1) මේක ටිකක් පරණ නිවුස් එකක nvidia පැත්තෙන් පාරිභෝගිකයෝ හරියට දැනුවත් නොකරපු එක වැරද්දක් තමයි
2) 3.5GB vram එක්ක උනත් 970 කියන්නේ ගෙවන ගානට උපරිම performance ලැබෙන බොහොම හොඳ කාඩ් එකක් vram 500mb අඩු උනයි කියල ඒක වෙනස් වෙන්නේ නෑ. 970 වෙනුවට overpriced 980 හරි under powered 960 එකට හරි යන්න කියනවා නම් ඒක ඇත්තටම විහිළුවක්.
සාමාන්‍ය gaming වලදී vram 3.5GB හොඳටම ඇති 8,12GB කාඩ් ටාගට් කරන්නේ gaming නෙවෙයි......දැනට තියන කාඩ් ඔක්කොම අනාගතයේදී vram වලට කලින් GPU performance වලින් ලිමිට් වෙනවා ඒක නිසා වැඩිපුර vram තියන කාඩ් එකක් අරන් future proof කියල හිතන්න එපා ඔක්කොටම කලින් outdated වෙන්නේ GPU එක
අනික 970 4k කාඩ් එකක් නෙවෙයි 
1080p = 960
1440p = 970
4k = 980
1440p වලට 3.5GB හොඳටම ඇති......ඉස්සරහට යද්දී vram වලට කලින් GPU power මදි වෙනවා
පලි : මම 970 එකක් පාවිච්චි කරන්නේ නෑ
1.පරණ news එකක් තමයි නමුත් තාම card එක අළුත්, විශේෂයෙන්ම ලංකාවට මේක ආවේ ටිකක් ලගදි වගේ.
2.4GB VRAM එකක් කියලා 3.5GB VRAM card එකක් විකුනන එකයි විහිළුව, අනික අපි ගෙවන්නේ card එකේ 4GB VRAM එකටයි නැතුව 3.5GB එකට නෙවෙයි. ඔය උඩ බලන්න lawsuit එකකුත් ගිහින් මේක නිසා. lawsuit නිකක් වැටෙන්නේ නෑ.
960 card හොදයි 1080p වලට, 980 එක තියෙන්නේ 4k වලට. 970 එක 1080p එකතෝ 4k/1080p අතර මැද resolution වලට හොදයි නමුත් මේ ප්‍රශ්ණය නිසා VRAM max යන්න බෑ පෙළක් games වලදි ,970 1080p එකට overpriced, විශේෂයෙන්ම මේක future proof නෑ,
සාමාන්‍යය games වලදි 3.5GB හොදට ඇති කියන හරි නමුත් අපි 4GB කියලා ගත්තොත් 4GB ම වෙන්න ඕනේ ඒක 3.5GB වෙලා හරියන්නේ නෑනේ.
ඒක වැරදියි, තාම gtx460 cards හොදට වැඩ. GTAV එක වුනත් High දාලා ගහන්න පුලුවන්, texture quality/msaa/ එක විතරයි අඩු කරන්න වෙන්නේ මොකද VRAM එක මදි, MSAA අයින් කරොත් full යන්න පුලුවන් GTAV එකේදි.
ඉතින් මේක 970 එකටත් වළංගුයි. 970 card එක අවුරුදු 5 ක් වත් තියාගන්න පුලුවන්, setting low දාලා හරි ගහන්න පුලුවන් අවුරුදු 3 කට පස්සේ, නමුත් texture quality max යන්න පුලුවන් මොකද
texture quality එක වෙනස් කරන එකට GPU power එකෙන් ලොකු බලපෑමක් නෑ.
texture quality එක high දාන්නයි VRAM එක වැඩියෙන් ඕනේ, ඉතින් උබ කියලා තියෙන එක වැරදියි.