Hero hunk my review

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    47,447
    1
    29,977
    113

    නීල් අම්ස්ට්‍රෝංගෙ විතරද රොකට් තියෙන්නෙ :lol::P

    වැකියුම් සිස්ටම් එකේදි ත්‍රොටල් කේබල් එක සම්බන්ධ වෙන්නෙ කාබ් එකේ කොහෙටද බං :confused: එයාර් ඉන්ටේක් එකට නේද..
    පිස්ටන් එකේ හුලං අදින තරමට වැකියුම් එක වැඩි වෙනව..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    වැකියුම් සිස්ටම් එකේදි ත්‍රොටල් කේබල් එක සම්බන්ධ වෙන්නෙ කාබ් එකේ කොහෙටද බං :confused: එයාර් ඉන්ටේක් එකට නේද..
    පිස්ටන් එකේ හුලං අදින තරමට වැකියුම් එක වැඩි වෙනව..

    නෑ ත්‍රොට්ල් ප්ලේට් එකක් තියෙනවා. දොරක් වගේ. ඇක්සලරේටර් එක අල්ලන ප්‍රමාණය අනුව ඒ දොර ඇරෙනවා වැහෙනවා. එයා ක්ලීනරේ පැත්තට සෙට් වෙන්නෙ චෝක් එක
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,363
    113
    කුරුණෑගල
    ඔව් ඔව් අන්න ඒක තමා.

    ඒකෙ වාසිය තමයි එන්ජිමට අවශ්‍ය නියම මිශ්‍රණය ලැබීම, අයිඩ්ල් එක ස්මූත් වීම වගේ දේවල්. සාමාන්‍යෙන් ටිකක්ව් ඇඩි කැපෑසිටි බයික් වලට එන්නෙ මේ ජාතියෙ කාබ්. හොඳට ටියුන් කරල තියෙන බයික් එකක නම් දුවල ආවම කාබ් එක සීතල වෙලා තියෙනවා හොඳට. සාමාන්‍යෙන් ගොඩක්ම රස්නෙ නැති අවස්ථාවක නම් සමහර වෙලාවට වතුර බැඳිල තියෙන්වත් බලාගන්න පුළුවන්


    එල මචන් තෑන්ක්ස් :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    47,447
    1
    29,977
    113
    ඔව් ඔව් අන්න ඒක තමා.

    ඒකෙ වාසිය තමයි එන්ජිමට අවශ්‍ය නියම මිශ්‍රණය ලැබීම, අයිඩ්ල් එක ස්මූත් වීම වගේ දේවල්. සාමාන්‍යෙන් ටිකක්ව් ඇඩි කැපෑසිටි බයික් වලට එන්නෙ මේ ජාතියෙ කාබ්. හොඳට ටියුන් කරල තියෙන බයික් එකක නම් දුවල ආවම කාබ් එක සීතල වෙලා තියෙනවා හොඳට. සාමාන්‍යෙන් ගොඩක්ම රස්නෙ නැති අවස්ථාවක නම් සමහර වෙලාවට වතුර බැඳිල තියෙන්වත් බලාගන්න පුළුවන්

    මොකක්ද යකෝ ඇඩි කැපෑසිටි කියන්නෙ
    තොපි අඩි ගහලද බයික් පදින්නෙ..
    මට වගේ නේ.. පාරට බහින්ඩ බයයි.. අපි බෙහෙත් බොමු ලෙඩ සනීප කරගමු
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    47,447
    1
    29,977
    113
    නෑ ත්‍රොට්ල් ප්ලේට් එකක් තියෙනවා. දොරක් වගේ. ඇක්සලරේටර් එක අල්ලන ප්‍රමාණය අනුව ඒ දොර ඇරෙනවා වැහෙනවා. එයා ක්ලීනරේ පැත්තට සෙට් වෙන්නෙ චෝක් එක

    සමනලය කියන්නෙ ඒකට නේද... ඇරෙන වැහෙන පියනට නේද..
    සිරාවට කෙලින්ම නිඩ්ල් එකට කේබල් එක හයි කරාම හුලං අදින්ඩ කලින් පෙට්‍රල් වැඩි කරල දෙනව.. පෙට්‍රල් පිච්චෙනවත් වැඩි ඇති නේ..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    සමනලය කියන්නෙ ඒකට නේද... ඇරෙන වැහෙන පියනට නේද..
    සිරාවට කෙලින්ම නිඩ්ල් එකට කේබල් එක හයි කරාම හුලං අදින්ඩ කලින් පෙට්‍රල් වැඩි කරල දෙනව.. පෙට්‍රල් පිච්චෙනවත් වැඩි ඇති නේ..

    ඔව් ඔව් සමනලය/ බටර්ෆ්ලයි වෑල්ව් එක කියනව ඒකට. හුළං අදින්න කලින් පෙට්‍රල් වැඩියක් නැහැ, සක්ෂන් ස්ට්‍රෝක් එකේ හුළං අදිනකොටයි පෙට්‍රල් ඇදිල එන්නේ. නියමිත ප්‍රමාණයට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්, එතනයි අව්ල. සාමාන්‍යෙන් පොඩි පෙට්‍රල් ප්‍රමාණයක් ගන්න පොඩි බයික් වලට ඒක අවුලක් නැ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,058
    113
    31
    පානදුරේ
    ඔව් ඔව් අන්න ඒක තමා.

    ඒකෙ වාසිය තමයි එන්ජිමට අවශ්‍ය නියම මිශ්‍රණය ලැබීම, අයිඩ්ල් එක ස්මූත් වීම වගේ දේවල්. සාමාන්‍යෙන් ටිකක්ව් ඇඩි කැපෑසිටි බයික් වලට එන්නෙ මේ ජාතියෙ කාබ්. හොඳට ටියුන් කරල තියෙන බයික් එකක නම් දුවල ආවම කාබ් එක සීතල වෙලා තියෙනවා හොඳට. සාමාන්‍යෙන් ගොඩක්ම රස්නෙ නැති අවස්ථාවක නම් සමහර වෙලාවට වතුර බැඳිල තියෙන්වත් බලාගන්න පුළුවන්

    අපේ ඒවගේ ඔය වැකුම් සීන් එක නැද්ද?
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මම hero honda hunk එකක් අරන් දැන් මාස හතරක් විතර වෙන නිසා පොඩි රිවීව් කෑල්ලක් දාන්න බැලුවේ. මං ගත්ත අලුතම වගේ මේක ලියල දැම්මා පල්සර් ක්ලබ් එකේ, ඒ කාලෙ තිබුන කේස් ටිකක් සමනය කරගෙන තියෙනවා දැන්. ඒ වගේම මේකෙ එන කොමන් ලෙඩ ටිකකුත් කියන්න අවශ්‍යයි. ඒ කාලෙ කරපු මෝඩ වැඩක් නිසා වෙච්ච අලාභයක් ගැනත් කියන්න ඕනෙ.

    එන්ජිම 150cc, අශ්වබල 14යි. (RPM8500 දී)
    දළ බර බර කිලෝ 146යි.
    වීල්බේස් එක 1325MM
    ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් 145MM
    එන්ජිම කාබ් එක හොඳටම තියෙනවානම් පෙට්‍රල් 50ක් කරන්න ඕනෙ, ලංකාවෙ ට්‍රැෆික් සහ පදින විදිය අනුව 42ක් වගේ තමා සාමාන්‍ය ගාන.
    බැටරිය ඇම්පියර් 6, LED ටේල් ලයිට් සහිතයි

    හන්ක් එකේ හැන්ඩ්ලිං සැපපහසුව හොඳයි. හැබැයි ඩබල් දැම්මම නම් තත්වය ටිකක් වෙනස් වෙනවා. ඩබල් දාල ට්‍රැෆික් එකක වගේ යන්න උනොත් අත් දෙකට ටිකක් අමාරුයි. හැබැයි සස්පෙන්ෂන් නම් සෑහෙන්න හොඳයි. හැන්ඩ්ලින් fz එකේ තරම්ම නැති උනත් සාමාන්‍යෙන් මට්ටමක තියෙනවා. ස්වින්ග් ආම් බුෂ් ෂොක්ස් වල රබර් බුෂ් වීල් රේසර් හොඳට තියෙනවා නම් බයික් එකේ හැන්ඩ්ලින් එච්චරම අවුලක් නෑ. සාමාන්‍යෙන් සතුටුදායක මට්ටමක තියෙනවා

    හන්ක් එකේ එන කොමන් ලෙඩේ තමයි කාබ් එකේ ස්ලයිඩ් එක බදන එක. මේක වෙන්නෙ කාලයක් යනකොට ස්ලයිඩ් එක, ඒක දුවන සිලින්ඩර් එකේ ඇතිල්ලිලා ගෙවිල යාම නිසා. එතකොට ඇක්සලරේටර් එක ඇල්ලුවත් ස්ලයිඩ් එක අවශ්‍ය තරම් ඉහළ නොගිහින් පෙට්‍රල් අවශ්‍ය තරම් නොලැබෙන නිසා බයික් එක අදින්නෙ නැතුව යනවා. පාවිච්චි කරපු හන්ක් එකක් ගන්නවා නම් මේ කේස් එක බලාපොරොත්තු වෙන්නම වෙනවා. මොකද කිලෝමීටර් විසිදහක් විතර දුවපු බයික් වලත් මේ කේස් එක ඇවිල්ල තියෙනවා. ඉතින් මේක අඳුරගන්න පුළුවන් වෙන්නෙ බයික් එක පිකප් නැති කමෙන්ම තමයි. ඇක්සලරේටර් එක කොච්චර ඇල්ලුවත් බයික් එක දුවන්නෙ නෑ ගොනා වගේ. ඔහේ යනව විතරයි. සමහර වෙලාවට අයිඩ්ල් එකේ ඉඳලා ටක් ගාල රේස් කරන්න බෑ එන්ජිම. මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ගොඩක් දුරට ස්ලයිඩ් එක බදල වෙන්න පුළුවන්. සාමාන්‍යෙන් මේ දෝෂය මග ඇරගන්න කරන්නෙ පෙට්‍රල් වලට 2T ඔයිල් ස්වල්පයක් දාන එක. එතකොට මේ ස්ලයිඩ් එකයි සිලින්ඩර් එකයි අතරට ඔයිල් ටිකක් ගිහින් එතන lubricate වෙලා බදන ගතිය අඩු වෙනවා. ඒ වගේම 2T දාල හරිගස්සගන්න බැරි තරම් කැපිල නම් ස්ලයිඩ් එකයි සිලින්ඩර් එකයි 2500 වෝටර් සෑන්ඩ්පේපර් එකකින් කපන්න වෙනවා සුමට වෙන්න. ඊට පස්සෙ ටික කාලයක් යනකන් අවුලක් වෙන්නෙ නැහැ. අලුතින් ස්ලයිඩ් එක දැම්මත් ඒකත් කැපිලා මේ ලෙඩේ එනවා ටික දවසකින්.

    තව ගොඩක් අය කියන දෙයක් තමා හන්ක් එකේ ගියර් හිර බව. downshift කරද්දි හිර ගතියක් දැනෙනවා තමයි. ක්ලච් එක ටිකක් වැඩිපුර අහුවෙන්න ඇඩ්ජස්ට් කරගැනීමෙනුයි 40 ඔයිල් එකක් යෙදීමෙනුයි (කම්පැනියෙන් රෙකමන්ඩ් කරන්නෙ උන් ළඟ තියෙන 10W30 ඔයිල් එක. පිට තැන් වල නෑ ඒක. ඒ ඔයිල් එක දැම්මහම shifting ස්මූත් මදි. ) මේ ගැටලුව අවම කරගන්න පුළුවන්. ඒ වගේම පාවිච්චි කරපු බයික් එකක් නම් ක්ලච් ලීවර් එකත් දාන්න (රු 250) ගියර් හිර නම්. ක්ලච් ලිවර් එකේ ඇහැ කැපිලනම් ඒත් ක්ලච් එක අහු වෙනව මදි වෙනවා

    හන්ක් එකේ රොකර් ආම් රේසර් යන්න බලනවා, සමහර හන්ක් බයික් වල එන කොමන් කේස් එකක්. මට උනේ, මම කලින් කිව්ව වගේ shifting ස්මූත් කරගන්න හිතාගෙන මම දැම්මා 20W50 ඔයිල් එකක්. මේක නිසා මගෙ රොකර් රේසර් හිර වෙලා කෑම්ෂාෆ්ට් එක කැපුනා. කම්පැනි බඩු දානවනම් 7ක් යනවා රෙපයාර් එකට. ඝණකමෙන් වැඩි ඔයිල් එක එන්ජින් එකේ උඩට යනවා හොරයි සීතලට තියෙනකොට.

    ඩබල් ඩිස්ක් සහ සිංගල් ඩිස්ක්. මේක 150cc පොඩි බයික් එකක් නිසා rear disc වලින් කිසිම වාසියක් නෑ බ්‍රේකිං වලදී. බ්‍රේක් කරද්දි හොයාගන්නවත් බෑ මේ දෙකේ වෙනස. එනිසා පාවිච්චි කරපු එකක් ගන්නවා නම් single-double discවෙනස බලන්න එපා, කෝකත් එකයි. ඉස්සරහ ඩිස්ක් එකේ තමා ගේම තියෙන්නේ. ඒ නිසා ඒකෙ තත්වෙ බලන්න

    ඩිජිටල් මීටර් වල speed සෙන්සර් එක අවුල් යනවා ඉක්මනට. ඉස්සරහ රෝදෙ හබ් රේසර් ගියොත්, ටයර් කඩේක බූරුවෙක් පරිස්සමක් නැතිව ගලවන්න හයි කරන්න ගියොත් හෙම ඒක කැඩෙන්න පුළුවන්. කම්පැනි පාට් එක රුපියල් 6000යි. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    දැන් එන හන්ක් එක හීරෝ හොණ්ඩ එක තරම් කොලිටි නෑ කියනවා. ඒකෙ ඇත්තකුත් තියෙන්න පුළුවන් ඉතින්. පල්සර් තරම් reliable නෑ, fz තරම් බැලන්ස් හැන්ඩ්ලින් නෑ, but still a good bike. දැන් 150 එක discontinue කරලා 200 එකක් ඉන්දියාවෙ එළිදක්වලා. සමහරවිට ඉස්සරහට පාට්ස් ගැටලුවක් එයි. ගන්න ඉන්න අය ඒ ගැනත් හිතන්න

    එල මචෝ :D
    අලුතෙන් මේ බයික් එකක් ගන්න ඉන්න එකෙක්ට ගොඩක් වැදගත් වෙයි :yes:

     
    • Like
    Reactions: Sithira Weerasinghe

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,576
    113
    out of the blue
    හීරෝ honda තිබ්බ කාලෙනම් hunk හොදයි .බලල බලල හීරෝ නිසා දන්න ඩිස්කවරි එකට ගියා

    පැට්‍රල් කිරිල්ල අඩුයි නේද ?:confused:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    මරුසිරා;23648975 said:
    හීරෝ honda තිබ්බ කාලෙනම් hunk හොදයි .බලල බලල හීරෝ නිසා දන්න ඩිස්කවරි එකට ගියා

    පැට්‍රල් කිරිල්ල අඩුයි නේද ?:confused:

    දැන් discover එකත් reliable නෑ බන්
    තෙල් නම් කරනව අඩු තමා. එච්චර තේරෙන්නෙත් නෑ ඒක