ජහපාලන ආණ්ඩුව වට්ටන්න හදන්න එපා!
මා අසා ඇති කතාවක් මෙබඳු ය.
වල්කමේ ගිය හාදයෙක් ගේ පුරුෂ නිමිත්ත කුණු වෙන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව ඔහු බටහිර ප්‍රතිකාර සඳහා යොමු වී තිබේ. එවිට අදාළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ, පුරුෂ නිමිත්ත කුණු වෙමින් තිබෙන නිසා, කපා ඉවත් කළ යුතු බව ය. එයට සෑහෙන මුදලක් අවශ්‍ය බව ද පවසා තිබේ.
ඉන්පසු, මේ අකරතැබ්බයෙන් ගැලවෙන්නට, ඔහු දේශීය වෛද්‍ය උපදෙස් පතා ඇත. එහිදී ඔහුට, මෙවැනි රෝග සුව කරන ප්‍රකට දේශීය වෛද්‍යවරයකු පිළිබඳ තොරතුරක් දැනගන්නට ලැබී තිබේ.
ඔහු සොයා ගෙන ගොස් සිදුවීම පැවසුවේලු.
තත්ත්වය බරපතළ වෙමින් තිබෙන නිසා, පුරුෂ නිමිත්ත කපා දමන්නට වෛද්‍ය උපදෙස් දී තිබෙන බවත්, ඔහු දේශී්‍ය වෛද්‍යවරයාට පවසා තිබේ.
එහිදී දේශීය වෛද්‍යවරයා සහ රෝගියා අතර සිදු ව තිබෙන සංවාදය මෙබඳු ය.
'මේක කපලා අයින් කරන්න කිව්වා'
'ඔව්'
'ඒ මොකටද?'
'ඇයි වෙදමහත්තයෝ,...කපන්න ඕන නැද්ද?'
'මේක මොකටද කපලා අයින් කරන්නෙ?'
'අපොයි දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ'
'ඒක නේ මං කිව්වේ, මේක කුණුවෙලා තියෙන තරමට, තව ටික දවසකින් ඉබේටම වැටෙනවා නේ'
- කුමාර ලියනගේ