ගෙදර ඉඳං කරන්ඩ බඩු ඕනනෙ මචං
ඩම්බෙල් දෙකක් කීයක් වෙනවද?
සිරාවට එක්සයිස් කරන්ඩ ආසයි මම, මස් ගල් වෙලා දැනෙන ෆීලිං එකට මම ආසයි, ඔලුවටත් හොඳයිලු නේද.
ඉදින්කො ඒ වැඩේට දැන්ම බහිනව මම
Mulin normal karanna patan ganin. Puluwan kamak thiyenawa nam dumbell 2k ganin. E athi. Badu nathuwa karanna puluwan excerices list eka mama hoyala ewannam. Meke ayath udaw karawi. Adama patan ganin. Api karanna puluwan udaw karannam umbata. Umbe progress eka kiyapan dawasa gane. One nam progress tracker ekakuth hadala dennam umbe daily progress eka danna. Ethakota motivation eka wadi.
මේ ටික සින්හලෙන්ම ටයිප් කරන්න ඕන කියලා හිතුනා. අපි ඒ ලෙවල් කරන කාලේ අපේ යාලුවෙක් හිටියා. අපේ ගෙවල් කිට්ටුවමයි. ඌ ගෙදර හුරතලේට හැදිච්ච එකෙක්. කාලා කාල මහත් වෙලා තඩියා වගේ හිටියේ. ඌට අපි කිව්වේ ගැබා කියලා බඩ තියෙන නිසා. ඒත් ඌ හිත හොද එකා. හැබැයි කට්ටිය ඌට විහිලු කරනවා. කොහේ ගියත් බයිට් එක ඌ. ඌ නැති තැන්වලත් ඌ බයිට් වෙච්ච සීන් ගැන තමයි කට්ටිය කතා කරන්නෙත්.
ඒ වගේම කිසිම personality එකක් නැහැ. හෙන ලැජ්ජාශීලීයි. සමහර ක්ලාස් වලට මූ යන එකත් නැවැත්තුවා මොකද මූ බයිට් කරන්නම කට්ටිය සෙට් වෙලා ඉන්න නිසා. මම ඇහුවහම කිව්වා අරුන් සෙට් එක එන නිසා එන්නෙ නෑ කියලා ඒ ක්ලාස් එකට. ඊට පස්සෙ උගේම නෑදෑයො වෙන අයියා කෙනෙක් කුන්ග් ෆූ කරනවා කියලා මූත් එක්ක ගිහිල්ලා ඒ ක්ලාස් එකට. මුල් ටිකේ මූ ගියාම ඒකෙ ඉන්න පොඩි උනුත් හිනා වෙලා. පස්සෙ ටික දවසක් යද්දි මූට වැඩේ අල්ලලා ගිහිල්ලා. A/L කාලේ ඕවට යන්න එපා කියලා අම්මලා කැමති වෙලා නෑ. ඒත් මූ යන්නම ඕනේ කියලා ඩිගටම ගිහින්. ටික දවසක් යද්දි උගෙ සැබෑ වෙනසක් වුනා. ජිම් පප්පා වගේ හිටපු එකා ඇග කට් කරගෙන ආවා. ඊට පස්සෙ කට්ටිය ඌට ගැබා ගැබා ගාන්න ගියෙත් නෑ. අනිත් එක ඌ ඊට පස්සෙ ලෙසියෙන් බයිට් වෙන එකෙකුත් නෙමෙයි වුනා.
කොහොමහරි A/L කරන්න පටන් ගනිද්දි හිටපු ගැබා නෙමෙයි අන්තිම කාලේ වෙද්දී හිටියේ. වෙනම පුද්ගලයෙක්. අන්තිමට A/L first shy Engineering යන්න බැරිවුනා. දෙවෙනි පාර 88. තුන්වෙනි පාර 53. මොරටුවෙ Engineering. දැන් ඌ විදුලිබල මන්ඩලේ විදුලි ඉන්ජිනේරු. මම දැකපු විදියට උගෙ ජීවිතේ වෙනස් කලේ කුන්ග් ෆූ. ඌ කැම්පස් කාලෙත් කරලා තිබ්බා. තාමත් ඒ වගේම ඇග තියාගෙන ඉන්නේ. ඇත්තටම ඌ කලින් හිටපු අනේ මට මොකුත් බෑ කියලා බයිට් වෙවී හිටපු මානසිකත්වයෙන් ඌ ගැලවුනේ ඒ වගේ දෙයක් කරපු නිසා. හැම දේකටම මුල අපේ හිත තමයි බන්. තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් ඇති වුනාම ජේවිතෙ ගොඩ දාගන්න එක ගේමක් නෑ.
ඒ කාලේ කරපු ගොන්කම් අම්මපා...
------
Post added on Feb 13, 2022 at 9:49 PM
ගෙදර ඉඳං කරන්ඩ බඩු ඕනනෙ මචං
ඩම්බෙල් දෙකක් කීයක් වෙනවද?
සිරාවට එක්සයිස් කරන්ඩ ආසයි මම, මස් ගල් වෙලා දැනෙන ෆීලිං එකට මම ආසයි, ඔලුවටත් හොඳයිලු නේද.
ඉදින්කො ඒ වැඩේට දැන්ම බහිනව මම

------
Post added on Feb 13, 2022 at 9:50 PM