Help me plz..

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,144
    1,327
    113
    මට අවුරුදු 8යි මාස 7ක ආදර සම්බන්ධයක් තිබුනා... ඒක හිතාගන්න බැරි විදියට නැවතුනා... මුල් දවස් වල මට හේතුවක් හිතාගන්න බෑ.. එයා මාව දාලා ගියේ කිසිම සාධාරණ හේතුවක් නැතුවයි. එයා අන්තිම දවසේ කිව්වා අතහරින්න හේතුවක් නෑ.. ඒත් මං කැමති නෑ කියලා කිව්වේ.. ...

    පස්සේ ලොකු දුෂ්කර කාලයක් මං ගෙව්වා...ජීවිතේ වැඩියෙන්ම අඩපු කාලයක් මං... දණ ගහලා දාලා යන්න එපා කිව්වත් එයා ගියා...ඒත් මං හැමදාකම වගේ බලාපොරොත්තු වුනා එයා මං ලගට එයි කියලා... ඔහොම යනකොට සම්බන්ධේ නවත්වලත් මාස 6ක් වගේ ගියාමයි දැනගත්තේ එයා වෙන කොල්ලෙක් එක්ක affair එකක් පටං අරගෙන නිසයි අපේ සම්බන්ධේ නවත්තලා තියෙන්නේ කියලා...
    මං ආදරේදී හරිම ආර්ත්මාර්තකාමී... එක බැල්මකින්වත් එයාව බෙදාගන්න කැමති නෑ.. එහමයි කියලා කිසි දවසක නීති දාලා හිර කරෙත් නෑ මට සතුටින් ඉන්න ඕනා වුනේ... එයා මගෙත් එක්ක සම්බන්ධේ තියනකොටම තව සම්බන්ධයක් පටන් අරං ඒකයි හේතුව සම්බන්ධේ නවත්වන්න හේතුව කියලා මං හරියටම දැනගත්තේ දවසේ තනිකරම මැරි මැරී ඉපදුනා... ඒදා දවසේ ඉදන් මාස 4ක් වගේ යනකන් මගේ ජීවිතේම මැරුනා හා සමානයි...

    මං මේ කතාව හරි අඩුවෙන් කිව්වේ...

    ප්‍රශ්නය දැන් එහම වෙලා අවුරුදු දෙකකටත් කිට්ටුයි... මං එදාට වඩා ගොඩාක් දියුණු තැනක ජීවත් වෙනවා... මට අඩුවපාඩුවක් නෑ මං මේ ගෙවන ජීවිතේ.මේ දේ හැරෙන්න මං අනිත් හැම පැත්තකින්ම සතුටින් ඉන්නවා .. ඒත් මට එයාව අමතක වෙන්නේ නෑ... හැමදවසකම එක වතාවක් හරි මතක් වෙනවා.. මං කොහේ හරි ගමනක් ගියොත් එයා වගේ කෙනෙක් දැක්කොත් මට ඉබේටම බැලෙනවා... මං දන්නේ නෑ එයා කොහේ මොනවා කරනවද කියලා.. සමහර විට එයා කසාද බැදලා ඇති...

    මට ඕනා එයාව, එයාගෙ මතකේ අමතකම කරලා දාන්න... මට එයාව මේ ආත්මෙ විතරක් නෙවෙයි කිසිම ආත්මෙක එපා.. එයා දුන්න වේදනවා ආයේ විදින්න තරම් හයියක් මට දැන් නෑ... ඒත් මට මං එයාට දුන්න ආදරේ අමතක කරන්න හරිම අමාරුයි... කොහොම උත්සහා ගත්තත් මං අයේ ඒ මතකෙන් නවතිනවා... මට මේක අමතක කරන්න ඕනා... මං මොනවද කරන්න
    ඕනා... අත්දැකීමක් හෝ දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න...
    Same machan mage affair ekath 7 year thibba eka nathi una, passe thawa ekak set una ekath iwarai dn 2 weeks wenawa.

    Giya aya gana hithala kalaya nasthi kraganna epa. Thaman asa deta hitha yomu krala goda enna try krapan. Stay strong machn 💪