බවත්ය.
එසේම සෑම පුරවැසියෙකුටම එය පහසු ආකාරයෙන් ගායනා කිරීමට අවස්ථාවක් තිබිය යුතු බවත්, එය ඔවුන්ගේ අයිතියක් වන බවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා..
මේ අතර දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදීම ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ද චෝදනා කළා. ඒ ඊයේ යාපනයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

