~ GOOD BYE ALL ~( My Last Thread Here )

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මං මොනව ලියන්නද කියල ගොඩාක් හිතුවා..ඒකයි මෙච්චර පරක්කු වුනේ ලියන්න....

මං මේ හූයට මුලින්ම එනකොට සුන්දර බෝනික්කියක් හිටියා..එයාගෙ පුංචි හිත එයාගෙ හීන ගැන කියපු තෙපලපු හැම දේම එයා කවියට නැගුවා..මම ඈතින් ඉඳන් බලා හිටියා...කියවලා ගොඩක් රස වින්ඳා....

පුංචි ඉවක් මට තිබුනා මේ බෝනික්කි තවත් නිකන්ම නිකන් සෙල්ලම් කරන්නම ඉපැදුනු බෝනික්කියක් නෙවෙයි කියල...කාලයාගේ ඇවෑමෙන් හීන ලෝකය කෙමෙන් ඉලක්ක බවට පෙරලුනා...නිකන්ම නිකන් ඉලක්ක නෙවෙයි..යන්නට ලං වෙන්නට අපිට හිතන්නවත් බැරි ඉලක්ක..හැබැයි තියා ගත්තු ඉලක්කවල මනා සැලසුමක් පේන්න තිබුනා..ආවට ගියාට අපි තියාගන්න ඉලක්ක වගේ නෙවෙයි..

මොකද අපි ගොඩාක් දුරට තියා ගන්නේ බලාපොරොත්තුනේ..බලාපොරොත්තු කියන්නෙ ඉටුවෙනකම් අපි බලා ඉන්න දේවල්නේ..නමුත් ඉලක්ක බලාපොරොත්තුවලින් එහාට ඔබ්බට ගිය එකක්..ඒකට මනා සැලසුමක් ඕනෙ..නිශ්චිත කාල පරාසයක් තුල එය ගොඩ නැගිය යුතුයි ඒ වගේම බොහෝ සතස අභ්‍යාසයන් හා කැපකිරීම් ඕනෙ වෙනවා එතැනට සමීප වෙන්න.. ඒ ඔක්කොම මේ බෝනික්කී ගාව නොඅඩුව තිබුනා..

කෙමෙන් කෙමෙන් සිඟිති බෝනික්කී මනසින් මුහුකුරා වැඩුනු... සමාජ පන්නරය ලැබූ පුංචි විප්ලවකාරියක් වුනා..

දැන් ඇය විප්ලවයේ අවසන් කොටසට ඇවිත්..තව ටික දුරයි මහගිරිදඹේ නගින්න තියෙන්නේ..

ජනතාව එකහෙලා ඔබ සමඟ..ඉතින් කුමක් තව හිතන්නද..අනිත් අයට ලබා ගන්න දිනා ගන්න බැරි ජනතා ගංඟාවක් ඔබ හා නොනැවතී ඔබේ නොසිඳෙන ශක්තියත් එක්ක එකට ගලන්නට සැදී පැහැදී බලා ඉන්නවා..


දැන් තියෙන්නේ ඒ ජනතා අපේක්ෂා මුදුන් පත් කරවීමට සටනේ බැරෑරුම්ම කොටස තිර අධිෂ්ඨානයෙන් හා ඔබ තුල හැමදා තිබුන හා දැනටත් තියෙන යෝධ ශක්තියෙන් ජය ගැනීමයි...

එයට සහාය දෙන්න සටනේ ඉදිරියෙන්ම ඉන්න අභීත කස්ස සෙන්පතියගෙන් ලැබෙන අපරිමිත සෙනෙහස් යුධ උපක්‍රම සහාය මං බොහෝ අගය කරනවා..

විගහට සටන ඉවර කරනවාට වඩා කල් අරගෙන හොඳින් සටන ඉවර කරන්න..අපි එතකොට එය සමරා ජය පැන් බොමු..


මගේ පුංචි විප්ලවකාරියේ එහෙනම් ඔබ සටන දිනා කස්ස සෙන්පතියා සමඟ අප අතරට නැවත එන දිනය උදාවෙන තුරු දැස් දල්වා මං මග බලා හිඳින්නම්..

ඔබේ ජීවිත සටනට දළදා සමිඳු පිහිට ආරක්ෂාව.......

මං දැනට නවතින්නම්....
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අවසරයි නංගි
    ජීවිතය සාර්ථක කරගන්න
    නොසැලි ඉදිරියටම යන්න
    හැම විටම සතුටෙන් ඉන්න
    නැවත පැමිණිවිට අප අතරට එන්න
    ඔබට ජය...
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඇත්තටම ඔයා යනව කියන එක අහන්න වෙච්ච එකට දුකයි
    ඔයාගෙ නිසදැස් නැති අඩුව එළකිරි එකේ කට්ටියට ගොඩාක් දැනේවි
    ලංකාවෙන් ගියත් මේ පුංචි රට කවදාවත් අමතක කරන්න එපා
    ඉක්මනට ආයෙ එන්න

    අනාගතය ගැන ඔයාගෙ තියන බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම ඉටු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
    ඔයාටයි kassaටයි සුබ අනාගතයක්
    :)

    3pawkoe24w.jpg


    මම නැති අඩුව පුරවන්න මෙතැනට අලුතින් අය ඒවි.....මාව දිරිමත් කලා වගෙම එයාලවත් දිරිමත් කරන්න...

    ඔයාගෙ සුබ පතුමට හුගාක් ස්තූතියි....
    මටත් ඔයාලව ගොඩාක් miss වේවි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හ්ම්ම්...
    නංගි තමයි මට එළකිරි එකේ මුලින්ම උදවු කරේ සිංහල කන්වර්ටර් එක දීලා.
    ඇත්තටම කිව්වොත් මගේ මුල්ම යාළුවා මේකෙ..

    ඊට පස්සේ කවියෙන් කවියේ..:)
    සියුස් විකි අයියා කිස්මට් මධූ වගේ ගොඩක් අය අදුර ගත්තේ ඒකෙන්..ඒකේ රිප්ලයි 250 ක් තියනවා මගේ :)
    මේ නික්මයාමට හේතු වුනේ කුමන කාරණයක් ද කියලා මං නම් හරියටම දන්නෑ
    (මගේ පෞද්ගලික අඩුපාඩුවක් කෙනෙක් යමක් කියන්න කලින් ඒක ගැන අහන්නැති එක ..
    දුක සැප අහන්නත් මං පෙළඹුන්නැත්තේ පුද්ගලිකත්වයට බාධා කිරිමට කැමති නැති නිසා.
    ඒක නංගි කොයි විදිහට ග්‍රහණය කරාද දන්නෑ..
    ඒක මගේ අඩුපාඩුවක් )
    සුභ පතනවා නංගි ජීවිතේ සාර්ථක වෙන්න කියල..
    කොහොමත් ඔයා නැති අඩුව එළකිරි එකට දැනේවි
    ආයෙත් එන්න කියලා කියනවා
    නිරවුල් මනසකින් මීටත් වඩා පරිණතව
    3.gif


     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    what can I say... everyone will go one day
    leaving there sweet memories behind
    then that will be history......
    Hope you will come again any way..
    It was a great pleasure to read your delighted thoughts as poems


    ppl comes & go of coz thats the nature
    bt sometime they leave some memories in our hearts
    that an never forget

    its my pleasure to get comments on my poems
    thanks alot Dear Brother
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    ohh come on.. u r not going to die for gods sake.. it's just a temporary departure.. why all these tears and bulshit expressions..
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Minu nangi.. Ikmanata ayith enna.. api hamoma adayaren balan innawa..!!
    suba Gaman...Dalada Samidu Phitai arakshawai..

    මම දන්නෙ නෑ ඔයාව කවදා කොහෙම කොයි විදියට හම්බ උනාද කියලා.ඒත් ඔයා මට මගේම සහෝදරයෙක් උනා. ඒක මගෙ හිතේ සදහටම තියේවි අයියෙ.

    ඔයාගේ දිරි ගැන්වීම් මටයි කසුන්ටයි ශක්තියක්....

    බුදුසරණයි අයියෙ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අනේ මේ මොකද නංගා........???????
    මට කතාකරන්න ඕනේ.....


    හැමදේම ඔයාට pm කරන්නම් දසුන් අයියෙ. ඔයාගේ නම මුල් පිටුවේ සදහන් කරන්න බැරි උනා අයියෙ, හිත ඒ තරම් නිදහස් නෑ....

    මට සමා වෙන්න

    අයියට බුදුසරණයි
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්..අපි දන්නවද එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන්ද අපිට හෙට මොනව වෙන්න තියෙනවද කියල...

    හැම ලස්සන මල් පොහොට්ටුවක්ම හිනැහුනේ හිමිදිරියේ පායා එන හිරු එලියත් එක්ක...

    පිබිදුනු සුන්දර හැම මලක්ම කඳුළු සැලුවේ කුර ගගා සෙමින් සෙමින් අප වෙත එන ගොම්මන් රාත්‍රියත් එක්ක..

    ජීවිතය තියෙන තාක් කල් නේද මේ විවාද.. සිත් රිදවීම්.. නොසන්සුන්තාවයන්...

    ආපහු හැරිලා බලනකොට ඒවා මහ පුස්සක් කියල හිතෙන වාර අනන්තයි.. ඇත්තටම එහෙම හිතෙන්නේ අපේ ජීවිත අපිට අයිති නැති බව පසක් වෙනකොට..

    ඒක තමයි ලෝක ධර්මතාවය..අට ලෝ දහම..

    අද අපිට කිත්.. යසස්.. ප්‍රශංසා දෙන කෙනාම හෙට අපිට නින්දා.. නිගරු.. අවනම්බු ගෙන එනවා..එය විඳිය යුත්තේ මැදහත් සිතින් හා උපේක්ෂාවෙන්..

    අපි මේ ජීවිත කවදා හෝ අත් හැර යන බව අපේ උඩු සිත පිලිගන්නට අකැමැති වුවත් යටි හිත ඇත්ත හා බැඳී එයට සාධාරණත්වය ඉටුකරන්න හැම මොහොතකම බැඳී ඉන්නවා..

    එක්තරා සන්ධිස්ථානයකදී අපිට පැහැදිලිව යටි හිත හා සහමුලින් එකඟ වෙන්න වෙනවා..අන්න එදාට අපි පරක්කු වැඩියි..අපි එහෙම පරක්කු නොවී අද අදම අපි නිවැරදි කර ගත යුතු දේ නිවැරදි කර ගත යුතුයි..

    මිනිස්සුන්ව මීට වඩා විශ්වනීයත්වයෙන් ලෙන්ගතුව දෝතින් බදා ලයට තුරුල් කර ගත යුතුයි...මිනිසත්කම බෝසත්කමක්...

    හිතේ උල් පිහිය කටේ මල් සිනාවෙන් පරාජය ලබපු අවස්ථා එමටයි.....

    අපිටවත් අයිති නැති ජීවිතයක.. ජීවත් වෙන සුළු ඩිංඟිත්තට... ජීවිතයෙන් හරි දෙයක් කිරීමට ඔබ දරා ඇති මේ අවංක පරිශ්‍රමයට මගේ මුලු හදින්ම මම ඔබට මෙසේ ආචාර කරනවා......

    නංගියට ජය...

    නොපෙනෙන ඉමක සිට
    එකිනෙක පරයමින් ඇදුනු රළ පෙළ
    ගල් දෙබොක්කාවෙන් නැගී
    යළි වැටුනයුරු
    මොහොතක සොඳුරු බව
    නොරැඳෙන අරුම කිම ?


    හ්ම්ම්, රොන් අයියගේ වචන ටික කියවනකොට මගේ හිතට ආවේ මම ටික කලකට කලින් කරපු නිර්මාණයක මේ මුල් පද ටික. මොහොතක සොඳුරු බවම යළි අප හඬවන අයුරු. ඒ දුකත් නොවෙනස්ව නොපවතින ලෝ දහම් අරුමය.
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Take care nangi. Wish you all the best.
    Be strong like you have always been. I sincerely hope you will feel better soon and be able to come back to us. :)
    Budu Saranai


    thank you so much dear sis
    all of your wishes are sooo much for me
    i will be Back akkiyo

    Buddhusaranai
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඉක්මනින් සුවපත් වෙලා එන්න.තෙරුවන් සරණයි,දෙවි පිහිටයි!සුබ ගමන්!

    ස්තූතියි අක්කියො
    බුදුසරණයි ඔයාටත්
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    GO away...
    U can leave if u think its time to leave....
    But u cant never leave....
    Cos u are in the most protected place in our hearts..
    Any way bye for nw...

    But y r u leaving dear..

    dawasak mathakada oya mata mara widiyata wadina kaviyak liwwa..
    mama PM ekak dala athi..
    anyway... thnx for with us

    im leaving coz of my personal matter Brother...will be back one day
    thanks for the view of me & thanks for your wish Brother
    Good Luck
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    දවසින් දවස පහු වෙවී ඇවිල්ල දැන් ඔයට යන්න කාලෙ ඇවිත්.තව දවස් දෙකයි හරියටම මම,අපි ඔක්කොම ඔයා එක්ක ඉන්නෙ.ඊට පස්සෙ ඔයා තනියම හැමදේටම මුන දෙන්න ඕනෙ.කොච්ච්‍ර දුරක හිටියත් හදවතින් මම ඔයා ගාව.:love::love::love:අපි හැමෝම.මම දන්නව ඔයාට එලකිරි එක ගෙදර වගෙ.ඔයගෙ ගොඩක් යාලුවො ඉන්නෙ මේකෙ.ඉතින් දාල යනන් දුක ඇති.පරිස්සමින් ගිහින් එන්න මම බලා ඉන්නව අපි ඔක්කොම බල ඉන්නව.අවුරුද්දක් කියන්නෙ පොඩි කාලයක් ඉක්මනට ගෙවිල යයි.හැමදෙම හොදින් වෙයි.අපි හැමෝම ප්‍රාර්ථනා කරනව වගේ. (පේනව නේද හොදින් හිටියම හැමොම දුක් වෙන හැටි දාල යනකොට.:yes::yes::yes:)
    බුදුසරනයි!


    ඔව් කසුන් අයියෙ. මම මෙතැනදි දිනුවේ හදවත්. මට ඒව වටිනවා හුගාක්..
    ඔයා මගෙ ශක්තිය. ඔයාගෙ සෙවනැල්ල මට තනි රකීවි.ආයේම මම එනකල්..
    අපිට බලාපොරොත්තු , හීන තියෙනවා.....මම එන්නම ඕනා.:love::love:
    ඔයත් ශක්තිමත් වෙන්න...

    ඔයාටත් බුදුසරණයි.
     
    Status
    Not open for further replies.