Harak Madu

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    හරක් මඩුවක් අනුන්ගේ වත්තකට අල්ලලා වගේ (මායිම අයිනේම) හදන්න පුළුවන්ද? (නීතියට අනුව)
    නියමිත දුරක් තියනවාද?
    ඒවගේම ඒ හරකුන්ගේ ගොම නිකම් එළියේ දාන්න බෑ නේද?
    වළකට නේද දාන්න ඕනේ. අවට ගඳ පැතිරෙන්නේ නැති වෙන්න?

    PHI ඇවිත් දෙපාරක් රතු කොළ දීලා ගිහින් තියනවා ඒ හරක් මඩුව කරන අයට.
    ඒත් පසු විපරමක් නෑ. රතු කොළය දීලා ටික දවසකින් ඇවිත් බලන්න ඕනේ නේද හරිනම්?

    මේ හරක් මඩුව තියන ගෙදර අවට ගෙවල් වලට ඉන්න බෑ ගඳ නිසා.
    ඒවගේම ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට ගොම හේදිලත් යනවා වැස්සට.
    ඒ හරක් මඩුව කරන මිනිස්සුන්ට කිව්වට වැඩක් නෑ.
    කවුරුත් කියන්න යන්නෙත් නෑ, කෑගහලා බනිනවා කියලා.

    මේක ගැන පැමිණිලි කරන්න පුළුවන් තැන් මොනවාද?
    ඒ අවට ඉන්නේ ඕවට හැප්පෙන්න කැමති අය නෙවෙයි.
    ඒ කියන්නේ පැමිණිලි කරන අයට වදයක් වෙන්නේ නැති ක්‍රමයක් නැද්ද?
    (නිර්ණාමිකව පැමිණිලි කරන්න / පැමිණිලි කළ අය හෙළි නොවන විදියට පැමිණිලි කරන්න) :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: ryandok and wqe123

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    uta pagawa dunnama katai pukai wahan yanawa
    aaye enne eelaga aurudde
    ihalata paminili karapan
    :(

    usawi yanna puluwan da bala0an one day naduwak ehema.unarh enne gas walata eka dawasai.

    නඩුවක් දැම්මා නම් හරි කට්ටියම එකතුවෙලා
    කට්ටිය එකතු වෙනවා නම් මොනවා හරි කරන්න පුළුවන්.
    ප්‍රශ්නේ මේ මිනිස්සු මොකකට හරි බයේද මන්දා ඉන්නේ.
    ඒ හරක් මඩුව කරන අයගේ ඥාති වෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා.
    හරක් මඩුව කරන අය සමහරවෙලාවට ඒ ගැන කියලා ලොකුකම් දානවා.
    එයාගේ බලේ අරන් මෙයාලා සද්දේ දාන එකයි වෙන්නේ.
    ඒකට බයේද මන්දා. එකතුවෙලාවත් මුකුත් කරන්න බයයි. :(

    අවට ගෙවල් වලින් එක ඉඩමක කෙනෙක්ගේ වතුර බොන ළිඳ වහන්න වුනා
    ගොම පොළොව යටින් ඇවිත්.
    ඒ දවස්වලම PHI ට කියලා, එයා මුකුත් නොකරනවා නම් ඉහළට ගියා නම් හරි.
    මේ මිනිස්සු සද්ද නැතිව ළිඳක් කපාගෙන පාවිච්චි කරනවා.

    කෙනෙක් තාප්පයක් බැඳලා තියෙන්නේ. ඒ කොන්ක්‍රීට් තාප්පේ අස්සෙන් ගොම බේරිලා එනවා.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,783
    20,307
    113
    හස්තිශෛලපුර
    :(

    කට්ටිය එකතු වෙනවා නම් මොනවා හරි කරන්න පුළුවන්.
    ප්‍රශ්නේ මේ මිනිස්සු මොකකට හරි බයේද මන්දා ඉන්නේ.
    ඒ හරක් මඩුව කරන අයගේ ඥාති වෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා.
    හරක් මඩුව කරන අය සමහරවෙලාවට ඒ ගැන කියලා ලොකුකම් දානවා.
    එයාගේ බලේ අරන් මෙයාලා සද්දේ දාන එකයි වෙන්නේ.
    ඒකට බයේද මන්දා. එකතුවෙලාවත් මුකුත් කරන්න බයයි. :(

    අවට ගෙවල් වලින් එක ඉඩමක කෙනෙක්ගේ වතුර බොන ළිඳ වහන්න වුනා
    ගොම පොළොව යටින් ඇවිත්.
    ඒ දවස්වලම PHI ට කියලා, එයා මුකුත් නොකරනවා නම් ඉහළට ගියා නම් හරි.
    මේ මිනිස්සු සද්ද නැතිව ළිඳක් කපාගෙන පාවිච්චි කරනවා.

    කෙනෙක් තාප්පයක් බැඳලා තියෙන්නේ. ඒ කොන්ක්‍රීට් තාප්පේ අස්සෙන් ගොම බේරිලා එනවා.

    ගොම කියන්නේ නරක දෙයක් නෙවෙයිනේ බන්.. උබේ ඉඩම ලොකුනම් ගොටුකොල පාත්තියක් දාපන්..

    හරක් මඩුවේ අයිතිකාරයා මී හරකෙක්නම් උබට ඌත් එක්ක කතා කරලා තෙරුමක් නෑනෙහ්.. නඩු දාන්න නම් එපා උසාවියේ දුක දිකුනන් කන උන් නම් කියයි නඩු දාන්න..

    හොදම වැඩේ පොලීසියට 119ට කියන එක කට්ටිය එකතුවෙලා..

    "ඒ හරක් මඩුව කරන අයගේ ඥාති වෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා." -- තවත් දීපන් අලියටයි පොහොට්ටුවටයි දීලා බලන් හිටපන් ඕවා වෙනස් වෙන කන් උඩ බලාගෙන.. :yes::yes::yes:
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    wassiwa Rep karapan
    ethkota un yai gama daala
    meke innwa Roxy kiyala ekekui Anuradha kiyala ekekui
    un dennata wade baara diyan :yes:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113

    ගොම කියන්නේ නරක දෙයක් නෙවෙයිනේ බන්.. උබේ ඉඩම ලොකුනම් ගොටුකොල පාත්තියක් දාපන්..

    හරක් මඩුවේ අයිතිකාරයා මී හරකෙක්නම් උබට ඌත් එක්ක කතා කරලා තෙරුමක් නෑනෙහ්.. නඩු දාන්න නම් එපා උසාවියේ දුක දිකුනන් කන උන් නම් කියයි නඩු දාන්න..

    හොදම වැඩේ පොලීසියට 119ට කියන එක කට්ටිය එකතුවෙලා..

    ස්තුතියි. :)

    "ඒ හරක් මඩුව කරන අයගේ ඥාති වෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා." -- තවත් දීපන් අලියටයි පොහොට්ටුවටයි දීලා බලන් හිටපන් ඕවා වෙනස් වෙන කන් උඩ බලාගෙන.. :yes::yes::yes:

    :D
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මුලින්ම මේ පිළිබඳව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට , මහජන සෞඛ්‍ය පරීක්ෂකට පිටපතක්ද සහිතව ලිඛිත පැමිණිල්ලක් කරන්න.

    ඊට පස්සේ PHI ඇවිත් ගවගාලක් පවත්වාගෙන යායුතු ප්‍රමිතීන්ට අනුව දින 7 ක් ඇතුලත සකස් කර පරිසර බලපත්‍රයක් ලබාගන්න ලෙස සඳහන් නිවේදනයක් ලබා දෙනවා. මෙහිදී අදාළ දුර සීමාවන්ට යටත්ව, බිමට සිමෙන්ති දමා, අපද්‍රව්‍ය ගලායාමට භූගත ටැංකියක් සකස් කර, දුගඳ පිටනොවන සේ සකස් කරන්න ඕනේ.

    නියමිත කාලයේදී එසේ නොකලොත් මෙම ගවගාල මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් PHI විසින් 2012 අංක 03 දරණ මහජන සෞඛ්‍ය පීඩා වැළක්වීමේ ප්‍රඥප්තිය යටතේ සිදුකල නිවේදනය පැහැර හැරීම සම්බන්ධයෙන් චූදිතයාට මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරනවා.

    නඩුවේදී වැරැද්ද පිළිගන්න චූදිතයාට අධිකරණය විසින්ද ලබාදෙන කාලය තුල ඉහත ප්‍රමිතීන්ට අනුව සකස් කිරීමට නියෝග දෙනවා. එය එසේ කළාදැයි PHI විසින් නැවත අධිකරණයට වාර්තා කල යුතුයි.
    එසේ නොකලොත් අධිකරණ නියෝගය පැහැර හැරීම සම්බන්දයෙන් දඩ පැනවීමක් සමග ගව ගාල ඉවත් කරන ලෙස නියෝගයක් ලබාගත හැකියි.

    හොඳම දේ PHI උසාවියට ගියත් තමන්ටත් Lawyer කෙනෙක් මාර්ගයෙන් මහජන පීඩාව සම්බන්ධයෙන් කරුණු දක්වන්න පුළුවන් නම් case එක වඩාත් strong වෙනවා.

    මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරියටයි, පාරිසරික පොලිසියටයි ලිඛිත පැමිණිලි දාන්න.

    Last edited:
    • Like
    Reactions: S.E.R.E.N.A

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    Police vala environment unit ekak thiyenava, colombo eke thiyena ekata report karanna ethakota vade hari

    DIG - Prime Minister Security Division 071-8592641 011-2395224
    Director - Prime Minister's Security Division 071-8591916 011-2556982
    DIG - State Interligence Service 071-8592647 011-2694327
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    මුලින්ම මේ පිළිබඳව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට , මහජන සෞඛ්‍ය පරීක්ෂකට පිටපතක්ද සහිතව ලිඛිත පැමිණිල්ලක් කරන්න.

    ඊට පස්සේ PHI ඇවිත් ගවගාලක් පවත්වාගෙන යායුතු ප්‍රමිතීන්ට අනුව දින 7 ක් ඇතුලත සකස් කර පරිසර බලපත්‍රයක් ලබාගන්න ලෙස සඳහන් නිවේදනයක් ලබා දෙනවා. මෙහිදී අදාළ දුර සීමාවන්ට යටත්ව, බිමට සිමෙන්ති දමා, අපද්‍රව්‍ය ගලායාමට භූගත ටැංකියක් සකස් කර, දුගඳ පිටනොවන සේ සකස් කරන්න ඕනේ.

    නියමිත කාලයේදී එසේ නොකලොත් මෙම ගවගාල මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් PHI විසින් 2012 අංක 03 දරණ මහජන සෞඛ්‍ය පීඩා වැළක්වීමේ ප්‍රඥප්තිය යටතේ සිදුකල නිවේදනය පැහැර හැරීම සම්බන්ධයෙන් චූදිතයාට මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරනවා.

    නඩුවේදී වැරැද්ද පිළිගන්න චූදිතයාට අධිකරණය විසින්ද ලබාදෙන කාලය තුල ඉහත ප්‍රමිතීන්ට අනුව සකස් කිරීමට නියෝග දෙනවා. එය එසේ කළාදැයි PHI විසින් නැවත අධිකරණයට වාර්තා කල යුතුයි.
    එසේ නොකලොත් අධිකරණ නියෝගය පැහැර හැරීම සම්බන්දයෙන් දඩ පැනවීමක් සමග ගව ගාල ඉවත් කරන ලෙස නියෝගයක් ලබාගත හැකියි.

    හොඳම දේ PHI උසාවියට ගියත් තමන්ටත් Lawyer කෙනෙක් මාර්ගයෙන් මහජන පීඩාව සම්බන්ධයෙන් කරුණු දක්වන්න පුළුවන් නම් case එක වඩාත් strong වෙනවා.

    මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරියටයි, පාරිසරික පොලිසියටයි ලිඛිත පැමිණිලි දාන්න.

    Menna hari answer eka
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඒ හරක් මඩුව කරන අයගේ ඥාති වෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. said:
    එහෙනං අනිවාර්යයෙන් PHI කේස් එක යටගහන්න බලයි. හැබැයි ඌ ඇක්ෂන් ගන්නේ නැත්නම් මුල් පැමිණිල්ලත් refer කරලා ආපහු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට ලිඛිතව පැමිණිලි කරපන් , සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ට ද පිටපතක් සහිතව.

    එතකොට ඇක්ෂන් ගන්න වෙනවා. පොලිසියටත් පැමිණිලි කරපන්. ප්‍රාදේශීය සභා මන්ත්රියට යට ගහන්න බැහැ ඉහලින් ප්‍රෙෂර් එක එනකොට.
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මුලින්ම මේ පිළිබඳව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට , මහජන සෞඛ්‍ය පරීක්ෂකට පිටපතක්ද සහිතව ලිඛිත පැමිණිල්ලක් කරන්න.
    .......

    Police vala environment unit ekak thiyenava, colombo eke thiyena ekata report karanna ethakota vade hari
    .......

    එහෙනං අනිවාර්යයෙන් PHI කේස් එක යටගහන්න බලයි. හැබැයි ඌ ඇක්ෂන් ගන්නේ නැත්නම් මුල් පැමිණිල්ලත් refer කරලා ආපහු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට ලිඛිතව පැමිණිලි කරපන් , සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ට ද පිටපතක් සහිතව.

    එතකොට ඇක්ෂන් ගන්න වෙනවා. පොලිසියටත් පැමිණිලි කරපන්. ප්‍රාදේශීය සභා මන්ත්රියට යට ගහන්න බැහැ ඉහලින් ප්‍රෙෂර් එක එනකොට.

    මේ ටික තමයි දැනගන්න ඕනේ වුනේ... :yes: බොහොම ස්තුතියි! :)
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Harakawa ussapan. lanuwa galawala para dige yawapan.
    එකෙක් නෙවෙයි, 10 ක් විතර ඉන්නවා. :D

    Gomada wena mona harida ban concrete assen enna tharam.... Poddak kala balahan.
    තාප්පෙට එහා පැත්තේ ගොඩ කරලා. ගොම තමා... වතුර වගේ පෙරනවා.
    පස් තැම්බිලා, පස් අස්සෙන් ඇවිත් කොන්ක්‍රීට් එකට හේත්තු වෙලා ගොම තට්ටු තට්ටු.
    කොන්ක්‍රීට් එක අස්සෙන් අර වතුර වගේ ගොම පෙරනවා. :(
    වැස්ස දවසට මිහිපිට අපාය බලාගන්න පුළුවන්. :yes:

    bump කළ උත්තර දුන්නු හැමෝටම ස්තුතියි...! :)