Guitar Danna Aya innawa d

sithu_

Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    Guitar danna ekek poddak kiyapan mokadda scale ekak kiyanne & eke wadagathkama , thawa deyak Api mokak hari Song ekak yaddi A eke G eke yanawa kiyanwa ne eke tharuma mokadda, Help plz
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    me to ban math welwak naaa karanna aa unata karanna amaru nam reg wela nokara inna epa mcahn un lankawa ban kaloth ehema .. ehema welwa adu nam pase karahan .. ethakota apee nidahasee lesson tika bagena karnna puluwan sahathika nam laben naha danuma labenawanee ban :)
     
    scales කියන්නෙ western music වල එන පුළුල් මාතෘකාවක්. ඒක එක දවසකින් ඉගෙනගන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. :no: scales කියන්නෙ මොනවද කියල rough idea එකක් දෙන්න මම උත්සාහ කරන්නන්.

    කෙටියෙන් කිව්වොත් scale එකක් කියන්නෙ pitch එක අඩු වෙන හෝ වැඩි වෙන අනුපිළිවෙලට යම්කිසි structure එකකට අනුව musical notes පෙළ ගැස්වීමක්. :nerd: පෙළ ගස්වන structure එක අනුව scales වර්ග ගොඩක් තියෙනව. උදාහරණ කිව්වොත් major scales,minor scales, harmonic & melodic minor scales, chromatic scales, pentatonic scales, whole tone scales, etc. :nerd:

    ඕනම musical composition එකක් නිර්මාණය වෙන්නෙ මේ scales පදනම් කරගෙන. :confused: සරල උදාහරණයක් විදියට Twinkle Twinkle Little Stars ගමු. :D ඒක play වෙන්නෙ C major scale එකේ. C major scale එක මෙහෙමයි. C, D, E, F, G, A, B.

    සිංදුවෙ notes මෙහෙමයි.

    C....C...G....G...AA...G
    Twinkle twinkle little star

    F.....F.E...E....D......D....C
    How I wonder what you are

    G...G..F....F....E......E..D
    Up above the world so high

    G....G..F...F.....E..E....D
    Like a diamond in the sky

    C....C...G....G...AA...G
    Twinkle twinkle little star

    F.....F.E...E....D......D....C
    How I wonder what you are

    ඔයාට පේනවා ඇති scale එකේ තියෙන notes වලින් තමයි සිංදුවෙ melody එක හැදිලා තියෙන්නෙ. ඔය වගේම තමයි A major scale සිංදුවක් යනවා කියන්නෙ ඒක play වෙන්නෙ A major scale එකේ notes වලින්.ඒ කියන්නෙ A, B, C#, D, E, F#,G#කියන notes set එකෙන්.

    chords වල පදනම වෙන්නෙත් scales. :yes: major chord එකක් හැදෙන්නෙ ඊට අදාළ major scale එකේ පළවෙනි, තුන්වෙනි සහ පස්වෙනි notes එකතු වෙලා. :nerd: C major chord එක ගත්තොත් ඒක හැදිලා තියෙන්නෙ C major scale එකේ i,iii,v ඒ කියන්නෙ C, E, G කියන notes එකතු වෙලා. minor chords හැදෙන්නෙත් ඒ විදියට.

    මං හිතනවා ඔයාට scale එකක් කියන්නෙ මොකක්ද කියලා rough idea එකක් එන්න ඇති කියලා. ආවෙ නැතත් ඉතින් කරන්න දෙයක් නෑ. :P ඔයා guitar එක ඉගෙන ගන්නෙ chord එකක් දෙකක් අල්ලලා සිංදුවක් ෂේප් එකේ කියාගන්න නම් scales ඉගෙන ගන්න ඕන නෑ. නමුත් guitar solos ගහන්න lead play කරන්න නම් scales ඉගෙන ගන්න එක හොඳයි. එහෙම නැතුව ඒව කරන්න යන එක කට පාඩමෙන් ගණන් හදනව වගේ වැඩක්. :D ඔයා professional level එකෙන් guitar ගහන්න යනව නම් හරි composing පැත්තට යනව නම් හරි scales ඇතුලුව western music වල සියළුම theory ඉගෙන ගන්න එක අත්‍යවශ්‍යයි. :yes:

    මේක type කරල මගෙ අත් දෙකත් රිදෙනවා. :growl:
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    මං Twinkle twinkle little stars එකේ notes ටික ගානට spacing තියලා දැම්මෙ. ඒ වුනාට මේකෙ වැටෙන්නෙ එකතු වෙලනෙ. :(
    තිත් තියලා දාන්න