සාමාන්‍ය මනුස්සයෙක් වෙන මට නම් හිතාගන්න බෑ කිසිම විදියක්, මොකද අපි
සල්ලි දාන්නේ බැංකු වල අපේ details එක්ක. බොරු details එක්ක දාන්නත් බයයි.
ඉඩම් කඩම්, වාහන, ගෙවල් මොන දේ ගත්තත් ඒවත් රෙකෝඩ් වෙනව.
මට පේන විදියට කිසිම කිසිම විදියක් නෑ මේකට.
ඒත් මේවට අනිවාර්යෙන්ම මෙතඩ් තියෙන්න ඕන, පොලිටික්කොන්ට, ඔය ඩ්‍රග් බිස්නස් කරන අයට වගේ ඔය සල්ලි හංගන්න ක්‍රම තියෙන්න ඕන.
දික්කසාද වීමකදී 50% වගේ ප්‍රමාන්‍යක් උනත් අනිත් පාර්ෂවයට දෙන්න වෙන වෙලාවල් තියෙනව. මට නම් හිතයෙන්නේ ඒක මහ විකාරයක්. සමහර විට අදාල පුද්ගලය විවාහ වෙන්නත් කලින් උපයගත්ත දේපල වෙන්නන පුලුවන්. සාදාරන වන්දියක් දෙන එක ගැන ගැටලුවක් නෑ. හිතන්න කෝටිගානක දේපල තියෙන මිනිහෙක් සාමාන්‍ය ගෑනියෙක් බැඳලු කෙටිකාලෙකින් ඩිවෝස් උනාම ඒ ගෑනිට විවාහවලො හිටිය පලියට auto ම කෝටිගානක් දෙන්න වෙන එක අසාදාරනයි මට හිතෙන විදියට.
මේ වගේ දේවල් වලට සොලුෂන්ස් නැද්ද? අපිට බැරිද අපේ සල්ලි වෙන රටවල ගිණුම් වල හංගන්න. ලංකාවෙ නීතියට හොයාගන්න බැරි වෙන්න.
ඔයා අහපු ප්‍රශ්නයට සරල පිළිතුරක් නෑ , ඒක නිසා මම කොටස් වලට දන්න විදිහට කියන්නම් -
1.ලංකාවේ ඩිවෝස් වෙනකොට කෙනෙක් විවාහ වීමට කලින් උපයු දේ බෙදාගන්නැති වීමට හෝ හම්බ කරපු දේවලින් සියල්ල දෙදෙනා අතර බෙදීයාම වැළකීමට ක්‍රමයක් තිබෙනවාද?
උ: පිටරට ගොඩක් ප්‍රසිද්ධ දෙයක් තමයි prenuptial agreement කියන දේ. සරලව කිව්වොත් prenuptial agreement එකක් කියන්නේ දෙපාර්ශවය විවාහ වීමට කලින් ඇතුලත් වෙන ගිවිසුමක්. එම ගිවිසුමට අනුව දෙපාර්ශවය එකග වෙනවා විවාහය අවසන් වූ වුටකදී ඔවුන්ගේ දේපල බෙදී යන ආකාරය.
මම දන්නා විදිහට ලංකාවේ අධිකරණ වල මේ ආකාරයේ ගිවිසුම් පිළිගෙන නැහැ.
හැබැයි අපේ නීතියට අනුව මේවගේ prenuptial agreement/settlement සහ postnuptial agreement/settlement (විවාහ වීමෙන් පසු දේපල බෙදෙන විදිහ ගැන ඇතුලත් වෙන ගිවිසුමක්) දික්කසාද නඩුවක තීන්දුව දෙන අවස්ථාවේදී විනිසුරුවරයාට සලකා බැලීමට පුළුවන්. ඒ සම්බන්දයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 618 වගන්තියේ සටහන් වෙනවා. හැබැයි මම කලින් කිව්වා විදිහට අපේ අධිකරණ වල මම දන්නා විදිහට කවදාවත් මේ වගේ ගිවිසුම් පිළිගෙන නැහැ.
2.දික්කසාද වෙන්න කලින් සල්ලි හංගන්න පුලුවන්ද?
උ: සල්ලි හෝ දේපල හංගලා තියෙනවා නම් ඒවා තිබෙන ස්ථාන බිරිද දැනගත් විට ඇයට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 653 වගන්තිය යටතේ ඉල්ලීමක් කරලා නඩුව අවසන් වන තෙක් එම දේපල අධිකරණයේ භාරයේ තබාගන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. සල්ලි හෝ දේපල හංගලා තියෙනවා නම් ඒවා තිබෙන ස්ථාන බිරිද දන්නේ නැති වුනත් ඔබව අධිකරණයට ගෙනත් ප්‍රශ්ණ කරන්න පුළුවන් දේපල තිබෙන ස්ථාන ගැන. ඔබ අධිකරණයේ පෙනීසිටියේ නැත්නම් ඔබව අත්අඩංගුවට ගන්න පුළුවන්.
3. පිටරට සල්ලි හංගන්න පුලුවන්ද?
පනතක් තියෙනවා Prevention of Money Laundering Act, No. 5 of 2006 කියල. කෙටියෙන්ම කිව්වොත් සල්ලි හංගන්න බැහැ.
------
Post added on May 5, 2021 at 12:59 PM