Help About Trees

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
කා ගාව හරි තියෙනවද ශ්‍රී ලංකාවේ ආවේනික ශාක ගැන තියෙන ලිපි
සිංහලෙන් හරි ඉන්ග්‍රීසියෙන් හරි කමක් නෑ
අපෙ පොඩි මල්ලිගෙ ඉස්කෝලෙ වැඩකට
ගූගල් එකෙ එන්නෙ ඔක්කොම පොඩි පොඩි විස්තරනෙ
කා ගව හරි තියෙනවා නම් මෙත පෝස්ට් කරනවද :D
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සිංහල නම - මලබොඩ
    උද්භිත විද්‍යාත්මක නාමය - Myristica dactyloides
    කුලය - MYRISTICACEAE


    ඕවලාකාර විශාල පත්‍ර සහිත මීටර් 19 -20 පමණ උසට වැඩෙන ශාකයකි. පත්‍රයේ අග තරමක් රවුම්ය. මෘදු පොත්තක් ඇත. එය අළු කහ පැහැයක් ගනී. ලා කහ පැහැති ලීය ලිස්සන සුළුය. දුඹුරැ කහ පැහැති ළපටි කොටසක් සහිතය. එමෙන්ම බූවක් සහිතය.

    මල් පිපෙන අතර ඒවා ලා කහ පැහැතිය. මස් සහිත ඵලයක් ඇති අතර එය ඕවලාකාරය. බීජවල වර්ණය දීප්තිමත් දුඹුරැ පැහැතිය.

    මෙම ශාකයේ පොත්ත මෙන්ම පත්‍ර ආදිය ඖෂධීය ගුණයකින් යුක්තය.



    සිංහල නම - ගල් කරද
    උද්භිත විද්‍යාත්මක නාමය - Humboldtia laurifolia
    කුලය - LEGUMINOCEAE


    මෙම ශාකය සාමාන්‍යයෙන් මීටර් 4.5 - 5 පමණ උසට වැඩෙන ශාකයකි. අග්‍රස්ථය නොපිහිටයි. කදේ බෙදුනු අතු රිකිලි පිහිටා ඇති අතර පක්ෂවත් පත්‍ර කෙලවර උප පත්‍රයක් දැකගන්නට පුළුවනි.

    ඵලය ගෝලාකාරය. සුදු පැහැති මල් පිපෙයි. බිම් ස්ථර ශාකයක් වන මෙම ශාකය පැණි නිපදවයි. මේ නිසා මෙම ශාකය අතරට කුහුඹුවන් පැමිණෙනු දැකගත හැකිය
    .

    සිංහල නම - කළුවර
    උද්භිත විද්‍යාත්මක නාමය - Diospyrus ebenum koenig
    කුලය - EBENECEAE


    අනුරාධපුර පොලොන්නරැව මාතලේ මොණරාගල දිස්ත්‍රික්ක වල බහුලව දැකගත හැකිය ඉතා දුර්ලභ ශාකයකි. කළුවර ශාකය තරැණ අවධියේදී ශාක කඳමැද කුඩා කළු පැහැති තීරැවක් පිහිටන අතර එය වටා සුදු පැහැති මාංශමය කොටසක් පිහිටා ඇත.

    පසුකාලීනව ගස පරිනත වන විට මෙම කොටස මැකී යයි. කළුවර ගස වසරකට මි.මීටරයක් පමණ උසයයි. කළුවර ප්‍රභේද 22ක් පමණ ශ්‍රී ලංකාවේ ඇති බව තහවුරැ වී ඇත.

    කළුවර ගස මීටර් 20 - 24 පමණ උසට වැඩේ. අතු ඉතා සමීපව පිහිටා ඇත. තුරැ හිස පළල්ව වැඩේ. ගසේ මුල නිතර අඳුරැ ස්වභාවයක් ගනී. පත්‍ර සෙ.මි. 6 පමණ දිගට වැඩේ. පළල මි.මී 25කි. දල්ල ළා කොළ පාටය. මාර්තු මැයි කාලවලදී අලුත් රිකිලි අග ඇති පත්‍රවල මල් හටගනී. ගසේ පොත්ත තුනීය කළු පැහැතිය. ඇතුලත කහ පැහැතිය.


    සිංහල නම - බදුල්ල
    උද්භිත විද්යාත්මක නාමය - Semecarpus gardneri
    කුලය - ANACARDIACEAE


    මෙම ශාකයේ බීජ මෙන්ම ඵලයද ආයුර්වේද වෛද්ය විද්යාවේ කටයුතු සදහා භාවිතා කෙරේ. බදුල්ල ගසේ කිරි ඇති අතර ඒවා විෂ සහිතය. මෙම ශාකයේ හට ගන්නා ඵලය රතු වර්ණයක් ගනී.

    දිගටි ඉලිප්සාකාර පත්ර දරණ මෙම ශාකය සාමාන්යයෙන් මීටර් 15 - 16 පමන උසට වැඩේ. ශාකයේ පොත්ත අළු වර්ණයක් ගනී.
     
    • Like
    Reactions: Djram

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සබරගමුවේ නිජබිම කොටගත් වෙසක් මල

    සබරගමුවේ නිජබිම කොටගත් වෙසක් මල


    wesak.jpg

    රත්නපුර දිස්ත්‍රික්කයේ තෙත් වැසි වනාන්තරවල තුරු මුදුන් සිසාරා අපි ශාකයක් ලෙස දක්නට ලැබෙන සුවිශේෂී මනස්කාන්ත පුෂ්පයක් වේ.'වෙසක් මල' නමින් අප දන්නා මෙහි විද්‍යාත්මක නාමය (DendroBium maccatieas)වේ.උඩවැඩියා විශේෂයක් වු එය රාජ්‍ය වර්ෂ 1864 දී ‍මෙරට සිටි ප්‍රාදේශිය‍ ලේකම්වරයෙකු වු මැකාති මහතාගේ බිරිදගේ නමින් හදුන්වන ලද බව කියැවේ.රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිංහරාජය,සිරිපා අඩවිය ආදී තෙත් වැසි වනාන්තර සුලබ ව දක්නට ලැබුණු මෙම ශාඛය ,එම දිස්ත්‍රික්කය පුරා ගෙවතු වලද වතුවලද ගස් කොළන් ආශ්‍රයේ ද මනාව වැඩුණු බව ප්‍රචලිතය.
    01)උද්භිද විද්‍යාත්මක පසුබිම‍
    මෙහි උද්භිද විද්‍යාත්මක නාමය ඩෙන්ඩ්‍රෝබියුම් මැකාති නම් වේ.(Dendrobium maccatieas)මෙය ඒක බීජ පත්‍ර ශාකයක් වන අතර මුදුන් මුලක් නැත.ඕකිඩාසේ කුලයට අයත් මෙය අපිශාකයක් ලෙස වැවේ. මුල් දෙවර්ගයක් ඇත.
    01)ධාරකයට සවි කර ගෙන සිටින ආලග්න මුල්
    02)කදෙහි හටගන්නා වාතයේ එල්ලෙන වායුව මුල්
    ආලග්න මුල් බොහෝ විට බිස්සක් ලෙස වැඩෙන නිසා හ්වා අතර දුවිලි දිරා යන පත්‍ර ආදිය එකතු වී කෘතිම පසක් පිළීයෙල වේ. වර්ෂාව ඇති විට ලැබෙන ජලය මෙම කෘතිම පසට උරා ගැනීම සිදුවේ.වායුව මුල් සුදට හුරු කොළ පැහැයක් පෙන්වයි.මේවායේ පිටතින්ම පිහිටා ඇති තත්වය නම් පටකය මගින් වාතයේ ඇති ජල වාෂ්ප සහ වර්ෂාවෙන් ලැබෙන ජලය උරා ගනු ලැබීමය.ජලය උරා ගත් පසු ඒවා තද කොළ පැහැයක් ගනී.ජලය නොලැබෙන කාලවලදී මෙම අපිශාකය තරමක් දුරට ශුෂ්කරෑපී ලක්ෂණ පෙන්වයි.පත්‍ර මාංශලය 4cm-8cm පමණ දික්වේ.ඝනය තද උච්චර්මයක් ඇතිවා පමණක් නොව පුටිකා පිහිටන්නේ ද ස්වල්ප වශයෙනි‍.ඒවා ගිලුන පුටිකා වේ.පුෂ්ප ලා දම් පැහැයක් ගනී.පුෂ්ප මංජරියක් දක්නට ලැබෙන අතර ඒවායේ10-50ක් අතර සංඛ්‍යාවක් හටගනී.මැයි සිට ජුලි කාලය තුල හට ගන්නා පුෂ්ප මසක් පමණ කාලයක් පර නොවී පවතී.පුෂ්ප දල 6කින් යුතුය.වලය2කි පිටවලයේ දල සමාන වේ .එක් පුෂ්ප පත්‍රයක් අධරිකාව බවට විකරණය වී ඇත.පුෂ්ප වල පරාගනය කෘමින් මගින් සිදු වේ.
    02)දේශගුනය
    මේ ශාකය සදහා උෂ්නත්වය සුර්යාලෝකය හා සාපේක්ෂ ආර්ද්‍රතාවය වැදගත් වේ.සෙ.25'-30'දිවා උෂ්ණත්වයද සෙ.15'රාත්‍රී උෂ්ණත්වය ද සුදුසුය . 70%-75% දක්වා වායුගෝලීය ආර්ද්‍රතාවයද 55%-60%අතර සුර්යාලෝකයද තිබිය යුතුය.වාර්ෂික වර්ෂාපතනය සෙ.මි.300-400 අතර තිබිය යුතුය.රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වැසි වනාන්තර වල මේ දේශගුණික තත්වය ඇත