මේ කියන්න යන්නේ Google සමාගමේ GBoard keyboard එකෙන් ශ්‍රී ලාංකික අපිට ලැබුන වැදගත් අංගයක් සම්බන්ධවයි. අපි කවුරුත් දන්නවා දන්න කාලෙක ඉඳන් පරිගණක ජංගම දුරකතන බොහෝමයක වගේ තිබුන අංගයක් තමයි voice recognition, voice typing කියන්නෙ. ඒකත් ඉංග්‍රීසි ඇතුලු වෙනත් විදේශික භාශාවලිනුයි තිබුනේ. ඉතින් දැන් මේ භාශා අතරට සිංහල භාශාවත් එකතු කරලා තියෙනවා. ඒක මෑතකදී සිදු කරපු එක් කිරීමක්ද කියන්න නම් හරියටම දන්නෙ නෑ. මේක දැන ගන්න ලැබුනේ සයිබර් අවකාශයේ තරුවක් වෙන කළුමල්ලි දාල තිබ්බ වීඩියෝවකින්.
කරන්න තියෙන්නේ දුරකතනයේ ඇප් ස්ටෝරුවෙන් Google GBoard කියන application එක භාගත කරගෙන දුරකතනයේ ප්‍රධාන යතුරු පුවරුවට මේ GBoard යතුරු පුවරුව එකතු කරගෙන ඒකේ යතුරු පුවරු භාශා වල ඉංග්‍රීසි වලට අමතරව සිංහලත්, voice typing වල ඉංග්‍රීසි භාශාවට අමතරව සිංහලත් එකතු කර ගන්න එක.
(භාශා ලයිස්තුවේ සිංහල තියෙන්නේ සිංහලෙන් ම "සිංහල" කියල ලියලා. ඒ නිසා "S" අකුරෙන් සිංහල හොයා ගන්න නොතිබේවි.)
දැන් තියෙන්නේ දෙයක් ලියන්න පුළුවන් තැනකට ගිහිල්ලා යතුරු පුවරුවේ පහල තියෙන ලෝක බෝල ලකුණෙන් සිංහල පුවරුව තෝරගෙන ඒ පුවරුවේ දකුණු උඩ කෙළවරේ තියෙන මයික්‍රෆෝන ලකුණ ඔබලා සිංහලෙන් කතා කරන එක.
හිතේ තියෙන දේ අත පාවිච්චි නොකර කටින් ම කර ගන්න පුළුවන් වේවි මින් ඉස්සරහට.

Last edited: