Hethammayak Diga Kavi liyamuda

maleemsg

Member
aravindalj said:
9svw28.jpg

මුළු තුන් ලෝකයටම
කරුණාවේ සුව සදන
ගෞතම
නූඹට නොවෙයි මම
පෙම් කලේ
මගේ ලග
මා එක්ක
උන්නු මගේ
සිදුහත්ට...
ඉතිං අවැසිනම්
යන්න නිවනට
කම් නෑ මට
මගේ සිදුහත් මා හැර
දමා ගොස් බෝ කලක්
දැන්
ඒත් තාමත්
මගේ හිත ඇතුලේ
මං එක්ක
මං ළගම
ආදරෙන්
සිදුහත්
ඡීවමානයි

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ආදරේ ගින්දරක් බව දැන... ඇයි ද අත පෙව්වෙ නුඹ සමණළී..
ආදරේ සැඩ දියකදක් බව දැන... ඇයි ද එහි ගිලුනෙ නුඹ සමණළී..
ආදරේ සිහිනයක් බව දැන... ඇයි ද එය සෙව්වෙ නුඹ සමණළී..
හිමි නැති බව ම දැන දැන... ඇයි ද ඔහු පැතුවෙ නුඹ සමණළී...

otlnjb.jpg

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මම
යසෝදරා
පරපුරේ
තවත්
එක්
පුරුකක්
අභිනික්මන්
(නො)කරන
මගේ
සිදුහත්
එක්ක
තවමත්
පාරමී
පුරන..

sazi9i.jpg

 

maleemsg

Member
gpindika said:
Apita Kavi Liyawenne Na ne?

අපිට ඕනේ අපේ රටක්
සමනළී,සෙල්ලම්මා,සහරා
එක්ක අත්වැල්
අල්ල*ගෙන
කොළඹින් කෝච්චියේ නැගලා
නුවරින් - අ'පුරින්
නල්ලූර් කොවිලත් වැදගෙන
එන ගමන්
කතරගමත් ගිහින්
රාමසාන් හද බලලා
වටලප්පන් රස බලන ගමන්
කොච්චිකඩේ පල්ලියත් වැදගෙන
එන්න
මුරකාවල් නැති අපේ රටක්
රණවිරු අයියේ යාපනේ
දෙමළ අයියලට කියන්න
සිංහල අපි හිතන තරම්
නරක නෑ කියලා...
 

mutantlast

Member
Jul 25, 2008
3,165
9
0
Manu lowa Minisun Athara
maleemsg said:
හිතාදර මළණුවනි නන්ද
පිං අත්වෙයි නූඹට
මොහොතකට බිදී ගිය
වෘතය රකින්නට
දුන් ඔවදනට
ඒ වෙයි එසේමම..
නුඹ පතනා ලෙසට
ඉදං අද හෙටම
නුඹ යයි ජනපද කළණියද හැර
ඇයද එක්වනු ඇතිය..
මා මෙන්ම මේ
පෙරුම් *පුරන්නට
පතන්නා වු බෝධියකින්
නිවන් දකින්නට...
යසෝදරා...

මතක ද නුඹට...?
ඔහු ගේ ඒ සොදුරු වෙසතුරු අත් බවය..
දන් දෙද්දි නුඹවත්.. නුඹේ දරු පැටවුණුත්..
ඉකි ගසා හැඩුව මුත් දෙනෙතින්...
හදවතේ පුංචිම කොනක සතුටු පියුමක් රැදී තිබුණා..

මතු දිනක මර යුධය ජය ගන්න..
මමත් ඔහුහට
අත් වැලක් වූ වා නො වේ දෝ කියා...
සිහිකරන්න යසෝදරා..
සොදුරුයි නේ ද ඒ අතීතය..

කාමාසක්ත ලෝකයා..
සිදුහත් ගෙ වෙස්ගෙන
ඒවි නුඹ පසුපස ම..
කාමයට පෙම් බැදි මුත්
පෙම් නො බැද නුඹ හට...

මියැදුනත් අතීතය මතකයන් තිළිණ කොට..
රැකගනින් ඒ මතක හදවතට තුරුලු කොට..
ඒ මතකයන් නුඹ ව රකිනවා සත්තයි..
සිදුහත් ගෙ වෙස් ගත් සල්ලාලයින් ගෙන්...

නුඹට බුදු සරණ යි යසෝදරා..!!
 

m doo

Member
Jul 16, 2007
592
0
0
mutantlast said:
ආදරේ ගින්දරක් බව දැන... ඇයි ද අත පෙව්වෙ නුඹ සමණළී..
ආදරේ සැඩ දියකදක් බව දැන... ඇයි ද එහි ගිලුනෙ නුඹ සමණළී..
ආදරේ සිහිනයක් බව දැන... ඇයි ද එය සෙව්වෙ නුඹ සමණළී..
හිමි නැති බව ම දැන දැන... ඇයි ද ඔහු පැතුවෙ නුඹ සමණළී...

65cr4.gif


:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
 

maleemsg

Member
aravindalj said:

නූතන මරගනන් මැද
මාර සේනා මැද
නාළාගිරි මතැතුන් මැද
චිංචිමානවිකාවියන් මැද
දේවදත්තයන් මැද
ඔව් අපි
කල්පනාවෙන්
පාරමී පුරන්නෙමු
හැකිනම් අපිට
ඔය ඉබාගාතේ යන
බේබදු චින්තකයා
වෙනුවෙන් නිබ්බුත පද
කියන්නට
.......


 

mutantlast

Member
Jul 25, 2008
3,165
9
0
Manu lowa Minisun Athara
m doo said:


ආදරේ ගින්දරක්.. දනිමි මම එය, :yes:
දැල්වෙන සේම පිච්චෙන
ආදරේ සැඩ කදක්.. දනිමි මම එය, :yes:
කිමිදෙන සේම ගොඩ එන
ආදරේ සිහිනයක්.. දනිමි මම එය, :yes:
දැක ගත් නමුත් වියැකෙණ
ආදරේ නො ම දනිමි මම,:rolleyes:
ඔහු මත්තේ ම මිය යන...
 
Last edited:

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
නූතන මරගනන් මැද
මාර සේනා මැද
නාළාගිරි මතැතුන් මැද
චිංචිමානවිකාවියන් මැද
දේවදත්තයන් මැද
ඔව් අපි
කල්පනාවෙන්
පාරමී පුරන්නෙමු
හැකිනම් අපිට
ඔය ඉබාගාතේ යන
බේබදු චින්තකයා
වෙනුවෙන් නිබ්බුත පද
කියන්නට
.......

szwkd2.jpg

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
maleemsg said:
අපිට ඕනේ අපේ රටක්
සමනළී,සෙල්ලම්මා,සහරා
එක්ක අත්වැල්
අල්ල*ගෙන
කොළඹින් කෝච්චියේ නැගලා
නුවරින් - අ'පුරින්
නල්ලූර් කොවිලත් වැදගෙන
එන ගමන්
කතරගමත් ගිහින්
රාමසාන් හද බලලා
වටලප්පන් රස බලන ගමන්
කොච්චිකඩේ පල්ලියත් වැදගෙන
එන්න
මුරකාවල් නැති අපේ රටක්
රණවිරු අයියේ යාපනේ
දෙමළ අයියලට කියන්න
සිංහල අපි හිතන තරම්
නරක නෑ කියලා...

vig0g0.jpg
 

maleemsg

Member
mutantlast said:
යසෝදරා...

මතක ද නුඹට...?
ඔහු ගේ ඒ සොදුරු වෙසතුරු අත් බවය..
දන් දෙද්දි නුඹවත්.. නුඹේ දරු පැටවුණුත්..
ඉකි ගසා හැඩුව මුත් දෙනෙතින්...
හදවතේ පුංචිම කොනක සතුටු පියුමක් රැදී තිබුණා..

මතු දිනක මර යුධය ජය ගන්න..
මමත් ඔහුහට
අත් වැලක් වූ වා නො වේ දෝ කියා...
සිහිකරන්න යසෝදරා..
සොදුරුයි නේ ද ඒ අතීතය..

කාමාසක්ත ලෝකයා..
සිදුහත් ගෙ වෙස්ගෙන
ඒවි නුඹ පසුපස ම..
කාමයට පෙම් බැදි මුත්
පෙම් නො බැද නුඹ හට...

මියැදුනත් අතීතය මතකයන් තිළිණ කොට..
රැකගනින් ඒ මතක හදවතට තුරුලු කොට..
ඒ මතකයන් නුඹ ව රකිනවා සත්තයි..
සිදුහත් ගෙ වෙස් ගත් සල්ලාලයින් ගෙන්...

නුඹට බුදු සරණ යි යසෝදරා..!!
සාරසංකෙයිය කල්ප ලක්ෂයක්
භවයන් ඔහු පෙරුම් පිරූ බව
සත්තමයි
ඒ තරමට මමත් ඔහු වෙනුවෙන්
පෙරුම් පිරූ බවද
සත්තයි....

රාහුල උපන්නේ දින
ඔහු මා හැර යන මොහොතේ
මා ගැඹුරු නින්දේ
තතු නොම දත්තෝ කියති..,

කල්පයක් හැම බවයේම ආ ඔහු
පා හඩ මට නොඇසේද
මා ඔහුගේම යසෝදරාවයි
දැනුනි ඔහු යන බව
මගේ කදුළු බිදු ඔහු
මග අවුරනු ඇතැයි බියෙන්
තද කර ගතිමි නෙත්
තවත් ඔහුට නික්මෙන්න
හදින් ඔහු පා සිඹ....

මම යසෝදරාම වෙමි
සිද්ධාර්ථ බිසෝම වෙමි

තිසරණ සරණමැයි නුඹට
හිතදර නන්දයනි...
ඉදිං යන්න අවසර නුඹට


 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

szwkd2.jpg

[/quote]

කියා දෙන්න මට... කොහොම ද මෙට්ටෙට කූඩැල්ලව හුරු කරවන්නේ..
කියා දෙන්නට මට... කොහොම ද උරට සවුක්ය ගැන කියලා දෙන්නේ..
කියා දෙන්නට මට... කොහොම ද වදුරට බිමින් යන්න උපදෙස් දෙන්නේ..
කියා දෙන්න මට... කොහොම ද මෙයාට ලොවේ ඇත්ත පහදා දෙන්නේ...

ඔන්න ඉදා අරක්කු බීපන්...


arrack.jpg
 
Last edited:

m doo

Member
Jul 16, 2007
592
0
0
mutantlast said:


ආදරේ ගින්දරක්.. දනිමි මම එය, :yes:
දැල්වෙන සේම පිච්චෙන
ආදරේ සැඩ කදක්.. දනිමි මම එය, :yes:
කිමිදෙන සේම ගොඩ එන
ආදරේ සිහිනයක්.. දනිමි මම එය, :yes:
දැක ගත් නමුත් වියැකෙණ
ආදරේ නො ම දනිමි මම,:rolleyes:
ඔහු මත්තේ ම මිය යන...

98ii0.gif


Anna ekai malliyo adareeeeee :yes: :yes:
 

m doo

Member
Jul 16, 2007
592
0
0
X men said:

කියා දෙන්න මට කොහොම ද... මෙට්ටෙට කූඩැල්ලව හුරු කරවන්නේ..
කියා දෙන්නට මට කොහොම ද.. උරට සවුක්ය ගැන කියලා දෙන්නේ..
කියා දෙන්නට මට කොහොම ද... වදුරට බිමින් යන්න උ*පදෙස් දෙන්නේ..
කියා දෙන්න මට කොහොම ද.. මෙයාට ලොවේ ඇත්ත පහදා දෙන්නේ...

ඔන්න ඉදා අරක්කු බීපන්...


arrack.jpg
[/QUOTE]

dont give up mechchara ikmanata.... He will understand one day!!! :lol: :lol:
 

maleemsg

Member
aravindalj said:
ගල් පොල් අතිවිශේෂ
කොයි වර්ගයෙන් හරි
එහෙම නැත්නම් ඉතිං
සුරුට්ටු බීඩී කංසා දුමෙන්
ඊටත් වැඩියෙන් ටිකක් වැඩි
හෙරොයින් වැනි දේ වලින්
ඇයිද දරුවනි හොයන්නේ මං
මනෝ කදු නගින්නට?
අමුතුම ආතල් එකක් ඇතිබව
පාරිභෝගිකයෝ කියති
ඒත් අළු වෙන්නේ මත් වෙන්නේ
රැස් විහිදිය හැකි ආත්ම නොවෙද
ඔය?
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
X men said:
කියා දෙන්න මට කොහොම ද... මෙට්ටෙට කූඩැල්ලව හුරු කරවන්නේ..
කියා දෙන්නට මට කොහොම ද.. උරට සවුක්ය ගැන කියලා දෙන්නේ..
කියා දෙන්නට මට කොහොම ද... වදුරට බිමින් යන්න උ*පදෙස් දෙන්නේ..
කියා දෙන්න මට කොහොම ද.. මෙයාට ලොවේ ඇත්ත පහදා දෙන්නේ...

ඔන්න ඉදා අරක්කු බීපන්...


arrack.jpg
[/quote]

mj1klg.jpg