Google එකෙන් පහසුවෙන්ම යමක් සොයාගන්න ලෙහෙසිම ව

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Google එකෙන් පහසුවෙන්ම යමක් සොයාගන්න ලෙහෙසිම ව

    අපි ඉතින් මොකක් හරි දෙයක් දැනගන්න ඕන උනහම ගොඩක් වෙලාවට Google ගෙන්නෙ අහන්නෙ. මේ සටහනෙන් කියන්න යන්නෙ Google ට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්න අපිට ඕන දේ අහන හැටි. මේ විදිහට කලොත් ඕන්නැති ගොඩක් ප්‍රතිඵල බලාගන්න පුළුවන්.

    1. නිශ්චිත වාක්‍යාංශ ("Some text here")

    හිතන්න ඔයාට ඕන කියල සිංහල යුනිකෝඩ් පිහිටුවන හැටි Google ගෙන් අහන්න, මේ වගේ වෙලාවට install sinhala unicode කියල හොයනව වෙනුවට ඔයාට පුළුවන් පෙරළි කොමා දෙකක් අස්සෙ දාල "install sinhala unicode" කියල හොයන්න. එතකොට Google අපිට කියන්නෙ ඔය වචන තුන ඔය පිළිවෙලටම තියන එව්ව විතරයි.


    2. ඕන්නැති වචන හලන්න (-YourText)

    අපිට එන ප්‍රතිඵල ගාන අඩු කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට install sinhala unicode ගැන හොයන්න ඕන, හැබැයි එන ප්‍රතිඵල වල siyabas තියෙන්න බැරිනම් install sinhala unicode -siyabas කියල හොයපුවාම ගොඩ. පේනවනෙ කරල තියෙන දේ, අර පොඩි ඉරි කෑල්ලෙන් එහා පැත්තෙ එන්න ඕන නැති වචනෙ දෙන්න තියෙන්නෙ. install sinhala unicode -siyabas -download කියල දීපුවාම siyabas සහ download කියන වචන දෙකම හැලෙනව.


    3. සමාන දේවල් තියන පිටු (related:URL)

    ඒ කියන්නෙ මේ වගේ දෙයක්, හිතන්නකො අපිට http://www.w3schools.com/php/default.asp කියන පිටුවෙ අපි හොයන දේ හම්බවුනා කියල, related:http://www.w3schools.com/php/default.asp කියල හොයපුවාම අර කලින් පිටුවෙ තියන දේට සම්බන්ද දේවල් තියන තවත් පිටු අපිට හොයාගන්න පුළුවන්.


    4. එක Site එකක විතරක් හොයන හැටි (YourText site:URL)

    හිතන්න ඔයාට මොකක් හරි දෙයක් ගැන එක site එකක විතරක් තියන දේවල් හොයන්න ඕන කියල, උදාහරණයක් විදිහට php site:www.w3schools.com කියල දුන්නොත් අපිට www.w3schools.com කියන site එකේ php ගැන ලියවුන පිටු හොයාගන්න පුළුවන්.


    5. විශේෂ ලියකියවිලි වර්ගයක් හොයන හැටි (filetype:Type)

    ඔයාට ඕනනම් php tutorial ගැන තියන pdf files හොයන්න, php tutorial filetype:pdf කියල දීපුවාම ගොඩ.


    6. හදිස්සියකට ගානක් හදාගන්න

    ඔය පොඩි ගානක් හදාගන්න අපි හැම තිස්සෙම කරන වැඩක් තමයි Calculator එක පාවිච්චි කරන එක,(5.5*10)/5 කියල දීල බලන්නකො මොකද වෙන්නෙ කියල.


    7. අර්ථ දැක්වීම් හොයන්න (define:Text)

    define:unicode කියල හොයපුවාම අපිට unicode කියන එකේ අර්ථ දැක්වීම ලේසියෙන්ම දැනගන්න පුළුවන්.

    SOURCE :
    http://offair.nethfm.com/article/15082

    MORE :
    http://www.nic.lk/images/trainingpdf/search_t.pdf