මම hero honda hunk එකක් අරන් දැන් මාස හතරක් විතර වෙන නිසා පොඩි රිවීව් කෑල්ලක් දාන්න බැලුවේ. මං ගත්ත අලුතම වගේ මේක ලියල දැම්මා පල්සර් ක්ලබ් එකේ, ඒ කාලෙ තිබුන කේස් ටිකක් සමනය කරගෙන තියෙනවා දැන්. ඒ වගේම මේකෙ එන කොමන් ලෙඩ ටිකකුත් කියන්න අවශ්‍යයි. ඒ කාලෙ කරපු මෝඩ වැඩක් නිසා වෙච්ච අලාභයක් ගැනත් කියන්න ඕනෙ.
එන්ජිම 150cc, අශ්වබල 14යි. (RPM8500 දී)
දළ බර බර කිලෝ 146යි.
වීල්බේස් එක 1325MM
ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් 145MM
එන්ජිම කාබ් එක හොඳටම තියෙනවානම් පෙට්‍රල් 50ක් කරන්න ඕනෙ, ලංකාවෙ ට්‍රැෆික් සහ පදින විදිය අනුව 42ක් වගේ තමා සාමාන්‍ය ගාන.
බැටරිය ඇම්පියර් 6, LED ටේල් ලයිට් සහිතයි
හන්ක් එකේ හැන්ඩ්ලිං සැපපහසුව හොඳයි. හැබැයි ඩබල් දැම්මම නම් තත්වය ටිකක් වෙනස් වෙනවා. ඩබල් දාල ට්‍රැෆික් එකක වගේ යන්න උනොත් අත් දෙකට ටිකක් අමාරුයි. හැබැයි සස්පෙන්ෂන් නම් සෑහෙන්න හොඳයි. හැන්ඩ්ලින් fz එකේ තරම්ම නැති උනත් සාමාන්‍යෙන් මට්ටමක තියෙනවා. ස්වින්ග් ආම් බුෂ් ෂොක්ස් වල රබර් බුෂ් වීල් රේසර් හොඳට තියෙනවා නම් බයික් එකේ හැන්ඩ්ලින් එච්චරම අවුලක් නෑ. සාමාන්‍යෙන් සතුටුදායක මට්ටමක තියෙනවා
හන්ක් එකේ එන කොමන් ලෙඩේ තමයි කාබ් එකේ ස්ලයිඩ් එක බදන එක. මේක වෙන්නෙ කාලයක් යනකොට ස්ලයිඩ් එක, ඒක දුවන සිලින්ඩර් එකේ ඇතිල්ලිලා ගෙවිල යාම නිසා. එතකොට ඇක්සලරේටර් එක ඇල්ලුවත් ස්ලයිඩ් එක අවශ්‍ය තරම් ඉහළ නොගිහින් පෙට්‍රල් අවශ්‍ය තරම් නොලැබෙන නිසා බයික් එක අදින්නෙ නැතුව යනවා. පාවිච්චි කරපු හන්ක් එකක් ගන්නවා නම් මේ කේස් එක බලාපොරොත්තු වෙන්නම වෙනවා. මොකද කිලෝමීටර් විසිදහක් විතර දුවපු බයික් වලත් මේ කේස් එක ඇවිල්ල තියෙනවා. ඉතින් මේක අඳුරගන්න පුළුවන් වෙන්නෙ බයික් එක පිකප් නැති කමෙන්ම තමයි. ඇක්සලරේටර් එක කොච්චර ඇල්ලුවත් බයික් එක දුවන්නෙ නෑ ගොනා වගේ. ඔහේ යනව විතරයි. සමහර වෙලාවට අයිඩ්ල් එකේ ඉඳලා ටක් ගාල රේස් කරන්න බෑ එන්ජිම. මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ගොඩක් දුරට ස්ලයිඩ් එක බදල වෙන්න පුළුවන්. සාමාන්‍යෙන් මේ දෝෂය මග ඇරගන්න කරන්නෙ පෙට්‍රල් වලට 2T ඔයිල් ස්වල්පයක් දාන එක. එතකොට මේ ස්ලයිඩ් එකයි සිලින්ඩර් එකයි අතරට ඔයිල් ටිකක් ගිහින් එතන lubricate වෙලා බදන ගතිය අඩු වෙනවා. ඒ වගේම 2T දාල හරිගස්සගන්න බැරි තරම් කැපිල නම් ස්ලයිඩ් එකයි සිලින්ඩර් එකයි 2500 වෝටර් සෑන්ඩ්පේපර් එකකින් කපන්න වෙනවා සුමට වෙන්න. ඊට පස්සෙ ටික කාලයක් යනකන් අවුලක් වෙන්නෙ නැහැ. අලුතින් ස්ලයිඩ් එක දැම්මත් ඒකත් කැපිලා මේ ලෙඩේ එනවා ටික දවසකින්.
තව ගොඩක් අය කියන දෙයක් තමා හන්ක් එකේ ගියර් හිර බව. downshift කරද්දි හිර ගතියක් දැනෙනවා තමයි. ක්ලච් එක ටිකක් වැඩිපුර අහුවෙන්න ඇඩ්ජස්ට් කරගැනීමෙනුයි 40 ඔයිල් එකක් යෙදීමෙනුයි (කම්පැනියෙන් රෙකමන්ඩ් කරන්නෙ උන් ළඟ තියෙන 10W30 ඔයිල් එක. පිට තැන් වල නෑ ඒක. ඒ ඔයිල් එක දැම්මහම shifting ස්මූත් මදි. ) මේ ගැටලුව අවම කරගන්න පුළුවන්. ඒ වගේම පාවිච්චි කරපු බයික් එකක් නම් ක්ලච් ලීවර් එකත් දාන්න (රු 250) ගියර් හිර නම්. ක්ලච් ලිවර් එකේ ඇහැ කැපිලනම් ඒත් ක්ලච් එක අහු වෙනව මදි වෙනවා
හන්ක් එකේ රොකර් ආම් රේසර් යන්න බලනවා, සමහර හන්ක් බයික් වල එන කොමන් කේස් එකක්. මට උනේ, මම කලින් කිව්ව වගේ shifting ස්මූත් කරගන්න හිතාගෙන මම දැම්මා 20W50 ඔයිල් එකක්. මේක නිසා මගෙ රොකර් රේසර් හිර වෙලා කෑම්ෂාෆ්ට් එක කැපුනා. කම්පැනි බඩු දානවනම් 7ක් යනවා රෙපයාර් එකට. ඝණකමෙන් වැඩි ඔයිල් එක එන්ජින් එකේ උඩට යනවා හොරයි සීතලට තියෙනකොට.
ඩබල් ඩිස්ක් සහ සිංගල් ඩිස්ක්. මේක 150cc පොඩි බයික් එකක් නිසා rear disc වලින් කිසිම වාසියක් නෑ බ්‍රේකිං වලදී. බ්‍රේක් කරද්දි හොයාගන්නවත් බෑ මේ දෙකේ වෙනස. එනිසා පාවිච්චි කරපු එකක් ගන්නවා නම් single-double discවෙනස බලන්න එපා, කෝකත් එකයි. ඉස්සරහ ඩිස්ක් එකේ තමා ගේම තියෙන්නේ. ඒ නිසා ඒකෙ තත්වෙ බලන්න
ඩිජිටල් මීටර් වල speed සෙන්සර් එක අවුල් යනවා ඉක්මනට. ඉස්සරහ රෝදෙ හබ් රේසර් ගියොත්, ටයර් කඩේක බූරුවෙක් පරිස්සමක් නැතිව ගලවන්න හයි කරන්න ගියොත් හෙම ඒක කැඩෙන්න පුළුවන්. කම්පැනි පාට් එක රුපියල් 6000යි. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.
දැන් එන හන්ක් එක හීරෝ හොණ්ඩ එක තරම් කොලිටි නෑ කියනවා. ඒකෙ ඇත්තකුත් තියෙන්න පුළුවන් ඉතින්. පල්සර් තරම් reliable නෑ, fz තරම් බැලන්ස් හැන්ඩ්ලින් නෑ, but still a good bike. දැන් 150 එක discontinue කරලා 200 එකක් ඉන්දියාවෙ එළිදක්වලා. සමහරවිට ඉස්සරහට පාට්ස් ගැටලුවක් එයි. ගන්න ඉන්න අය ඒ ගැනත් හිතන්න

Last edited: