Hidden truth....

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඔයාලත් ඔනේ තරම් මෙ සින්දුව අහල ඇති නෙ...මාත් හුඟාක් පාරක් මේක අහල තියෙනවා.සින්දුව ඇහුවට අත්තටම එකෙ තෙරුම ගැන නම් එච්චරම හිතුවෙ නෑ...මෙ සින්දුවෙ තේරුම ගැන අවබෝදයක් ආවෙ අද තමා.. සින්දුව මේකයි...

    "රිදී පාට කල පා තුඩු පයට පෑ ගිලා"...

    මේ ගීතය ගායනා කරන්නෙ ලක්ශ්මන් හිල්මි ගායකයා විසිනි..ඇත්තටම කඳුළු උනන තරම් දුකක් හිතට අවා මේ ගීතයේ සත්‍ය අදහස මොකක්ද කියල තේරුන විට,.....මේ කොහොම නමුත් අපි මේ ගැන කම්පා විය යුතුයි කියලයි මගෙනම් අදහස..මොකද වසර 30 කට තරම් අදික කාලයක් පැවති මෙ යුද්දය මේ වගෙ අහින්සක තරුණයින්ට,එයලා වැදූ අම්මලාට,පියවරුන්ට මොන තරම් දේවල් අහිමි කලාද??අපි කරපු දේවල් නම් බොහෝම මදි..අඩුම තරමින් මේ ගැන කතාකලාවත් මදි... :no::no:

    සින්දුවත් අහලම බලන්නකො...

    A.jpg
    B2.jpg
    C22.jpg
    D.jpg

    අහලත් බලන්න..

    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    මෙතනින් නේද ගත්තේ,කෙලින්ම ලින්ක් එක හරි එටන තියෙන එක හරි COPY PASTE කලානම් හරිනේ

    https://www.facebook.com/photo.php?...76994774.43033.193218727383979&type=3&theater

    ►►රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා◄◄
    ලක්‍ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?

    රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

    විඳින වේදනා මදි මට නගයි චෝදනා
    උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
    පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
    බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

    නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
    ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
    එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
    සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

    මේ ගීතයට පාදක වුන සිදුවීම මේකයි►
    කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්‍රමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.

    ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!

    ''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''

    බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.

    ''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''

    තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.

    අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.

    රණවිරුවන් නැවතත් ආමිකාරයන් වන සමයක අප වෙනුවෙන් ඔවුන් කල කැපකිරීම් සිහිපත් කිරීම සදහා මෙය එලකිරි වෙබ්(www.elakiri.com) අඩවියෙන් උපුටා පල කරන ලදී.

    අප වනුවෙන් සිය ඇස් ඉස් මස් ලේ දන් දුන් රණවිරුවන්ට කරන ආචාරයක් ලෙස මෙය SHARE කරන්න.
    .
    .
    ┈┈╭━━━━━╮
    ┈┈┃╱╯╯╯╲┃
    ┈┈▇▏▇━▇▕▇
    ┈┈┈╲╰━╯╱┈
    ┈┈┈╱▔▔▔╲▂╱▔▏කජුවත්ත එක්සත් Cricket සමාජයට
    ┈┈┈╲╲▂▕╲▂╱▔┈┈┈┈ඇවිත් බලලා 'LIKE'කරන්න
    ▕▔▔▉▉▉▉▉░▔▔▔▔▏┈

    :(:(:(:(:(:(:(:(

    බොහොම කනගාටුයි..මම නම් ඔතනින් නෙවේ ගත්තෙ..මට mail එකකින් ආපු එකක් :yes::yes: ...හොදයි කියල හිතල කට්ටියටත් එක්ක බලන්න දැම්මේ :sorry::sorry: ...Original post එක එයාල ගත්තෙත් Elakiri එකෙන් කියල කියලම තියෙන්නෙ... :rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: