හා හා පුරා කියල අපේ යලුවො Set එක පුන්චි වැඩකට අතගහන්න හැදුවෙ, තව Set එකක් එකතුවෙලා ගස්ටික කපල විනාශ කරනකොට අපේ Set එක එකතුවෙලා පොඩියට ගස්ටිකක් හිටවන්න කරන පුන්චි උත්සහයක පලවෙනි පියවරක් විදිහට කුබුක් පැල තවන් කරන්න හිතාගෙන ඉන්නව . ඉස්සරහට ඒන වැසි සමයත් එක්කම ගස්ටික හිටවන්න බලපොරොත්තු වෙනව.
කිව්ව වගෙම අපි යලුවො ටික ගියා කුබුක් පැල 1000ක් තවන් කරන්න. ඒ ගමන ගැන පුන්චි විස්තරයක් තමයි මේ.
කුරුණැගල රොහාන් අමරසේකර අයියලගෙ ගෙදර තමයි පැල තවන්කලේ.. ගහ කොලට ආදරේ කරන ආදරනීය මිනිසෙක්.. හොඩක් හොදට අපිට සංග්‍රහ කලා.. මුලු පව්ලම අපිට මාරම සහයොගයක් දුන්න...
ලබන සතියෙ ගම්පහට ගේන්න හිතගෙන ඉන්නව පැල ටික..
මුලින්ම ගම්පහ දිස්ත්‍රික්යයේ පාසල් වල තමයි ගස් හිටවන්න පලපොරොත්තු වෙන්න.. එක පාසලකට පලතුරු වත්තක්(පලතුරු ගස් 15ක් අවම ) සහ කුබුක් පැල 15 බැගින් රෝපනය කරන්න බලපොරොත්තු වෙනව. පොඩ්ඩන්ට පොඩිකාලයේ ඉදලම පුරුදු කරන්න ඔනි ගස් වලට ආදරේ කරන්න..
පලතුරු පැල ගන්න අපිට සහයොගයක් වෙන්න කැමති අය ඉන්නවනම් කියන්න.. අපිට මේ දේවල් තනියම කරන්න අමරුයි..කිසිම ලාබයක් ලබාගෙන කරන වැඩක් නෙමෙයි.. මැරෙන මොහොතෙ ගත්ත හුස්මට නැයක් නෑ කියල දැනෙනවනම් ඒ හොදටම ඇති..
ඒත් ගහක් හිටවල හිතට දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. පුදුම ආත්ම තෘප්තියක්.. නිකමට හිතන්න අපි ගන්න හුස්ම පොද නිකමටවත් ගන්න විශ උනොත් මොනව කරන්නද.. පුදුම අසරනකමක් දැනෙවි.. ඉතුරුවෙලා තියෙන ගස් වලට පින්සිද්ද වෙන්න අපිට තාමත් නිදහසේ හුස්මගන්න පුලුවන් වෙලා තියෙනව..
අපි එකතුවෙලා පුන්චි හරි වැඩක් කරමු..ජිවිතේට වටිනාකමක් ලැබෙන්න
(අපිට මේ වැඩේ කරගෙන යන්න වචනෙකින් හරි උදව් කරපු සියලුම දෙනාට ගොඩක් ස්තුති)
අපේ Program ඒකේ සියලුම Photos පහල Link එකෙන් බලන්න පුලුවන්.. Photos දාන්නෙ තව කාටහරි ගහක් වත් හිටවන්න කැමැත්තක් ඇතිවෙන්න කියල හිතාගෙන
https://www.facebook.com/pg/SLGreenHearts/photos/?tab=album&album_id=1938464832917657&__xts__%5B0%5D=68.ARBEttZE54wb0sodsqbanaV4uhWkoO2wVA2dT5WBH-NHDXN9zLkSo16CwlasEzKqM0lT_Ei2zfWCafUJv2bLm1kQ5Jb7_IdDfBQqAyP_VQmi62Am4JlF09c1GJmLdb14rAvs7y_xFQPzhi0Ga1-zVwg21w1Jng_8xY2hseF29MjcDaKC-kEnDltdo0-ZuLRAHx5jV5REtSRinpteTbE7QI0uVIFPHk3yDRQZ0Y3QkPUKLAXXMwbN21R1Vz9VLPEy01NoXXFNaFNx8_w8WTDb7r8TGQx0Et4a6oEBS6Mvt9szXaKVNi45Gmjujo_wEU-HHy1DVTmy3CyQ3Cw13fAdq5gJLPm9qyUCAqNDyIJorjrlSh9OkvcongYGS21kvBJqNwdfpcAb6xnu93vtdgtn38tro3obM7-4l5u8gRAzhsxJjTnzl2QriF82emBXDsILa8iMKg43e0z1fgPPV0Vqx_eruQ&__tn__=-UC-R
අපේ Facebook page url එක පහල Link එකේ තියෙනව. කරදරයක් නැත්තම් Like එකක් දාගෙන යන්න
https://www.facebook.com/SLGreenHearts/
Attachments
Last edited:


