ප්‍රයිවෙට් කරලා, හැම කෝස් එකකම ගාණ ලක්ෂ 3 කට වගේ සීමා කරන්න ඕනේ, හැම කෝස් එකක්ම අවුරුදු 4 ක් කරන්න ඕනේ, අන්තිම අවුරුද්දේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රෙනින් දාන්න ඕනේ පොඩි පඩියක් ගෙවලා (මාසයකට එන්නේ රුපියල් 6250). ලංකාවේ ප්‍රයිවෙට් කෝසස් වල ගාණ වැඩි ඒවා පිටරට විශ්ව විද්‍යාල වල සහතික දෙන නිසයි, ඒ සිලබස් එක කරන නිසයි. අපිට තියෙන්නේ අනුන්ගේ සිලබස්, සහතික ගන්නේ නැතුව ලංකාවේම දෙයක් කරන්නයි, එතකොට ලක්ෂ 10,12 යන්නේ නෑ.
ඉගෙන ගන්න උන්ට තියෙන්නේ පාට් ටයිම් ජොබ් එකක් කරන ගමන් වාරික විදියට ඒවා ගෙවන්නයි. පාට් ටයිම් රැකියා පුරප්පාඩු වැඩි වෙනකොට රජයට තියෙන්නේ රැකියා අවස්ථාව වැඩි කරන්න , ව්‍යාපාරිකයන්ට අත දෙන්න. ඒ රැකියා ගන්න විශ්ව විද්‍යාල සිසුන්ට එතකොට පඩියක් හම්බ වෙනවා, උන්ට ඒකෙන් වාරික ගෙවන්නත් පුලුවන්. සාමාන්‍යය ජොබ් වගේ 8 ඉදලා 5 වෙනකම් තියෙන්නේ නැතුව, විශ්ව විද්‍යාල සිසුන්ට ලෙක්චර් නැති වෙලාවට සහභාගි වෙන්න ඉඩ දෙන්න ඕනේ. උන් වැඩියෙන් වැඩ කරොත්, වැඩි පඩියක් ගෙවන්න ඕනේ. එතකොට ලෙකචර්ස් වලට ගෙවලත් ඉතුරුවා ගෙදරට දෙන්න පුලුවන්, තමන්ගේ වැඩ කරගන්නත් පුලුවන්.
මෙහෙම කරාම උද්ඝෝසන අරවා මේවා තියන්න උන්ට වෙලාවක් නෑ. වැඩෙත් ඉක්මනටම කෙරෙනවා, දුප්පතුන්ට අසාධාරණයක් වෙන්නෙත් නෑ, රජයට පාඩු වෙන්නෙත් නෑ, උනන්දුව තියෙන එකා ඉගෙනත් ගන්නවා. රජයට අදායමක් එනවා, විශ්ව විද්‍යාල සිසුන්ට මුල ඉදලම රැකියා අත්දැකීමක් ලැබෙනවා, ලංකාවේ විශාල වශයෙන් නව සමාගම් බිහිවෙනවා, මේ සමාගම් ටිකක් ලොකු වෙලා විදේශ රටවල ආයෝජනය කරාම ,ලංකාවට ආදයමක් එනවා, මේ ප්‍රයිවට් විශ්ව විද්‍යාල වලට විදේශ සිසුනුත් ගත්තම ඒකෙන් ලංකාවේ ව්‍යාපාරිකයන්ට ,රජයට ආදයමක් එනවා.