Homemade Blutooth Boombox - DIY

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    ඔන්න මචන්ලා කාලෙකින් අදත් මම ගේනවා කට්ටියට ටිකක් interest දෙයක්.ඒ තමයි Boombox එකක් හදන හැටි.කව්ද අකමැති ස්පීකර් එකක් අමුනගෙන සින්දු අහන්න.මම අද කියල දෙන්නම් එකක් හදන හැටි.අපිට මේ වැඩේට මෙන්න මේ දේවල් ඕන කරනවා.




    මම මුලින්ම මේ බඩු ගැන පොඩි විස්තරයක් කරන්නම්.



    Amplifier

    කව්රුත් වගේ දන්නවා ඇති amplifier එකෙන් තමයි , අපේ phone එකෙන් හරි CD/DVD/MP3 player එකෙන් එන sound signal එකේ ශක්තිය වැඩි කරලා ලොකු speaker වලින් එලියට දෙන්නේ.මෙතැනදී අපි පාවිච්චි කරන්නේ TDA7492 කියන IC එකෙන් හදපු 50W dual channel (Stereo) amplifier එකක්.මේ amplifier circuit එකේ in-built Bluetooth Circuit එකක් තියෙනවා.ඒ කියන්නේ අපිට පුළුවන් අපේ phone එකෙන් මේ amplifier එකට Bluetooth හරහා connect වෙලා music play කරන්න.මේ circuit එකට අපිට දෙන්න පුළුවන් 10V - 25V අතර DC power supply එකක්.මේ amplifier එකට අදාළ datasheet එක මෙතනින් ගන්න පුළුවන්.


    Speaker

    ස්පීකර් එකෙන් තමයි amplifier එකෙන් දෙන sound සිග්නල් එක , අපිට ඇහෙන විදිහට එලියට දෙන්නේ.මෙතැනදී අපි ගන්න ඕනේ amplifier එකෙන් දෙන output W(වොට්) අගයට වඩා ටිකක් වැඩි W(වොට්) අගයක් තියෙන speaker එකක්.නැත්තන් වෙන්නේ speaker එක වැඩි කල් යන්න කලින් පිච්චෙන එකයි.මෙතැනදී අපේ amplifier එකෙන් එක channel එකකින් 25W විතර අගයක් output කරනවා.එතකොට අපි තෝරාගන්න ඕනේ 25W වලට වඩා වැඩි අගයක් තියෙන speaker එකක්.මෙතැනදී මම අරගෙන තියෙන්නේ 15W - 35W තරම් input එකක් handle කරන්න පුළුවන්
    අගල් 5ක Neodymium Woofer 2ක්.

    Passive Radiator

    passive radiator එකක් කියල කියන්නේ speaker එකක් තමයි එත් එකේ coil එක සහ magnet අයින් කරලා තියෙන්නේ.ඒ කියන්නේ මේකෙන් කිසිම sound එකක් එන්නේ නැහැ.එත් අපි මේක පාවිච්චි කරන්නේ Boombox එකේ ලස්සනට වගේම ප්‍රධාන කරණය වෙන්නේ box එක ඇතුලේ ඇතිවෙන වායු පීඩනය පාලනය කරන්න.මෙතැනදී මම පාවිච්චි කරනවා අගල් 3ක passive radiator 2ක්.

    Power Switch

    කව්රුත් දන්නවා වගේ මේක තියෙන්නේ Boombox එක on/off කරන්න.මෙතැනදී මම පාවිච්චි කරන්නේ on කරද්දී led indicator එකක් තියෙන switch එකක්.

    Voltmeter

    මම මෙතැනදී voltmeter එකක් පාවිච්චි කරන්නේ battery එකේ කොච්චර power එකක් තියෙනවද කියල බලාගන්න.

    DC Power Socket

    මේ power socket එක අපි පාවිච්චි කරන්නේ , battery charge කරගන්න.මෙතැනදී අපි අපේ charger plug එකට ගැලපෙන socket එකක් තෝරාගන්න ඕනේ.මෙතැනදී මම අරන් තියෙන්නේ 5.5 x 2.1MM කියන size එකේ socket එකක්.ඒක තමයි ගොඩක් charger වල පාවිච්චි කරන්නේ.

    DC Boost Converter

    මේ උපකරණයෙන් කරන්නේ පොඩි voltage එකක් ලොකු voltage බවට boost කරන එක වගේම ලොකු voltage එකක් පොඩි voltage එකක් බවට buck කරන එකයි.මෙතැනදී කරන්නේ regulator එකකින් කරන වැඩේමයි , එත් linear regulator එකකට වැඩ කාර්යක්ෂමතාවයෙන් වැඩි , ශක්ති හානිය අඩුයි.මේකේ අපිට අවශ්‍ය output voltage එක සීරුමාරු කරගන්න පුළුවන්.මේක මම මෙතැනදී පාවිච්චි කරන්නේ , battery එකෙන් දෙන voltage එක 20V ප්‍රමාණයට regulate කරලා amplifier එකට දෙනවා.ඒ වගේම charging socket එකෙන් එන voltage එක battery වල voltage එකට සමාන කරලා battery වලට දෙනවා.

    Battery Management System


    මේකෙන් වෙන්නේ , battery සෙට් එක balance කරලා charge කරන එක වගේම battery over-charge වෙන එකෙනුයි , battery over-discharge වෙන එකෙනුයි battery pack එක ආරක්ෂා කරගන්න එක.මෙතැනදී අපි තෝරාගන්න ඕනේ , අපි පාවිච්චි කරන battery ප්‍රමාණයට අනුව ගැලපෙන BMS එකක්.අපිට BMS වර්ග කීපයක්ම ගන්න තියෙනවා. 1s , 2s , 4s , 6s , 10s විදිහට.මෙතැනදී මම අරගත්තේ 6s BMS එකක් , මොකද මම මේ Boombox එකට battery 6ක් බාවිතා කරනවා.

    Plastic Battery Holder

    මම මේ battery holder බාවිතා කරන්නේ battery ටික එකට රදවගන්න.අපිට මේ holder sizes කීපයකින්ම ගන්න පුළුවන්. ඒවා 1 x 1 , 2 x 1 , 3 x 1 විදිහට.

    18650 Li-ion Rechargeable Battery

    මේ Boombox එක ක්‍රියාත්මක කරවන්න මම යොදාගන්නේ , Li-ion rechargeable battery 6ක්.මේ එක battery එකක voltage එක වෙන්නේ 3.7V එත් අපිට මේක 4.2V විතර උපරිම අගයකට charge කරගන්න පුළුවන්.මේ battery අපිට කඩෙන් ගන්න ගියොත් ටිකක් ලොකු වියදමක් යනවා.ඒ වගේම තමයි ebay එකේ තියෙන Chinese battery වල දාල තියෙන
    mAh අගයයන් ඔක්කොම බොරු .අපිට මේ battery ලේසි විදිහකට සහ හොදම battery හොයාගන්න පුළුවන් ලැප්ටොප් battery එකකින්.ලැප්ටොප් battery එකේ plastic cover එක අපි පරිස්සමින් ගලව ගත්තනම් අපිට එක ඇතුලේ මේ Li-ion battery ගන්න පුළුවන්.එක ඇතුලේ සාමාන්යෙන් battery 6ක් විතර තියෙනවා.


    බඩු ගැන විශේෂයෙන් කියන්න තියෙන්නේ ඔය ටික තමයි.අපි දැන් බලමු කොහොමද ඉතුරු වැඩ ටික කරගන්නේ කියල.

    අපි මුලින්ම කරගන්න ඕනේ , අපි කැමති විදිහකට box එක design කරගන්න ඕනේ speaker placement , radiator placement වගේම box එකේ දිග පළල සහ උස.ඊට පස්සේ අපි ඒ design එකේ විදිහට
    box එක හදාගන්න ඕනේ.

    ඊට පස්සේ අපිට තියෙන්නේ ඔක්කොම electronic components ටික එකට එක connect කරගන්න විදිහ.මම පහලින් දාන්නම් wiring diagram එක , ඊට පස්සේ මම එක ගැන විස්තරයක් කරන්නම්.


    picture.php



    මම නම්බර පිළිවෙලට කියන්නම්.


    01.මේ තියෙන්නේ DC Power Socket එක.මේකේ පිටිපස්සෙන්ම තියෙන පින් එක ධන පින් එක වන අතර පහලින් ටිකක් ඉස්සරහට වෙන්න තියෙන පින් එක ඍන පින් එකයි.


    02.මේ තියෙන්නේ DC Boost Converter එක.මේකේ තියෙන preset එක පොඩි ෆ්ලැට් නියනක් ම්ගින් 25V output එකක් දෙන විදිහට හදාගන්න ඕනේ.ඊට පස්සේ මේකේ input එකට
    DC Power Socket එකෙන් එන ධන හා ඍන අග්රයන් වයර් මාර්ගයෙන් සම්බන්ද කරගන්න.මේ DC Boost Converter එක ගැන වැඩි විස්තර පහල වීඩියෝ එක මගින් ඉගෙන ගන්න පුළුවන්.



    03
    .මේ මම දාල තියෙන්නේ Diode එකක් (විද්‍යුත් කපාටයක්) , ඒ battery එකේ ඉදන් voltage එකක්
    Boost Converter එකට එන්නේ නැති වෙන්න.

    04.මේ තියෙන්නේ Battery Management System එක.මෙතැනදී මම අරගෙන තියෙන්නේ 6s BMS එකක් , ඒ කියන්නේ මේකෙන් battery 6ක් manage කරනවා.පහල diagram එකේ පැහැදිලිව battery ටික විරේ කරගන්න හැටි බලාගන්න පුළුවන්.

    s-l500.jpg


    BMS
    එක ගැන වැඩි විස්තර පහල වීඩියෝ එක මගින් ඉගෙන ගන්න පුළුවන්.




    05.මේ තියෙන්නේ battery pack එක , අපි battery ටික Series විදිහට connect කරගන්න ඕනේ වගේම , හැම battery එකේම ධන අග්‍රයෙන් වයර් එකක් එලියට ගන්න ඕනේ BMS එකට connect කරන්න.

    06.මේ තියෙන්නේ switch එක.BMS එකෙන් එන ධන අග්‍රය ඒක පින් එකකට සහ දෙවෙනි
    Boost Converter (08) සහ voltmeter(07) එකේ ධන අග්‍ර switch එකේ අනිත් පින් එකට සම්බන්ද කරගන්න.

    07.මේ තියෙන්නේ led voltmeter එක , මේකේ ධන අග්‍රය switch එකේ එක් අග්‍රයකටත් ඍන අග්‍රය BMS එකේ ඍන අග්රයටත් සම්බන්ද කරගන්න.

    08.මේ තියෙන්නේ දෙවෙනි Boost converter එක
    .මේකේ තියෙන preset එක පොඩි ෆ්ලැට් නියනක් ම්ගින් 20V output එකක් දෙන විදිහට හදාගන්න ඕනේ.ඊට පස්සේ මේකේ ධන output එක amplifier එකේ ධන අග්රයටත් , ඍන output එක amplifier එකේ ඍන අග්රයටත් සම්බන්ද කරගන්න.තව මේකේ ධන input අග්‍රය switch එකේ ඒක පින් එකකටත් input ඍන අග්‍රය BMS එකේ output ඍන අග්‍රයටත් සම්බන්ද කරගන්න.

    09.මේ තියෙන්නේ amplifierඑක , මේකේ speaker line දේකට speaker දෙක , ධන ඍන නිවැරදිව connect කරගන්න.

    දැන් අපිට කරන්න තියෙන්නේ අපි හදාගත්ත ලෑලි පෙට්ටිය ඇතුලට මේ ඔක්කොම components ටික short නොවෙන ආකාරයට අතුරගන්න/සවි කරගන්න.

    මේ පහලින් තියෙන්නේ මම හදපු භාණ්ඩේ , මේකේ තව finishing හදන්න ඕනේ.

    2a8px20.jpg


    imo3ro.jpg


    2ufal45.jpg






    මේ මගේ කලින් ත්‍රෙඩ් ටික.

    [FONT=&quot]
    [/FONT]Arduino Wireless Communication - 01

    Arduino Wireless Communication - 02

    Arduino Shift Registers

    Wireless Home Automation System

    ගෙදර විදුලිය ඉතිරි කරගමු

    RGB L.E.D + Arduino with Acrylic Table Deco

    මම හදපු බ්ලොග් එක

    අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්


    එහෙනං පස්සේ දවසක අලුත් ත්‍රෙඩ් එකකින් මුණ ගැහෙන්නම්.

    කට්ටියටම ජය වේවා.
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    පට්ටයි සහෝ............ අල්ලසක් දෙන්න බෑ කියනවා......
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Sadde kohomada


    සද්දේ හොදයි මචන් , room එකකට ගාන.මොකද දාල තියෙන්නේ පොඩි speaker නෙ.ලොකු speaker දාල , බොෂ් එක ටිකක් ලොකුවට ගැහුවනම් , සුපිරියට සද්දේ තියෙනවා.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මචන් මේකක් හදන්න කියලා බන් ඉන්නේ. මේක හරි යයිද ???




    මමත් ඕව හදන ඒවා දැක්ක , එත් හදල බලල නම් නැහැ බන්.

    මේ පහල තියෙන්නෙත් ඕක ගැන හොදට පැහැදිලිව කියල දෙන වීඩියෝ දෙකක්.