හර්න් ද හන්ටර්
වින්ඩ්සර්හි දඩයක්කරුගේ ආත්මය
කවුද මේ හර්න්..?
හර්න් බර්ක්ශයර් ප්‍රාන්තයේ වඩාත් ප්‍රසිද්ධ, වන ආරක්ශක ආත්මයක්.ඒ වගේම දේවත්වයෙන් සලකනු ලබන හර්න් ගෝන අං තට්ටුවක් සහිත දෙවියෙකු ලෙසත්,වනයේ ආරක්ශකයා ලෙසටත් සලකනු ලබනවා.
හර්න් පිලිබඳව ජනප්‍රවාද රැසක්ම විවිධ මූලාශ්‍ර වලින් හොයාගන්න පුලුවන්. එයින් කීපයක් සලකා බලමු..?පළමුවෙන්ම හර්න් පිළිබඳව වඩාත්ම ප්‍රසිද්ධ ජනප්‍රවාදය..
හර්න් කියන්නේ දෙවන රිචඩ් රජු සමීපයේ සේවය කල අතිදක්ශ දඩයක්කරුවෙක්.වනපාලකයෙක් ලෙසත් ඇතැම් තැනක සඳහන්.රිචඩ් රජුට වඩාත්ම හිතෛශී දඩයක්කරු වුනේ මේ හර්න්.නමුත් අනෙක් දඩයක්කරුවන් රජු සහ හර්න් අතර තිබුණු මේ සමීප මිත්‍රත්වයට ඊර්ෂ්‍යා කලා වගේම,එය කඩා විසුරුවන්න හර්න් පිළිබඳ අසත්‍ය චෝදනාවන් රජුට ඉදිරිපත් කලා.කිසිදු දෙයක් නිවැරදිව නොවිමසූ දෙවන රිචඩ් රජු,හර්න්ව සිය සේවයෙන් පහ කලා.තමා ප්‍රිය කල වෘත්තිය තව දුරටත් තමාට හිමි නොවුනු නිසාවෙන් අතිශයින් ශෝකයට පත් හර්න්,වින්ඩ්සර් වනයේ ඕක් ගසක ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත්තා,එතැන් පටන් හර්න්ගේ අවතාරය වින්ඩ්සර් වනයේත්,බර්ක්ශයර්හි ග්‍රේට් පාක් උද්‍යානයේත් සැරිසරන බව සඳහන්..
තවත් බ්‍රිතාන්‍ය ජනප්‍රවාදයකට අනුව දෙවන රිචඩ් රජු දඩයමට අතිශයින්ම ප්‍රියවූ පුද්ගලයෙක්.බොහෝවිට ඔහු දඩයමේ යෙදුනේ සිය දක්ශතම මෙන්ම හිතෛෂීම දඩයක්කරු වූ හර්න් සමඟිනුයි.එක දවසක මේ වගේම දඩයමේ යෙදුනු රජු සුවිසල් ගෝනෙකු දඩයමට ගත්තත් ඉලක්කය වැරදීමෙන් ගෝනා වියරු වැටුනා මිස මියගියේ නෑ.මරු විකල්ලෙන් වියරු වැටුණු දැවැන්‍ත ගෝනා රජුත්,දඩයක්කරුත් දෙසට දිව ආවත් රජුව ආරක්ශා කරමින් හර්න් රජුත් ගෝනාත් අතරට පීනුවා.දක්ශ දඩයක්කරුවෙකු උන හර්න් සත්වයා මරා දැමුවත් ගෝන අඟින් මාරාන්තික තුවාල ලැබුණු හර්න් ඇදවැටුනා.ඉන්ද්‍රජාලිකයෙකුගේ කීමක් අනුව රජු මල ගෝනාගේ අං තට්ටුව කපා හර්න් හිස පැලඳුවෙන් ඔහු සුවය ලැබුවා. එයින් පසු රජුත්,හර්න් අතරත් මිත්‍රත්වය තවත් දැඩිවුනත්..අනෙක් දඩයක්කරුවන්ගේ ඊර්ෂ්‍යා සහගත මුසාවන් හේතුවෙන් පසුකාලීනව රජු හර්න් කෙරේ සැක සහිතව ඔහුව තනතුරින් පහ කලා.මෙයින් ශෝකයට පත් හර්න්..වින්ඩසර්හි ඕක් ගසකට නැග එහි ගෙල වැලලාගෙන මිය ගියා..
තවත් ජනප්‍රවාදයකට අනුව හර්න් ඉහත සටනින් තුවාල ලැබූවත් ඔහු සුවකිරීමට "පිලිප් උර්ස්වික්" නම් අඳුරු මායාකරුවෙකු ඉදිරිපත් වුනා.උර්ස්වික් හර්න්ව සිය පැල්පතට ගෙන ගොස් ගෝන හිස කපා හර්න්ගේ හිසට සවිකල අතර,ඔහු රජුට ප්‍රතිඥ්ඥා දුන්නා..හර්න්ව හොඳින් රැකබලාගෙන සුව කරන බවට.රජු ප්‍රකාශ කලා,ඔහු හර්න් සුවවූ පසු හර්න්ව ප්‍රධාන පාලකයා ලෙස උසස් කරන බවට.නමුත් රජු දැන හිඳියේ නැහැ උර්ස්වික් හර්න්ට ඊර්ශ්‍යා කල දඩයක්කරුවන් සමඟ ගිවිසුමක් ඇතිකරගෙන හිඳි බව.හර්න් සුව වුවත් තව දුරටත් ඔහුගේ දඩයම් දක්ශතා ඔහු සතු නොවන බවට උර්ස්වික් ඔවුන්ට ප්‍රතිඥා දී සිටියා.නැවත සුව වන හර්න්ව රජු විසින් ප්‍රධාන පාලකයා බවට පත් කලා.නමුත් පෙර දැක්වූ කිසිදු දක්ශතාවක් ඔහු නැවත කිසිදින දැක්වූයේ නැහැ.එම නිසාවෙන්ම අවසානයේ රජු ඔහුව තනතුරින් පහකලා.මෙයින් ශෝකයට පත් හර්න් වින්ඩ්සර් හි ඕක් ගසක ගෙල වැලලාගෙන මිය ගියා.අවසානයේ වින්ඩ්සර්හි සැරිසරන හර්න්ගේ ආත්මය ඔහුට ද්‍රෝහී වූවන් සියලම මරා දමන ලැබුවා.
මේ විදිහට එකිනෙකට වෙනස් බ්‍රිතාන්‍ය ජනප්‍රවාද රැසක් අපිට හර්න් පිලිබඳව හමුවුනත් ඒ හැම එකකම අවසානය එකම පිළිවෙලක්.ඒ නම් හර්න් වින්ඩසර්හි වනයෙහි ඕක් ගසක ගෙල වැලලාගෙන මිය යන බවත්..පසුව ඔහුගේ ආත්මය වනය පුරා සැරිසරන බවත්.ඇතැම් තැනක හර්න් දරුණු අපරාධ කිහිපයක් කල අයෙක් බවත්,ඒ නිසාවෙන් ඔහු ඕක් ගසක ගෙල වැලලාගෙන සියදිවි නසාගත් බව සඳහන්..
කෙසේ නමුත් දඩයක්කරුවන් විසින් උතුම් ආත්මයක් ලෙසින් සලකන හර්න් ඇතැම් තැනක දේවත්වයෙන් පවා පිදුම් ලබනවා.ඇතැම් තැනක ක්‍රි.ව.පළමුවන සියවසේදී පමණ යුරෝපයේ වැඳුම් පිදුම් කල චර්නෝනුස්/කර්නුනෝස්(රෝමානු බසින් මෙහි අර්ථය අං සහිත යන්නයි) නම් අං සහිත දෙවියන් සමඟත් හර්න්ගේ සම්භන්ධයක් ඇති බව කියවෙනවා.ඒ අනුව හර්න් යනු චර්නෝනුස්ම බවත් ,ඇංගලෝ කෙල්ටික් සංස්කෘතිය තුල දෙවියෙකු වන චර්නෝනුස්ගේ නම පසුව හර්න් බවට වෙනස් වූ බවත් සඳහන්.
අවසාන වශයෙන් හර්න්ගේ පෙනුමත්..හැසිරීමත් පිළිබඳව විමසා බලමු.
හර්න් බොහෝවිට වින්ඩ්සර් වනෝද්‍යානයේත් බර්ක්ශයර්හි ග්‍රේට් පාර්ක් උද්‍යානයේත් සැරිසරන බව සඳහන් වෙනවා.ශීතකාලයේ මැදියම් රාත්‍රියේයි හර්න් බොහෝවිට වනය තුල සැරිසරන්නේ.ගෝන අං තට්ටුවක් සහිත හිසින් යුත් හර්න් (මේ අං තට්ටුව නිසාම හර්න් සන ගෝන,මුව කුලවල සතුන් අතර අධ්‍යාත්මික බැඳීමක් ඇති බව කියවෙනවා)එක් අතකින්ගත් වක් වූ නලාවත්,දුන්නත් සමඟ කාලවර්න අශ්වයෙකු මතිනුයි මේ විදිහට වනය හරහා ගමන් කරන්නේ.නමුත් හර්න්ව වනය තුලදී මුණ ගැසීම සුභ ලකුණක් නොවන බවත්,..ඒ වගේම රජ පවුලේ අයට හර්න්ව දැකීමත් ඒ තරම් සුභ නොවන බවත් වැඩිදුරටත් කියවෙනවා..
Hoof and horn, hoof and horn:
All who die shall be reborn.
Corn and grain, corn and grain:
All that falls will rise again.
(වර්ශ 1863 අගෝස්තු තිස් වැනිදායින් මේ පුරාවෘත්ත ගත ඕක්ගස ස්වභාවික හේතූන් මත සිය දිවිය නිමකරනවා,ඒ වගේම පසුකාලීනව ඒ ස්තානයේම වික්ටෝරියා රැජින නව ඕක් ගසක් රෝපණය කලා)
#HERNE_PROTECT_US
-Paranormal පිටුවෙන් උපුටා ගන්න ලදි-