ඔය මහත්තය හිතනවනං ගොටාබය හින්ද යුද්දේ දින්නා, මහින්ද හින්ද යුද්දේ දින්නා කියලා මම කියන්නේ ඇහරෙන්න එපා දැන්ම! ඔය දකින හීනය හරි ශෝක්.
යුද්දයක් දිනන්න එක පුද්ගලයෙක් හරි එක පවුලක නායකත්වයක් නිසා පුලුවන්ද? බැහැ. යුද්දයක ජයග්රහනය තීරනය වෙන්නේ ඒ ඒ කාලවකවානුව තුල මහ පොලොවේ ක්රියාත්මක වන තීරණාත්මක සාධක ගනනාවක් එක පාර්ශවයකට වාසිදායක ලෙස නව ආකාරයකින් දිග හැරීම නිසා. Stale mate පොසිශන් එකක් ඉඳලා Winning පොසිශන් එකට යන්න නම් චෙස් ලෑල්ලේ ඉත්තන් ස්තානගතවීම පමනක් නෙවෙයි ප්රතිවාදියාගේ වැරදි තීරනත් බලපානවා. කරුණා සාධකය හරහා නැගෙනහිර පලාතේ බල තුලනය ශ්රී ලංකා හමුදවන්ට නතු වීම, කරුනාගේ දෙමල ජාතික සටන් කරුවන් LRRP සහ Directorate of Intellgence හි මෙහෙයුම් වලදී කෙලින්ම සහභාගීකරවා ගැනීම, ඇමරිකානු සහ ඉන්දීය විදේශ ප්රතිපත්තිය ලංකාවට පක්ෂ තැනකට ඒම, විශේෂයෙන් ත්රස්තවාදයට එරෙහි ඇමරිකානු පශ්චාත් 9/11 ප්රතිපත්තිය තුල ඇමරිකානු ඔත්තු සේවා සහය සහ ඇමරිකානු යුධ විශේසඥයින් විසින් කුඩා කන්ඩායම් ප්රහාර පුහුණු කිරිම (Six men teams, Covert operations), දකුනු ඉන්දීය විරෝධය කළමනාකරනය කිරීම සහ ඉන්දීය ඔත්තු සේවා වල සහය, ඉන්දුනීසියානු සහ මැලේසියානු හමුදාවල සහය සහ තොරතුරු හුමවාරුව උදවු වුනා.
අයියා-මල්ලි නිසා යුද්දේ දින්නා, දැන් ඉන්න එකා ඉරිගේශන් ඉන්ජිනියර් නේ ඌ දන්න ලබ්බ කියන අයට මට කියන්න තියෙන්නේ අපි නොදන්න චෙස් කියල තමයි.