මේක වෙන්න ඇති මම දැනට දාල තියෙන පොඩිම thread එක.එකට හේතුව තමා ගමන ටිකක් පොඩියි..අනික අපිට ගොඩක් දේවල් කරන්න හම්බුනේ නෑ.එත් මම මේක දාන්න ලොකුම හේතුව තමා අපිට වෙච්ච පොඩි ඇබැද්දියක් ගැන කියන්න.ලොකු කරදරයක් උනේ නෑ අපිට සමන් දෙවියන්ගේ පිහිටෙන්..එත් මේ වගේ ට්‍රිප් යන සහ යන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි මේක දැනන් ඉන්න එක ..
අපි මේ පාර ගියේ දැරණියගල ඇලි හත බලන්න.මේ වගේ ගමන් යන ගොඩක් අයට හුරු පුරුදු තැනක් තමා ඕක.ඇලි හතක් බලන්න කියල හිතන් ගියාට එක ඇල්ලක් වත් බැලුවේ නං නෑලු..
මේ ගමනට සහභාගී උනේ අපේ office එකේම set එකක් .අපේ hiking club එකේ මුල්ම සාමාජිකයෝ දෙන්නෙකුත් හිටිය.ගමන ගියේ ඇත්තටම සැප්තැම්බර් 1 2 3 .පලවෙනි දවසෙ 5 දෙනෙක් ගියා අපේ ප්‍රේම් අයියලාගේ මහ ගෙදර.ඒ තියෙන්නෙත් දැරණියගලම තමා.පොඩි පොඩි ප්‍රශ්න නිසා මමයි සජ්ජයි දෙන්න ගමනට එකතු උනේ දෙවැනි දවසෙ.දෙවැනි දවසෙ ප්‍රේම් අයියලාගේ ගෙදරින් පිටත් වෙලා ඇලි හත බලල එදා රෑ කොහේ හරි camp කරලා පහුවද කොළඹ එන්න තමා plan එක උනේ..
යන ගමන් මගදී හරි ලස්සනට සිරීපාදේ දැක්ක.එතකොට ගෙවල් ළඟටම ඇවිල්ල අපි දෙන්න.
අපි යනකොට මුළු පළාතම මීදුමෙන් වැහිලා.
අපි අරුන්ගේ ගෙදරට යනකොට හරියටම උදේ 7 ට වගේ ඇති.
අපේ set එක ප්‍රේම් අයියලාගේ ගෙදර. අපි එනකොට මුන් ඇලි හත බලන්න යන ගමන අතැරලා දාල කලින් දවසෙ වැහැපු නිසා..එත් අපි ගිහින් ආපහු set එක form කරලා ගත්ත..ඒත් පොඩ්ඩක් පරක්කු උනා.
එහෙට හරි ලස්සනට ඉර පායනව පිටිපස්සේ තියෙන කන්දට උඩින්..
උදේට ගෙදරින් කාල දවල්ටත් බත් බැඳගෙන පිටත් උනා ගමනට.
අපිට මෙතන ඉඳන් ඇලි හත පටන් ගන්න තැනට තියෙනව කිලෝමීටර් 18ක් 20ක් වගේ..ඒ ටික යන්න අපිට ලෑස්ති කරලා තිබුනේ බොලෙරෝ එකක්..පට්ට චාටර් පාරවල් තියෙන්නෙ..එත් ඒවා හදන්න උවමනාවකුත් නෑ.ඒ පලාත්වල මිනිස්සු නැති නිසා.
වාහනේ එනකන් ඉන්න අපි.එකෙක් අඩුයි.
ඊට පස්සේ අපි නැවතුනේ උඩ මාලිබොඩ කියන ගමේ..මෙතන තමා අන්තිමට ටව්මක් වගේ තියෙන්නෙ..මොනා හරි ගන්න තියෙනවනං මෙතනට එන්නත් එපා..දැරණියගල ටව්මෙන්ම ගනිල්ලා..මේ කඩවල්වල මේ ලෝකේ දෙයක් නෑ.
ඔය තියෙන්නෙ එක කඩයක්.ටිකක් එහායින් පෙන්නෙ tea ෆැක්ටරි එකක්..තව එක කඩයයි තිබුනේ..එත් අපිට ඕන ඒවා තිබුනේ නෑ.
හොඳම දේ කියන්නෙ අපි මෙතනට එනකොට පරක්කු උන නිසා අපි මුලින් කතා කරන් හිටපු guide කොහෙද වෙන ගමනක් ගිහින්.
නැව ගිලුනත් බෑන් චූන් තමා.බීම පැකට් බොනව පොඩි උන් ටික..
අපි හිතා ගත්ත අපිට පුළුවන් විදියට අපි ගමන යනවා කියල..මේ ගමන වෙන කිසිම එකෙක් ගිහිල්ල නෑ කලින්..කොටින්ම කිව්වොත් උඩ මාලිබොඩට අවිල්ලවත් නෑ.අඩුම ගානේ ගමේ එකාවත්.
අපි තේ එකක් එහෙම බීල ගියා ඇලි හත ගමන පටන් ගන්න තැනට.එකත් සැහෙන දුරක් යන්න ඕන පාරවල් නොවන පාරවල් වල.වාහනෙන් බහිනකොට හොඳ ගණන් set එකට.
මේ තියෙන්නෙ අපි ආපු වාහනේ සහ වහනෙකින් එන්න පුළුවන් අන්තිම තැන..මෙතන තියෙනව power plant එකක්..මේකට තමා මේ ලඟකදී හෙන seen එකක් ගියේ..එත් ඉතින් හරි අපූරුවට වැඩ ඉවර කරලා දැන් කරගෙන යනවා..හැබැයි මෙතන ඉන්න ඉංජිනේරු මහත්තය නං ගොඩක් හිතවත්..
මෙතන වාහනේ දාල අපි පිටත් උනා අපේ ගමනට..වාහනේ එළවන් ආපු මල්ලියි එයාගේ උදව්වට ආපු මල්ලියිත් ආව අපිත් එක්ක උඩහට.
පටන් ගත්ත ගමන් පාර ටිකක් හොඳට තියෙනව.
3 වෙනි ඇල්ල උඩට යනකන් power plant එකට වතුර ගෙන බටේ අයිනෙන් තමා යන්න තියෙන්නෙ.
කැලේ ඇතුලේ.
3 වෙනි ඇල්ලේ උඩට අව ඉක්මනටම.
මේ එතන.
එතනට පේන ඈත
එතන පොඩි bunt එකක් බැඳලා තමා වතුර පහලට අරන් යන්නෙ.
අපේ කට්ටිය තම ඔය ඉන්නෙ එක උඩ.
අපි මෙතැනදී දවල්ට කෑවා..
හදිසියේ හරි අපිට උඩහට ගිහින් පාරක් හොයා ගන්න බැරි උනොත් එහෙම මෙතන තිබුන පොඩි ගල් ගුහාවේ ඉමු කියල තමයිලු කට්ටිය කතා උනේ..
අපේ set එක වාඩි වෙලා ඉන්නෙ ඒ ගල් ගුහාවේ තමා.
එහෙම හිතාගෙන පිටත් උනා ඇලි බලන්න..ඔතන ඉඳන් ඔහේ ගියා..පොඩි පාරක් වගේ එකක් තිබුන..ගස් කපල දාල තිබුන..ඒවා දිගේ අපි ගියා.
මේ පැලේ මොකක්ද දන්නෙ නෑ..දන්නා කෙනෙක් කියපල්ලා..
තව තියෙනව.
ඇත්තටම මේ කැලේ නකල්ස් වගේ නෙමෙයි..ගොඩක් සම්පූර්ණයි වගේ දැනෙනවා..ඒ වගේම හරි සංකීර්ණයි..
මේ තියෙන්නෙ වල්ලපට්ට කපන්න ආපු අය නැවතිලා ඉන්න හදා ගත්ත තැන් ලු.
මොනවා නැතත් මෙහෙ වල්ලපට්ට ජාවාරම සුපිරියටම වෙනවා කියල තමා ආරංචිය..ඒවා විකුණලා කෝටිපතියෝ උන අයත් ඉන්නවලු අහල පහල ගම් වල.
ඇත්තටම ගමන ගොඩක් දුෂ්කරයි..එකට හේතුව තමා හරි පාරක් නෑ.ගස් කඩන් වැටිලා..හැමතැනම වගේ ලොකු ගල් උඩින් තමා යන්න තියෙන්නෙ.
මේ වගේ.
අපි හිටපු ගමන් වතුර පාර පැත්තට ඇවිල්ල බලනව දිය ඇල්ලක වගේ සද්දේ වැඩි උනාම.
එත් දැකපු දිය ඇල්ලක් නං නෑ.
මේ වගේ තැන් නං ගොඩක් දැක්ක.
එතන ඉන්න අපේ අය.
ඔතන ඉඳන් වැඩි දුරක් යන්න හම්බුනේ නෑ, එක තැනක් හම්බුනා කොහෙන්වත් යන්න බෑ..පති තුනකින් ලොකු ගල් බිත්තියක් අනික් පැත්තෙන් ගඟ..අපිත් එක්ක ආපු මල්ලිලා දෙන්න කොහොමහරි ගඟෙන් එහා පැත්තට ගියා.
අපි වෙන පාරකින් ගියා එහා පැත්තට..එතන පොඩි ගල් ගුහාවක් තිබුන.ඒ වෙනකොට හවස 4.30 වගේ ඇති.තව ඇවිදින්න වෙලාවක් නැති නිසා තීරණය කළා මෙතන නවතින්න.ගුහාවට එහා පැත්තෙනුත් වතුර පාර යනවා .හරියට නිකන් දූපතක් වගේ.
පොඩි rest එකක් ගත්ත..ටික වෙලාවකින් මීදුමෙන් වැහිලා ගියා මුළු පලාතම.
මෙන්න මේ photo එක හොඳට මතක තියා ගනිල්ලා..
කට්ටිය photo ගහනවා..මන් තරා වෙලාද..?..
අපි set එක..
පොඩි ආතල් එකක්.
ගුහාවට ගිය ගමන් අවරුදු ගානක ඇරියස් අල්ලන්න වගේ පටන් ගත්ත ඕමි ගහන්න.
අපිත් එක්ක ආපු මල්ලිලා දෙන්නට යන්න ඕන කිව්ව ඊළඟ දවසෙ උදේම hire එකක් යන්න තියෙනව කියල..උන් දෙන්නව යැව්වා ටෝච් එකකුත් දීල.
උඹල තවම හරියට ගුහාව දැක්කෙ නැනේ.
ඔන්න බලාගනින් ගුහාව සහ අපි..මෙතන ඉතින් බැංකුවක it department එකේ manager ,assistant manager ,administrator ,system operator වගේ ඔක්කොම ඉන්නවාලු.දිය ඇලි බැලුවේ නැති උනාට අන්න ඒ එකමුතුව තමා වටින්නෙ අපිට නං.මොකද අපි ඔක්කොම මෙහෙම set වෙනවා කියන එක කරන්න බැරි දෙයක්..
යාළුවොත් ඉන්නවා.
ටිකක් රෑ උනාම පටන් ගත්ත අරන් ආපු නූඩ්ල්ස් ටික හදන්න.
ඒක කාල තව ටිකක් සෙල්ලන් කරලා නිදා ගත්ත හෙට උදෙන්ම උඩහට යන්න හිතාගෙන.
රෑට කන අපි.
මොකක්ද ඕයි ඔය කරන ලජ්ජා නැති වැඩේ..
මහා රෑ 12ට විතර එකෙක් ඇහැරලා ටෝර්ච් එකක් දීපල්ලා කිය කියා කෑ ගහනවා..බලනකොට set වෙලා..මුගේ බඩ අව්ල් වෙලා..3 පාරක් විතර ගියාලු..ඒ ආශ්‍රයෙන් අපි දිය ඇල්ල නම් කළා ‘රෙනගල ඇල්ල’ කියල..
අපි 7 දෙනාට ගුහාවේ ඉඩ තිබුනට පාන්දර වෙනකොට මට පොඩි පොදයක් වැටුන වගේ දැනුන නිසා මම ගියා ගිනි මැලේ ලඟට.යනකොට නාමල් අයිය කලින්ම එතන.උදේ පාන්දර හීතල නං එනව sorry වෙන්නම..
එලිය වැටීගෙන එනකොට නාමල් අයිය අහනව මගෙන් මචං වතුර වැඩි වගේ නැද්ද බන් කියල..මටත් එක ඒ වෙලාවේ තමා click උනේ..අඟල් දෙකක් වගේ වතුර වැඩි වෙලා.ඒක එච්චර ගානක් නැති නිසා අපි පුරුදු විදියට milo හදාගෙන බිව්ව..හැබැයි පොඩි වැස්සකුත් තිබුන..
මෙතන තමා අපි දෙන්න නිදා ගත්තෙ.
ගල් ගුහාවට උඩින් තියෙන ගල..අපි හිතුවට වඩා එක ලොකුයි.
උදේට කන්න කඩල එකත් හැදුව..
එතකොට ටිකක් වගේ වැස්ස වැඩි වෙලා..එත් අපි දන්නෙ නැතුවම උඩහට වහල තියෙනව දොඹ විසිවෙන්න..එතකොට වෙන දේ දන්නවනේ උඹල.එකම අපිටත් උනා..අපි ඉන්න තැනට වැස්ස පෑවවට දිගටම වතුර වැඩි උනා..ලොකුවට බය උනේ නං නෑ.
මම එකම තැන photo දාන්නන් උඹලට තේරුම් ගන්න ලේසි වෙන්න.
මේ photo එකෙත් වතුර ගොඩක් වැඩි.මම උඩදී මතක තියා ගනින් කියපු photo එක පොඩ්ඩක් බලපල්ලා..
පේනවා නේද..අනික් පැත්ත මේ.
මෙහෙම දිය ඇල්ලක් තිබුනෙත් නෑ..අපි එනකොට ඔතනින් වතුර පහලට ගියෙත් නෑ.
අපි එතකොට ගඟ මැද්දෙ කොටු වෙලා..කිසම දිහාවකින් යන්න බෑ..වෙන මොනවා කරන්නද වතුර අඩු වෙනකන් ගැහුව ඕමි..
ඉක්මනටම ගැලුවා වගේ ඉක්මනටම බැහැලත් ගියා වතුර..එත් අපිට එන්න පුළුවන් මට්ටමකට අඩු උනේ නෑ.උදේට කාල බැලුව අපිට එන්න පුළුවන් විදියක් තියෙනවද කියල.කොහොමහරි මමයි මද්දයි හොයා ගත්ත පාරක් එන්න පුළුවන් වෙයි කියල හිතුන.හැබැයි මාර ගේමක් දීල තමයි එතනට අවෙත්..
එන්න කලින් ගැහුව group photo එක.
මුල් දිගේ උඩට නැගල සමහර තැන්වල බඩ ගාගෙන ගිහින් අව ගඟේ ටිකක් උඩහ තැනකට..එතන ටිකක් සැඩ පාර අඩුයි වගේ දැනුන..කෝකටත් කියල පොඩි ගහක් කපල එක හරහට දාල ඒක අල්ලාගෙන ගඟෙන් එගොඩ උනාලු කට්ටිය..
මෙහෙම තමා
පේනවනෙ වතුරේ පාට..
ඊට පස්සේ ඇලි බැලිල්ල පැත්තක දාල අව ගෙදර..අපිව අරන් යන්න වෙන වාහනයක් ඇවිල්ල තිබුන power plant එක ලඟට.එකෙන් උඩ මාලිබොඩට ඇවිල්ල දවල්ට කාල car දෙක නවත්තල තිබුන තැනට ඇවිල්ල නාල පිටත් උනා ගෙවල් වලට.
ඔන්න ඔහොම තමා අපේ තවත් ගමනක් ඉවර උනේ..අපි ඇලි බැලුවේ නැති උනාට හොඳ අත්දැකීම් ටිකක් එකතු කරගත්ත.කැලේ ගමන් යන අය ඕක ගැන කල්පනාවෙන් යන්න කියන එක තමා මගේ එකම ඉල්ලීම.
වෙන බලන්න කියල ලස්සන photo එකක්වත් නැති එකට සමා වෙන්න ඕන.මම camera එකක් අරන් ගියෙත් නෑ මේ පාර.
මේ තමා අපේ ආම්පන්න ටික..තව තියෙනව.
ඕව ගැන වැඩි දුර විස්තර ඕන නං අහපල්ලා.සජ්ජ උත්තර දෙයි.එකෙක් ඔය පිහියෙන් නූඩ්ල්ස් හැඳි ගෑවලු කලින් දවසෙ රෑ.
ආපහු අපි මේ ගමන යනවා ටිකක් පායන කාලයක් බලල ගයිඩ් කෙනෙකුත් අරගෙන..මේක බලන අයත් පායන කාලෙක යනවා නං හොඳයි..අනික් එක තමා මේ ගමන යනකොට අරක්කු මස් ජාති තහනම්.මොකද මේ සිරීපාද අඩවිය..කට වරද්දගන්නේ නැතුව බොහොම පරිස්සමට යන්න ඕන ගමනක් තම මේක.මස් ජාති අරන් ගියොත් එහෙම 3 වෙනි ඇල්ලෙන් උඩට යන්න වෙන්නෙ නෑලු..
වෙනද වගේම ගමනට සහභාගී උන හැමෝටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා..බොරුත් කියල ආපු උන් හිටියලු.ප්‍රේම් අයියලාගේ අම්මටයි තාත්තටයි නංගිටයි ගොඩක් ස්තුතියි අපිට කන්න බොන්න දීල උපරිමෙන් සැලකුවට..ප්‍රේම් අයියටත් ගොඩක් ස්තුතියි අපිට මේ ගමන ලෑස්ති කරලා ගෙදරට ගෙනල්ල කන්න බොන්න දුන්නට.
ඉතින් තව ට්‍රිප් එකක් ඉවරයි..
හැමෝටම බුදු සරණයි ..!සමන් දෙවි පිහිටයි..!